“ඔක්කොම උනේ ඒ office party එකේදිනෙ අනේ. එයා ගිහිල්ලා අරයව කිස් කරන්න. තල්ලු කරලා දාලා හෙන කේස් එකක් උනේ” කියන වගේ කතන්දර අපිට ගොඩක් office parties ඉවර උනාම අහන්න වෙනවනෙ.
ගොඩක් office වල මේ වගේ දේවල් වෙනවා ඉතින්. වෙන්නෙ නැති offices එහෙමත් තියෙනවා හැබැයි ඉතින් මං අද මේ කතාකරන්න යන්නෙ එහෙම වෙන office එකක් ගැන.
ඔෆිස් පාටි එකක් කිව්වාම හැමෝම හිතන්නේ පට්ට නිදහසක්, සින්දු, හොඳ කෑම, ගොඩක් දවස් තිස්සේ වැඩ කරපු ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන් තැනක් කියලානෙ.
හැබැයි ඉතින් ඒක එහෙමම නෑ. සමහර මහත්තුරු ටිකක් ‘වැඩ පෙන්වන්න’ පටන් ගත්ත ගමන් මුළු මූඩ් එකම එකපාරට චේන්ජ් වෙනවා. එතනින් එහාට ඒක විනෝදයක් නෙවෙයි, කොහොම හරි නොමැරී ගෙදර යන්න ඕන සර්වයිවල් ට්‍රිප් එකක් වගේ තමයි දැනෙන්නේ.
බීලා ඉවර වුණාම ‘චරිතෙ’ එළියට එන හැටි
මේක පටන් ගන්නේ හරිම චූටියට. ඔෆිස් එකේදී කවදාවත් අපිත් එක්ක කතා නොකරන, මූණවත් නොබලන අය එකපාරට ‘ෆ්‍රෙන්ඩ්ලි’ වෙන්න පටන් ගන්නවා. ඔෆිස් එකේ සද්ද නැතුව මූණ බිමට හරවගෙන ඉන්න කෙනා, බීම වීදුරුව අතට ගත්ත ගමන් අපේ ළඟම කැරකෙන්න, ඇලෙන්න ගන්නවා. තවත් කෙනෙක් හරිම මහන්සි වෙලා අපිව ‘ඉම්ප්‍රෙස්’ කරන්න බලනවා, හයියෙන් හිනා වෙනවා, නැත්නම් අනවශ්‍ය විදිහටම ළඟට ඇවිත් ඇතිල්ලෙනවා.
මම මෙහෙම කතා කරන්න කිව්වෙත් නෑ, ‘ළඟට එන්න’ කියලා ආරාධනා කළෙත් නෑ. හැබැයි අන්තිමට ඒ හැම ‘ෂෝ’ එකක්ම බාරගන්න වෙන්නේ අපිට.
“මේ මොකද මේ මිනිහා වාත වෙන්න එන්නෙ” කියලා ඉතින් ඒ වෙලාවට හිතෙනවා තමයි.
හැමෝම බලන් ඉන්නවා වගේ දැනෙන අමුතුම ස්ට්‍රෙස් එක
ඒ වෙලාවට ඇත්තටම දැනෙනවා කවුරුහරි අපේ දිහා ඇහැ ගහගෙන ඉන්නවා කියලා. යාළුවෝ එක්ක කතා කර කර හිටියත්, හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා වගේ අන්කම්ෆටබල් ෆීලින් එකක් එන්න පුළුවන්. ඒක හරිම ‘අන්කම්ෆටබල්’. ආවේ සතුටු වෙන්න, හැබැයි දැන් සීසීටීවී කැමරාවක් වගේ හැම තත්පරේම බලන්න ඕන පිටිපස්සෙන් කවුද ඉන්නේ, කවුද අපේ පැත්තට එන්නේ කියලා. කවුද මං ළඟ ඉන්නෙ කියලා.
Double Acting
මේක තමයි අමාරුම චැලේන්ජ් එක.
වැඩියෙන් හිනා වුණොත් කට්ටිය හිතන්න පුළුවන් “මේකිව අල්ලගන්න පුළුවන්” කියලා. මග ඇරලා ගියොත් “මේකිගෙ නම් ලොකු සීන්” කියලා අපිට කියනවා. සද්ද නැතුව හිටියොත් “මෙයා මුකුත් නොකියන්නෙ okay නිසානෙ” කියලා හිතලා එයාලා දිගටම ‘ට්‍රයි’ කරනවා. කේන්තියෙන් කතා කළොත් “අපි මේ විහිලුවක් කරද්දි අනං මනං හිතන්න එපා” වගේ ඔයාගෙ පිටේ වැරැද්ද දාන්න හිතලා එයාලා අමනාප වෙනවා වගේ රඟපානවා.
