අංගාර – 65

0
511

” මචං .. මං උඹට ඩීටේල්ස් වගයක් දාලා ඇති, මට උගේ අම්මා අප්පාගේ ඉඳන් විස්තර ඕනි.. පහුගිය කාලේ කරපු කියපු දේවල් එක්කම … පුලුවන් ඉක්මනින් ඕනි ..”

ඔහු ඒ ඇමතුමට එලෙස පවසනු ඇසෙද්දී සස්මිත හිස පහලටම නැඹුරු කරගත්තේය.ෙහ්හෙත් ඔහුට එලෙසින් සිටින්නට ඉඩ ලැබුනේ නැත. චරක සස්මිතගේ නිකටෙන් අල්ලා ඔහුගේ හිස තම මානයට වන සේ කෙලින් කලේය.

” උඹ හිතාගෙන ඉන්නේ මම පො^%** කියලාද බල්ලෝ ?.. මගේ ගෙදර ඉඳන් මගේම නංගිව අල්ලගන්න උඹට කොහෙන් ආව හයියක්ද ?….”

චරක විමසුවේ සස්මිතගේ නිකට මිරිකා හරිමිනි. සස්මිත සියල්ල අවසන් බව වටහා ගත්තේය. මරණය වුව ලැබෙනවා නම්, එය පිළිගැනීම මිසෙක සටන් කරන්නට හෝ ඉඩක් නොලැබෙන අබ්වද ඔහු වටහා ගත්තේය.

” කතා කරපං ..කවුද උඹ…? අර විජේසිරි කියන එකා උඹව මගේ ළඟට එව්වේ මොන ප්ලෑන් එකකටද ?..”

” අංකල්ව ගාවගන්නෙපා සර් … “

සස්මිත දැඩි හඬින් පවසද්දී, යළි ඔහුගේ හිස පසෙකට ඇලව යන වේගයෙන් අතුල් පහරක් වැදුනේය.

” ගාවගන්න උන් කවුද, නැති උන් කවුද කියලා තීරණය කරන්නේ මමයි බල්ලෝ … මමයි .. තෝ මට ඔපීනියන් දෙන්න එන්නේ නැතුව, අහන එකට උත්තර දීපං .. හොඳට මතක තියාගනින්.. මෙතනින් ඉස්සරහට තෝ මරලා හංගනවා මම , මට කොලේ වහන්න ආවොත් …”

” චායා සර්ට සමාව දෙන එකක් නෑ ඒකට නම් … කවදාවත් …”

ලැබෙන්නේ මරණය නම්, හැකි උපරිමයෙන් සටන් වැදීම කම් නැතැයි සිතමින් මෙන් සස්මිත එලෙස කීවේ, චරකගේ කෝපය අවුස්සවාලමිනි. චරක අසුනෙන් නැගිට සස්මිත වෙත නැඹුරුවී ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා, ගෙල සිර කරගත්තේය

” තෝ කොහොමද යකෝ මගේ නංගිගේ නමවත් කියන්නේ?… තෝ වගේ හිඟන්නෙක් කොහොමද මගේ නංගිගේ නම කියන්නේ?…”

සස්මිත අපහසුවෙන් සිනාසුණේය. ඒත් සමඟම සස්මිතගේ ජංගම දුරකතනය නාද විය. චරක වහා සස්මිතගේ කලිසම් සාක්කුවෙන් එය ගත්තේය. එහි වූයෙ සස්මිත සහ චායා එක්ව ගත් සේයාරුවකි. තුම චායාගෙන් විය.  චරක සස්මිතට තර්ජනය කලේය.

