අංගාර – 64

0
837

 චායා හොර පූසියක මෙන් කාමරයට රිංගා ගන්නා අයුරුත්, ඉන් විනාඩි කිහිපයකට පමණ පසු, සස්මිත පැමින, පැමිණි බවට තමාට ඇමතුමක් ලබා දි නිවසේ පිටුපස ඇති අඹ ගස බංකුවේ හිඳගනු චරක බලා උන්නේය. එම ගමන අද දිනයේ යෑමට අවශ්‍ය නොවන බව පවසූ පසු, එතැනම හිඳගෙන   චායාගේ කාමරය දෙස ඔහු හිස ඔසවා බලමින් ඇමතුමක් ගන්නා ආකාරය  දුටු චරකගේ ඉවසීම අවසන්  වූයේය.

ඔහු සස්මිත දෙසට ඇවිද යන්නට අඩි කිහිපයක්  ඉදිරියට ගියේයෙ. එහෙත්, කලබලවීම තුළ සිදුවන්නේ සියල්ල පැටලී යාම මිසෙක , ප්‍රශ්න විසඳීම නොවන වග ඔහු යලි තමාටම පවසා ගත්තේය. එදින රාත්‍රී ආහාර වේල ට චායා කාමරයෙන් පිටතට නාවේය.

” නංගී .. නංගී … කන්න එනවා…”

චරක පහල සිට උස් හඬින් කෑ ගැසුවේය.

” එයා කාලා කිව්වා ආවා අයියේ ..  තව රෑ වෙලා කන්නම් කිව්වා..  ඔයා කන්න …”

විහඟි අතරමැදට ආවාය. චරක කෝපය පිට කරගන්නට කිසිම මඟක් නැතිව හිස සැලීම පමණක්ම කලේය. එදින රැයේ චරක නින්දට ගියේ හිස තුළ අංගාර වෙතින් නැගුණු මහා ගින්නක් අවුලවාගෙනය.

” මේ ටික දවසට මූ නංගිව දාගත්තා කියන්නේ, මූ ලේසි පහසු එකෙක් වෙන්න බැහැ … නංගී අවූරුදු කීයක් නම් කිසිම සම්බන්ධතාවෙකට යන්නේ නැතිව උන්නාද?… එහෙව් කෙල්ල, මේ ඩ්‍රයිවර් කෙනෙක්ට වහ වැටුනා කියනෙක එකපාරටම විශ්වාස කරන්නේ කොහොමද ?. ඌට යම් රූපයක් තිබුනට, එහෙම එකෙක් නෙවෙයිනේ ඌ.. අනෙක, නංගි කොහොමද අමතක කලේ.. අම්මයි තාත්තයි කීයටවත් එහෙම දේකට කැමති වෙන්නේ නෑ කියලා…”

සස්මිත යමක් සිහවී කාමරයෙන් පිටතට ආවේ විහඟිගේ නින්ද කැඩෙන්නට ඉඩ නොදීය. ඔහු ආරක්ෂිත කැමරා දර්ශන සවි කර ඇති පරිඝණකය පරික්ෂා කලේය. මාස කිහිපයක පටන් පිටුපස ආරක්ෂිත කැමරාව ක්‍රියාවිරහිතව තිබී ඇත.

” ඒ කියන්නේ, මූ මෙහෙ ආවා ගමන්ම නංගී එක්ක මේ සෙල්ලම පටන් අරගෙන තියෙන්නේ…  නංගි පොලිටික්ස් අතෑරලා , එකපාරටම ස්ටුඩියෝ සීන් එක පටන් ගන්නත් මුගේ බලපෑමක්මද වුනේ එතකොට ?… මොකක්ද මේ වෙන්නේ?… විජේසිරි අංකල්ව විශ්වාස කරලා, මොන කුණුගොඩක්ද මේ මම ගේ ඇතුලට දාගත්තෙ…. විජේසිරි අංකලුත් නැතිව ගිහින්, දැන් මේ පටලැවිල්ල මම කොහොමද  බේරගන්නේ ?… විහඟිට නොදැනෙන්න කොහොමද මම මේක විසඳගන්නේ ?.. නංගී එක්ක මූ එච්චරට තදට සෙට්ල්  වෙලා නම්, දැන් මේ වෙද්දී මොන දේවල් වෙලා ඇතිද ?”’

