අංගාර – 67

0
872

සිහියෙන් සිටිනවායැයි සිතමින් චරක  නිවස වෙතම කැබ් රිය ධාවනය කලේය. චායා නිවසේ නොමැති බව ඔහු දැනගත්තේය. ඔහු අම්මාද මඟ හැර කාමරය වෙත ගියේය. විහඟි උන්නේ ජංගම දුරකතනයේ යමක් කරමිනි. ඕ චරක දුටු වහාම කුසට අතක් තබාගෙන නැගිට්ටාය. ඔහු දෙස බලා හිඳ , විමසිලිමත් ලෙසින් බැල්ම වෙනස් කලාය.

” ඇයි අයියේ ?.. අසනීපෙන්ද ?..”

මිතුරාගේ සිහිකැඳවීම යලි සිහියට ගෙන ජංගම දුරකතනය පසෙක තබා චරක විහඟි මඟ හැර නාන කාමරය තුලට රිංගා ගත්තේය. සස්මිතගේ ජංගම දුරකතනය කැබ් කැබිනයේ බවස් ඉහිපත් කරගෙන, එය ගත යුතු බව සිතුවේය.  ඔහු නාන බේසම තුලට වී සෑහෙන්න වෙලාවක් ගෙවා දැමුවේය. නංගී සරසවි කාමයේ ප්‍රේම සම්බන්ධතාවයක පැටලී උන් වගක්වත් තම මතකයේ නැති බව සිතුවේය. ඇය උන්නේම එවැන්නක් නොමැති ලෙසින් ය.

” ගෙදර ඉඳන් වාහනේ යන්න කියද්දී, කියද්දි කැම්පස් ජීවිතේ එන්ජෝයි කරන්නෝනා කිය කියා ඒක අස්සේම ලැග්ගේ ඕක තමයි .. මේකිත් හෙමිජ්ජි වගේ ඉඳගෙන ඔක්කොටම උදවු කර කර ඉන්නැති .. ඒ කාලේ කමක් ණෑ කියමු .. ඒත් මේ අවුරුදු  ගානකට පස්සේ මූ එකපාරටම ආවට පස්සේ, මෙහෙම මිනිහෙක් දන්නේ නැති ගානටනේ මුන් දෙන්නම මට කොලේ වැහුවේ.. චායා කොහොම වුනත් විහඟි කල දේ … කොහොමද ඒක අවුලක් ණෑ කියලා මම හිත හදාගන්නේ.. ඒකි දැන දැනම මාව රැවැට්ටුවා.. අඩුම මම මේක කවදමහරි දැනගන්නවය. ඒ දැනගන්න දවසට මට මූන දෙන්නෙ කොහොමද කියලා හිතන්න තිබ්බා මේකිට .. ඒ මොකවත්ම නොකර, සැලසුම් කරලම නිහඬව උන්නා… ඌ එක්ක එහෙ මෙහෙ කි පාරක් නම් ගියාද ?.. චායාගේ වැඩවලට ඌව දෙන්න කියලා මට කිව්වා.. අන්තිමේදි මෙතන බූරුවාගේ පාර්ට් එක මම කරලා තියෙන්නේ ..”

විහඟි චරකට  කෝපි කෝප්පයක් සකසාගෙන කාමරය තුලට ආවේත් , චරක නාන කාමරයෙන් පිටතට ආවේත් එකම මොහොතේය ඔහු උන්නේ තෙත හිසකේ සමගය. විහඟි නෝක්කාඩුවක් මවාගත්තාය.

” ඔය තෙත පිටින් ඉන්නෙපා අයියේ … එන්න කොණ්ඩේ පිහිදන්න .. අසනීප වෙන්නද ඕනි /?…”

චරකගේ ඉවසීම කැඩී ගියේය.

” මැරිච්ච මිනිහෙක්ගෙන් ආයේ අසනිප ගැන අහන්න දෙයක් නෑ.. උඹලා දෙන්නා එකතු වෙලා මාව මරලා දාලා ඉවරයි .. ආයේ ඒ හින්දා මගේ පරෙස්සම , දුක, වේදනාව ගැන හොයන්න අහන්න එන්න ඕනි නෑ..”