අපිට වෙන්නේ මූණට බොරුවට හිනා වෙලා, හැබැයි කිසිම බලාපොරොත්තුවක් දෙන්නේ නැති විදිහට, හරිම පරෙස්සමෙන්, “ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු, අපිත් මේ කරන්නෙ විහිලුවක්” වගේ හැසිරෙන්න.
ඔළුවට හරි Stress
මේ වගේ වෙලාවල් වලදි අපේ ඔලුව තියෙන්නෙ ඇත්තටම හරිම කරදර ගොඩකින් පිරිලා.
“මම මොකද දැන් කරන්න ඕන?”, “කාගෙ ළඟින්ද ඉන්න ඕන?”, “තරහා යන්නෙ නැති විදියට මම අරූව මග අරින්නේ කොහොමද?”, “මූ ඒ එන්න හදන්නෙ මොකාටද?” වගේ ඔළුව ඇතුළෙ දාහක් ප්‍රශ්න හිරකරගෙන ඉන්න අපිට සිද්ද වෙනවා.
මේක හරිම මහන්සියක් අරගෙන එන දෙයක් ඔලුවට. හැබැයි එළියට අපි තාමත් නෝමල් විදිහට ඉන්න බව පෙන්නන්න ඕනේ, විහිළුවලට හිනා වෙන්න ඕනේ, කිසි අවුලක් නෑ වගේ රඟපාන්න ඕනේ.
ඇත්ත කතාව: You need to be safe
ප්‍රශ්නය තියෙන්නේ ‘ෆ්ලර්ට්’ කරන එක නෙවෙයි.
ප්‍රශ්නය තියෙන්නේ අපේ සීමාවට ගරු නොකරන එක.
අපිට ඩ්‍රාමා ඕනෙත් නෑ. අනවශ්‍ය අවධානය ඕනෙත් නෑ.
අපිට ඕන කරන්නේ අනික් හැමෝම වගේ පාටි එක එන්ජෝයි කරන්න විතරයි.
හැබැයි අපි මුළු රෑම ගත කරන්නේ අපි ඉල්ලලා ඇඟේ දාගත්තෙ නැති unwanted ප්‍රශ්න ‘මැනේජ්’ කර කර. ඒක හරිම අසාධාරණයි. අපි ආවේ රිලැක්ස් වෙන්න. ඒ වෙනුවට, අපිට වෙලා තියෙන්නේ අපිව ආරක්ෂා කරගෙන, ඊට පස්සේ අපේ ‘රිඇක්ෂන්’ එකෙන් ජොබ් එකට ප්‍රශ්නයක් වෙයිද කියලා බයෙන් ඉන්න වෙන එක.
ගොඩක් අයට තේරෙන්නේ නෑ මේක කොච්චර ‘අන්කම්ෆටබල්’ද කියලා. එයාලා හිතන්නේ “අනේ ඒක පොඩි flirting එකක් විතරනේ කාටවත් හානියක් නෑ” කියලා. හැබැයි එයාලා දකින්නේ නෑ, එකම වෙලාවේ ආරක්ෂිතව ඉන්න, පොලයිට් වෙන්න, ජොබ් එකට ගැලපෙන විදිහට ඉන්න කෙනෙක් දරන ඉමෝෂනල් මහන්සිය කොච්චරද කියන එක.
ආරක්ෂා වෙන්න හදන එක, තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් දෙයක් කරන එක ‘ඕවර් රියැක්ට්’ වීමක් නෙවෙයි.
සීමා තියාගන්න එක “ලොකු සීන් දැමීමක්” නෙවෙයි.
අපිව ආරක්ෂා කරගන්න එක වැරදි නෑ!
මේක ඇත්තටම කාන්තාවන්ට විතරක් නෙවෙයි දැන් කාලෙ වෙද්දි නම් සමහර පිරිමි අයටත් තියෙන ප්‍රශ්නයක්. පාටි වලට ඕන නැති විදියට එක එක්කෙනා ඇඟේ ඇලෙන්න එනවා කියන්නෙ අපි කවුරුවත් ආස දෙයක් නෙවෙයිනෙ. අපි කවුරුවත් ආස නෑ unwanted attention එකකට.
අන්න ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන “අපි අකමැති unwanted attention එක වෙන කෙනෙක්ට දෙන්න අපිට කිසිම අයිතියක් නෑ” කියන එක.