” මම ස්පීකර් දානවා.. වෙනසක් නැතුව කතා කරපං .. එහෙම නොවෙන්න, චායාට මගෙන් උඹට හිතාගන්න ඹැරි පනිශ්මන්ට් එකක් ලැබෙනවා.. දෙය්යන්ගේ නාමෙන් මම දිවුරලා කියන්නේ .. ඒකි ට මම අමතක නොවෙන පාඩමක් උගන්නවා මා එක්ක හැප්පෙන්න ආවොත් …”

සස්මිත හිසසැලුවේය. තමා වෙනුවෙන් ඇය ලෝකයක් සමගම සටන් කරන බවට සැක නැත. එහෙත්, මේ වේලාව නොවේය. තමා සිටින්නේ අඩපණවය.

” හෙලෝ .. සුදු මහත්තයා..ගුඩ්මෝර්නිනින්…”

චරක දෑත් මිට මොලවාගත්තේය. සස්මිත චරක දෙස නොබලා ජංගම දුරකතනය දෙසම බලාගෙන පිළිතුරු දුන්නේය.

” ගුඩ්මෝර්නින් කෙල්ල …”

” මොකෝ කලබලෙන් ?..”

” වැඩනේ ඉතින් …”

” අයියා ඉන්නවාද ?.”

” දැන් මෙතන නැහැ…”

” අදත් කොහෙ හරි ගිහින් එමුද සස්මිත ..පැයකට හරි .. මගේ ශූට් එක අද පානදුර තියෙන්නේ.. හය හමාර වගේ වෙයි ඉවර වෙද්දී ..”

සස්මිතට චරක දෙස නොබලා සිටින්නට හැකි වූයේ නැත. චරකගේ වත කලුව ගොස් තිබුණි. දෑස් වලින් ගිණි පිටවෙමින් තිබුණි.

” සස්මිත ..”

” බැරි වෙයි කෙල්ල .. අද ටයිට් ශෙඩූල් එකක් තියෙන්නේ ..”
” එහෙනම් රෑ වෙලා මාව රූම් එකට ගන්නවද ?… විනාඩි දහයකට හරි ..”

” කෙල්ල …”

“බය වෙන්න දෙයක් නෑ..මං කිව්වානේ මම පිටිපස්සේ කැමර් එක ඕෆ් කරලාතියෙන්නේ .. අනෙක අපේ එහෙම  කැමරා චෙක් කරන්නේ නෑ අයියා … හා කියන්නකෝ ..”

” හා…”

සස්මිත කතාව නැවතීමට අවශ්‍ය නිසා එලෙසින් කීවේය. එහෙත් චායා කිරිල්ලියක සේ කියෙව්වාය. ගෙවුණු දවසේ යම් කුඩා සිදුවීම් කියෙව්වාය.

” ෆ්‍රී උනාම ගන්න එහෙනම් හොඳේ.. ආදරෙයි ඔයාට … අමතක කරන්නෙප.මුලු ලෝකෙම ඔයාට විරුද්ධ වුනත්, මම ඔයා එක්ක ඉන්නවා.. සත්තයි …”

සස්මිත කෙල පිඬක් ගිල්ලේය. චායාට ද පරෙස්සමින් වැඩ කරගන්නා ලෙස කීවේය. චරක ඇමතුම විසන්ධි කර දුරකතනය තම සාක්කුවටම දමා ගත්තේය. ඉන් පසුව ඔහුගේ කෝපය සස්මිත පිටින් පුපුරා ගියේය. සස්මිත කෙරෙන් නැගුණු වේදනාත්මක අහ්ඬට කාමරයෙන් පිටත උන් කිහිපදෙනෙක්ද කාමරයට එබුණෝය. ඔවුන් චරකව නැවැත්වූවෝය.

” එපා සර්.. වෙන්න දෙයක් තියෙනවා නම් අපිට කියන්න සර් ..අපි කරන්නම් . සර් අත්වල මේවා ගාවගත්තම ප්‍රශ්න නේ ….”

” මරන්නෝනි මූව. ඒත් ඊට කලින් විසඳගන්න දේවල් ටිකක් තියෙනවා.. යතුර අරන් වරෙං … මම එනකල් මූව බලාගනින් …. කනන් දෙන්නෙපා… මං එනකොට, මූ මට උත්තර දෙන්න ළෑස්ති වෙලා ඉන්නෝනා…”

ඔවුන් හිස සැලුවෝය.

