චරකගේ මිතුරා චරක ඉදිරියේ හිඳගත්තේ යම් බැරෑරුම් මුහුනක් සමඟය. චරක කිසිත් නොවිමසා බල උන්නේය.
” මේක ටිකක් ලිහාගන්න කල් ඕනි කේස් එකක් චරා .. උඹ ඊයේ ඩීටේල් එවපු වෙලේ ඉඳන් මම මේ සීන් එකේ හිටියේ..”
” හරි උඹ කල් ගනින් .. මට දැනට ප්‍රොග්‍රෙස් එකක් දියං .. උඹට කෑශ් ඕනි නම් මට කියපං … මිනිස්සු දම්මවලා, සල්ලි වියදම් කරලා කරපං ..”
” හරි *&6 … සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ .. මේ නූල් බෝලයක් වගේ කතාවක් තියෙන්නේ.. මේක ලිහාගන්නයි ඕනි …”
” හරි … දැනට කියපං ..”
මිතුරා චරකට සන් කර නවාතැන තුලට ගොස් බියර් බෝතල් සහ තවත් ආහාර ඇසුරුම් පැකට්ටු රැගෙන ආවේය.
” හාර්ඩ් ඕනිද ?..”
” එපා බං .. මට දැනටම වැදිලා වගේ ඉන්නේ..”
” මචං මේ කොල්ලා සස්මිත දෙව්මිත් පරණගම ..අඟුණකොලපැලැස්සේ .. තංගල්ල හොස්පිට්ල් එකේ ඉපදිලා තියෙන්නේ.. මේ අම්මා , තාත්තාගේ විස්තර .. මේ බර්ත් සෙර්ටිෆිකේට් එක.. අක්කා කෙනෙක් ඉන්නවා.. දැනට මචං .උන් කවුරුත් ලංකාවේ ණැහැ.. අක්කට අසනීපයක් තිබිලා තියෙනවා…”
මිතුරා බියර් කෑනය විවෘත කරන අතරේ චරක ලිපි ගොනු ෆයිලය අතට ගෙන පෙරලුවේය. එහි වූ තොරතුරු බැලුවේය.
” මහානාගේ ඉස්කෝලේ ගිහින්.. ඒලෙවල්කරලා ටියෙන්නේ හුංගම විජයබා එකෙන් …. තාත්තා කුඹුරු කරල තියෙනවා අඳේට… තාත්තාගේ සහෝදරයෙක් ඉඩම් ප්‍රශ්නයක් හින්දා මරලා තියෙනවා තව සහෝදරයෙක්ම .. ඒකෙන් මුගේ සීයත් පැරලයිස් වෙලා මැරිලා… මුන්ට ඉඩකඩම් තිබිල නැහැ.. හැබැයි ඉඩකඩම් වල නඩු වලට මුගේ තාත්තා නඩු කියලා තියෙනවා……”
මිතුරා එලෙස පවසා නැවතුණේය. චරක ලිපිගොනි ෆයිලය හැරවීම නැවැත්වූයේය.
” කොල්ලා කොලඹ කැම්පස් එකේ ආර්ට් එකේ උඹලෑ නඟිගේ බැජ් එකේ චරා… උඹේ වයිෆ් විහඟි, මූ නංගි එකටම ඉඳලා තියෙනවා….”
” වට් ?…”
” බලපං ඕකේ යටම තියෙන ෆොටෝ ටික .. “
චරක වහා ෆයිල් කවරයේ පිටුපසට පෙරලුවේය. ඔහුගේ හිස යළි පෙර කිසිදිනෙක නොවූ තරමින් ගිණි ගත්තේය. එලෙස නම්, ඇයද මේ සියල්ල දැන සිටින්නට ඇත. ඇය සස්මිත පිළිබඳව යම් උනන්දුවකින් කතා බස් කෙරූ කිහිප වතාවක්ම චරකට සිහිව ආවේය.
” ඒ වගේම, උඹලෑ නංගි එක්ක මුගේ ටිකක් තද රිලේෂන්ශිප් එක්ක තිබිලා තියෙනව.අ. මම කියන්නේ මේ කැම්පස් ඉන්නකොට …”
චරක මිතුරා දෙස බැලුවේය. ඉන් පසුව ෆයිල් කවරයේ වූ සේයාරුවන් කිහිපය දෙස බැලුවේය. තමා අන්ධයෙකු සේ සිට ඇත. සියලු දෙනා එක්ව තමා මුලා කර ඇති බව පැහැදිලිය. චායා සහ සස්මිත පිළිබඳව දැනුන කෝපය ඉක්මවන කෝපයක් ඔහුට විහඟි පිලිබඳව දැනෙන්නට ගෙන තිබුණි. තමා ඇය වෙනුවෙන් දක්වන අප්‍රමාන සෙනෙහස සහ විශ්වසනීය බවද ඉක්මවමින් ඇය තෝරාගෙන ඇත්තේ තමාට ද්‍රෝහි වීමය.
” චරා…”
චරකගේ අස්වාභාවික ස්වරූපය හමුවේ මිතුරා මදක් උස් හඩින් ඇමතුවේය. චරක හිස සලමින් තමා අසා සිටින බව පෙන්වූයේය.
” මේ අවුරුදු දොලහක, පහලවක විතර ඉඳන් එන කතාවක් බං … ඒ හින්දා අපි මේක සිහිකල්පනාවෙන් හැන්ඩ්ල් කරගන්නෝනා..”
” හරි කියපං..”
” කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේදි ඩ්‍රග් කේස් එකකට මූව මාට්ටු වෙලා තියෙනවා… ටිකක් සීරියස් කේස් එකකට …. එතනින් පස්සේ අවුරුදු දොළහකට ඇරෙස්ට් කරලා… මූ අවුරුදු දහයෙන් රිලීස් වෙලා.. ඔය විජේසිරි කියලා උඹ කීව කෙනා තමා මූව හොයලා බලලා තියෙන්නේ… රිලීස් වුනාම ඉඳලා තියෙන්නෙත් උගේ ගෙදර … පස්සේ මූ කලුතර පැත්තේ ලෑන්ඩ් එකක් අරගෙන වවලා තියෙනවා….අවුරුදු දෙකක්ම වගේ.. ඉන් පස්සේ තමය් උඹට ප්ලග් වෙලා තියෙන්නේ…..”
” එතකොට අසේලයාගේ ඇක්සිඩන්ට් එක?..”
” මූව මෙතනට පටලවන්න එහෙම දෙයක් කරාද කියන සැකේ මටත් තියෙනවා.. ඒත් ඒක තවම කන්ෆර්ම් කරගන්න විදියක් නැහැ බං.. අංක එක විජේසිරි කියන එකා මැරිලා.. අංක දෙක, විජේසිරිගේ ගෙදර උන් මේ ගැන දන්නේ නැති බවක් තමයි පේන්නේ?..”
” උඹ උන්ව ගත්තද ?..”
” නෑ… විජේසිරි ගේ බිස්නස් ප්‍රශ්න වගයක් සම්බන්ධව කියලා මම දෙන්නෙක් යැව්වා.. උන් සස්මිත කියන එකාට හිතවත් … ඒ විජේසිරිගේ යාලුවෙක්ගේ පොඩි පුතා කියන තැන ඉඳන්… කොටින්ම කතා බහෙන් තේරුණේ උන් ඌ හිරේ උන්න කතාවත් දන්නේ නැති විදියට .. අපි එතන සස්මිත හයිලයිට් කරලා ක්වෙශන් කලේ නෑ.. මොකද එහෙම වුනානම් උන් මූට පොඩි හින්ට් දෙන්නත් තිබුණානේ…”
” විජේසිරිව මට කොහොමත් ශුවර් එක්ක තිබ්බෙ නෑ..ඌ මට පෙන්නපු හෙන කෙයාරින් ලව් එක මට කොයි වෙලෙත් සැකේටමයි පෙනුනේ…”
” උඹ එහෙම කිව්ව හින්දම, මම දෙපාරක්ම ඕක පස්සේ ගියානේ බං.. එහෙම මුකුත් අවුලක් අහු වුනේම නෑනේ ..”
” ඌ කපටි නරියෙක් බං …”
” හරි … දැන් ඒවගෙන් වැඩක් නෑ ..කෝ කොල්ලා..”
” මම පිළියන්දල , අපේ එකෙක්ගේ පොට් එකකට දැම්මා.. එතන සෙට් එකක් ඉන්නවා…”
” මොකක්ද ඌ කියන්නේ?.”
” එහෙම කියන්න තරම් දෙයක් මම ඇහුවේ නෑ බං .. මට ඌව දකිනකොට මරලා දාන්න හිතෙනවා..”
” පිස්සෙක් වෙන්නෙපා බං.. මේක හීන් නූලෙන් කරන්න ඕනි ගේමක්.. එක පැත්තක ඉන්නේ උඹේ නංගී …”
චරක යළි නිහඬ වූයේය. විහඟිද තමාට ද්‍රෝහි වූ බව සැනින් සිහිපත් වූයේය.
” මට ලොකේෂන් එක දාපං .. මං එන්නම් රෑට ..”
” කීයටද ?..”
” අද තව මිෂන් එකක් තියෙනවා.. දොළහෙන් මෙහා එන්නම් …”
චරක හිස සැළුවේය.
” උඹ දැන් ගෙදර පලයං .. කොයි දේ වුනත් තව ඉවසපං .. විහගි එක්ක වුනත්, මේක ගැන කියවගන්න යන්නෙපා.. ඒකි ඉන්න සිටුවේෂන් එක නිතරම ඇනලයිස් කරලා උඹව කන්ට්‍රෝල් කරගනින් … අනෙක, චායා මේ සිධ්ඩිය ගැන දැණගන්න එක පහු වෙන තරමට අපිට මේක ලිහාගන්න පුලුවන්..අපිට උපරිම වෙලා තියෙන්නේ හෙට උදේ වෙනකල්.. උදේ වෙනකල් අරූ ෆෝන් ආස්සර් නොකර ඉන්නකොට, අනිවාර්‍යෙන්ම චායා උඹව ටෝක් කරන්න ගන්නවා…”
” දැනටත් කෝල් පහ හයක් ආවා..”
” ඒක තමයි .. ෆෝන් එක ඔන් එකේම තියාගනින්.. ගෙදර යනවා නම් සැලකිල්ලෙන් තියාගනින් ..”
” හරි බං ..”
” උඹට ඩ්‍රයිවර් කෙනෙක් සෙට් කරලා දෙන්නද මම …..?..”
” එපා ..මෙහෙමම අදින්නම් ..”
” පිස්සෙක් වෙන්නෙපා .. කල්පනාවෙන් හිටපං .. අඩුම දැන් අපි සීන් එක දන්නවානේ…'”
” මුං දෙන්නා මේක කොච්චරක් දුර ගෙනිහිල්ලාද කියලා මට හිතාගන්න බෑ බං.. මං කරගත්ත දේවල්ම ඒ විදියෙන් සිද්ද වුනොත් අම්මා මැරේවි..”
මිතුරා ඒ හා සම්බන්ධව සොයාගත් තොරතුරු පැවසීම පසෙකට දැම්මේය.