 සස්මිත සහ චායා රැය පහන් කලේ ඇමතුමෙහි සිටිමින්මය. චායාට සස්මිතගේ කාමරයට එන්නට අවැසි වුවත්, සස්මිත ඇයට ඉඩ නොදීම උන්නේය.

” හදිසි වෙලා හැමදේම අවුල් කරගන්නේ නැතුව ඉමු කෙල්ල .. මෙවෙලේ සර් මේක දැනගත්තොත්, මාව මරලා දානවා ඇරෙන්න වෙන දෙයක් කරාවි හිතන්න අමාරුයි .. මං මෙවෙලේ දුර්වල මිනිහෙක් ..”

” හැමවෙලේම එකම කිය කියා කඩාගෙන වැටෙන්නෙපා සස්මිත ..ඔයාට මම ඉන්නවා…. විජේසිරි අංකල් නැතුවට, එයාගේ පවුලේ හැමෝම ඉන්නවා…. ඔයාගේ අම්මලා වුනත්, දවසක තේරුම් ගනී.. ඔයා ඒ හැමදේම කලේ පවුල වෙනුවෙන් කියලා….”

සස්මිත නිරුවත් පපුව පිරිමැදගත්තේය. මුසාවන් පවසා චායාගේ සිත තුල ගෙවුණු වසර දොළහ ගැන වූ කුකුස නැති කලායැයි සැනසෙන්නට නොහැකි බව දැනේ.

” මට තේරෙන්නේ නෑ කොහොමද මේවා විසඳගන්නේ කියලා..”

චරක පසුදින උදෑසන ඔහුගේ  මිතුරකු ඇමතුවේය. ඔහු සතු පෞද්ගලික ආරක්ෂක සේවයේ කිහිප දෙනෙකු අවැසි බව කීවේය. නවාතැන්පලක් පවසා, ඔවුන් එහි නවතා තබන ලෙස කීවේය.

සස්මිත අමතා උදෑසනම  රාජකාරි සඳහා පිටත්ව යා යුතු බවද කීවේය. සස්මිත චායා නින්දෙන් ඇහැරවන්නේ නැතිවම ඇයට කෙටි පණිවිඩයක් තබා පිටත් වූයේය.  

” ගුඩ්මෝනින් සර් …”

සිනාමුසු මුහුණින් මුහුණින් එලෙස පැවසූ සස්මිතට ලැබුනේ හිස සැලීමක් පමණි. සස්මිත එවෙලෙහි එය එතරම් තැකුවේ නැත. චරක යා යුතු ස්තානය පැවසුවේය. එය මින් පෙර නිතර දෙවේලේ ගිය තැනක් නොවූවද, සස්මිතට එහි වගක් වූයේ නැත.

විශාල ගේට්ටුවක් තුළින් වාහනය ඇතුලු කෙරූ පසු රෝලර් ගේට්ටුව වැසී යනු සස්මිත දුටුවේය. ඔහු වාහනය නැවැත්වූයේය.

” පිටිපස්සේ සීට් එකේ තියෙන ෆයිල් ටික ඇතුලට අරගෙන වරෙං ..”

චරක සස්මිතට එලෙස පවසා ඉස්සර වූයේය. සස්මිත අසුනේ වු ෆයිල් මිටියද රැගෙන චරක පසුපසින් ගියේය. සස්මිතට ඉඩ ලැබුණේ ප්‍රධාන දොරෙන් ඇතුලු වෙන්නට පමණී. ඔහුගේ හිස වැහෙන්නට කලු රෙද්දක් වැටුනේය. සිතාගන්නටවත් ඉඩක් නොදී, දෑත් පිටුපසට ගැට ගැසුනේය. සස්මිත හඬ නඟන්නට උත්සාහ කලද, නැගුනේ වේදනාත්මක කෙඳිරියක් පමණි. කිසිවෙකු සස්මිතගේ පිටුපස දෙපා වෙතද වේගවත් පහරක් එල්ල කලේය.