සස්මිත අසීරුවෙන් හිස කෙලින් කරගන්නට උත්සාහ කලේය. කුසට වැදුණු සපත්තු පහරවල වේදනාව දැඩිව දැනේ. දෑත් පිටුපසට ඇද තබා ඇති වේදනාවද දරාගන්නට නොහැක.

” අයියා මාව මරලා දැම්මොත්, ඒක කවදාවත් ඔයා දැනගන්නෝන් නෑ කෙල්ල …”

සස්මිත සිතුවේය. අම්මාගේද, තාත්තාගේද, අක්කාගේද ස්වරූප සිහිව ආවේය. ඔවුන්ද දිනෙක තමාට වෛර නොකර සිටිනු ඇතැයි සිතුවේය.

” ඒත්, ඔය වෛරය එක්කම ජීවත් වෙන්න අම්මේ… මාව ඔහොම පිළිකුල් කර කරම ජීවත් වෙන්න .. ඒකෙන් ඕගොල්ලන්ට සැනසීමක් දැනේවි .. එහෙම නොවෙන්න, මං දන්නවා මේ දේවල් ඔයාලට දරාගන්න ලේසි වෙන්නේ නෑ .. මාසෙකට පාරක් මම ගන්න කෝල් එකටවත් වචන දෙකක් කතා නොකර ඉන්න තරම් මාව අතෑරලා දැම්මා කියන වේදනාව ඔයාල විඳින්න එපා… මේක මගේ තෝරගැනීම .. චරක මාව අතාරින්නේ නෑ.. ඌ ඇත්ත දැනගන්නේත් නෑ….”

සස්මිත හිස පසෙකින් අනෙක් පසටත් යලි අනෙක් පසටත් හරවමින් වේදනාව දුරැර ගන්නට උත්සාහ කරන අතරේ සිතුවේය.

සස්මිත අමාත්‍යාංශයේ කටයුතු වෙනුවෙන් පැය දෙකක් වෙන් කලේය. මග හැර ගන්නට බිඳක්වත් ඉඩ නොතිබුණ නිසාම ඔහු එම කටයුතු වලට  උපරිම අවධානයද දුන්නේය. චායා නිවසෙහි තබා ගන්නයැයි අම්මාට කියන්නට සිතුනද, තවම දුම් පවා නති ගින්නක් අවුලවාලීම කල යුතු බව සිතා නැවතුනේය.

ඉන් පසුව චරක රහස් පොලිස් මිතුරා  හමුවන්නට ගියේය. ඔහුගේ පෞද්ගලික නවාතැන්පොලට වී මිතුරා පැමිනෙන තුරු පැය කිහිපයක්ම බලා සිටින්නට චරකට සිදු වුනේය.

ඒ අතර වාරයේ විහඟිගේ ඇමතුමක් සමඟද මද වේලාවක් රැඳෙන්නට සිදු වූයේය. සිතෙහි වූ නොසන්සුන්කම නිසාම, එම තුම අවසන් වූයේද සිත් රිදවාගැනීම් සමගිනි විහඟි දැන් දැන් චරකගේ අවධානය වැඩියෙන් ඉල්ලා සිටින්නේය. එලෙස තිබියදී චරක ඇයට කෙටි පිළිතුරු දුන්නේ , හැකි ඉක්මනින් ඇමතුම විසන්ධි කරන්නට අවශ්‍ය  නිසාය.

” ඔයාට මාව කරදරයක් නම් කියන්න අයියේ .. ඔයා වැඩ නෑ කීව නිසානේ මම කතා කලේ.. එහෙම කතා කලහමත් හාං, හූම් ගානවා විතරයි ..”

ඕ එලෙස පවසා ඇමතුම විසන්ධි කලාය. චරක පෙරලා ඇයට ගත්තේද නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here