සස්මිත කුමක් සිදුවූයේදැයි සිතාගන්නටත් පෙර ඔහු ඇදගෙන ගොස් අසුනකට තබා දෑත් දෙපා ගැට ගැසුනේය. සස්මිත මිදෙන්නට උත්සාහ කරන වාරයක් ගානේ ඔහුට පහරක් වැදුණේය. ඉන් පසුව ඇසුණු හඬින් සස්මිතගෙ ගත අප්‍රාණිකව ගියේය.

” ඔය රෙද්ද අයින් කරපං …. එලියට ගාර්ඩ් එක දාපං …”

” එව්වා හරි සර් ..”

එක්වරම සස්මිතට අවට පෙනුනේය. තමා ඉදිරියේ සිටින්නෙ චරක බවත්, කළු හැඳගත් පිරිමි හය දෙනෙකු පමණ පෙනෙන සීමාවේ සිටින බවත් සස්මිත ඒ සැනින් දුටුවේය. චරක කෙරෙන් සස්මිත දුටුවේ මින් පෙර කිසිදිනෙක දැක නොතිබුණු ස්වරූපයකි. ඔහු යක්ශයෙකු වී උන්නේය.

” ස..ර් ..”

සස්මිත මෙලෙසින් සිදුවන්නේ ඇයිදැයි සිතන්නටව්ටහ් උත්සාහ නොකරම එලෙසින් පැවසූ ඇසිල්ලේම හිස පසෙකට ඇලව යන තරමේ වේගවත් අතුල් පහරක් ඔහුගේ කොපුල හරහා වැදුනේය. සස්මිත හිස කෙලින් කරගත්තේ, සියල්ල අවසන්ව යන බව වටහා ගනිමිනි. චරක යමක් දැනගෙන ඇති බව සස්මිත ඉන්තේරුවෙන්ම වටහා ගත්තේය.  

ඉන් පසුව සස්මිත කිසිත් විමසුවේ නැත.

” එලියෙන් හිටපං .. මං කතා කරන්නම් …”

චරක ආමරය තුල තැනින් තැන උන් කලු හැඳගත් පිරිසට කීවේය. ඔවුන් ඔහුට අවනතව පිටව ගියෝය.

චරක සස්මිත දෙස බලා සරදම් සිනහවක් පෑවේය ඉන් සස්මිත ගොඩ නඟා ගන්නට උත්සාහ කරමින් උන් ධෛර්‍යයද බින්දුව දක්වාම ක්ෂයව ගියේය.

” උඹට රස්සාවක් දීලා, ඉන්න හිටින්න දීලා, කන්න බොන්නත් දුන්නම, උඹ මට මෙහෙමයි කරන්නේ නේ??..”

චරකගේ හඬෙහි වූයේ සීතල අයිස් වැනි බවකි. ඔහු ඉවසීමෙන් සිටින බව පෙනුනේය. තමා මින් ඉදිරියට පැවසිය යුත්තේ කුමක්දැයි චරකට වැටහුනේම නැත.

ඒත් සමඟම චරකගේ ජංගම දුරකතනය නාද  විය.

” මචං .. මං උඹට ඩීටේල්ස් වගයක් දාලා ඇති, මට උගේ අම්මා අප්පාගේ ඉඳන් විස්තර ඕනි.. පහුගිය කාලේ කරපු කියපු දේවල් එක්කම … පුලුවන් ඉක්මනින් ඕනි ..”

ඔහු ඒ ඇමතුමට එලෙස පවසනු ඇසෙද්දී සස්මිතහිස පහලටම නැඹුරු කරගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here