විහඟි එක් අතකින් මේසයට බර වී චරකගේ වචන වල අර්තය කුමක්දැයි සිතුවාය. ඔහුගේ මුහුනේ ඇති ප්‍රශ්නාර්තමය සහ යම් කලකිරීමේ ස්වභාවය ඕ එවර එක්වරම කියවා ගත්තාය. ඔහුගේ හඬ තුල ඇත්තේද  බලාපොරොත්තු සිඳී  ගිය බවකි. විහඟි ඉදිරියේම තුවාය බිම දැමූ චරක, කෙටි කලිසමක් ගත ලාගෙන ජනේලයෙන් පිටත බලා උන්නේය.

” දෙයියනේ.. අයියා සස්මිත ගැන දැනගෙනද ?..”

එක්වරම විහඟිගේ යටි සිත පණිවිඩය සකසා දුන්නේය. විහඟි එතැනම වූ කුෂන් පුටුවේ හිඳගත්තාය.

” කතා කරන්නවත් වචන එන්නේ නෑ නේද ?…”

චරක ආපස්සට නොහැරීම විමසද්දී, විහඟි සියල්ල වටහා ගත්තාය. ඕ තෙත් වෙමින් තිබූ නෙත් පිසදා ගෙන , චරක වෙනුවෙන් පවසන්නට යමක් කල්පනා කලාය.

” ආතක් පාතක් නැති ගෑණු රෙද්ද අස්සේ දාගෙන , ලොකු කරගත්තම මෙහෙම වෙනවා කියලා අහලා තිබුනට, මටම ඒක වේවි කියලා හිතුවේ නෑ ….”

චරක මහා බර අවි ඉලක්ක කලේය. විහඟිට දරා සිටින්නට හැකි වූයේ නැත. චරක මේ පවසන්නේ සැබැවින්ම ඔහුගේ සිතෙහි ඇති දේ නම් …

” මගේ නංගිගේ ජීවිතේ කාලකණ්ණි වෙන්න ඇරියම මේ හැමදේම තමුසේගේ කියලා හිතාගෙනද ඕයි, නඟි අර බල්ලා එක්ක ගුබ්බෑයම් අස්සේ රිංගන එව්වා මගෙන් හැංගුවේ…”

එක්වරම ආපස්සට හැරී ආ චරක , මහ හඬින් කාමරයේ දොර වසා දමා විහඟිගේ දෙකොපුලින් අල්ලා  මිරිකා දමා ඇසුවේය. ඇගේ නෙතඟින් කඳුලු ගලා ගියා පමණය.

” නවත්තගනින් ඕයි ඔය බොරු කඳුලු පෙරිල්ල …  ආතක් පාතක් නැති එකෙක් ඌ .. දන්නවද ඌ  ඩ්‍රග් ඩීල් කරලා අවුරුදු දහයක් හිරේ ඉඳපු එකෙක් .. එහෙව් එකෙක් අර විජේසිරි කියන එකා එක්ක එකතු වෙලා ගහන ගේමක් මේ .. එහෙව් ගේමක මාව හිර කලා යකෝ තොපි දෙන්නව … “

ඔහු පසෙකට වී හිසකේ වේගයෙන් දමා ගැසුවේය. ඉන් පසුව, අඩි බිම හප්පා කෑ ගැසුවේය. විහඟි උස් හඬින් ඇඬුවාය. චරක විහඟි වෙත වේගවත් අඩි කිහිපයකින් ඇවිද  ගියේය. ඇගේ මුවෙන් හඬ පිට නොවන්නට මිරිකා ගත්තේය.

” මැරුම් කන්නේ නැතුව අඬන එක නවත්තගනින් ..උඹ මොකටද අඬන්නේ?… උඹ මොකටද අඬන්නේ?… මම එපාය යකෝ අඬන්න …  මම එපාය අඬන්න … උඹලා එකතු වෙලා මාව බූරුවා කරලා ..”

” නෑ අයියේ … නෑ ..අහන්න අයියෙ..”

” උඹ මට එක වචනයක් කියන්නෙපා විහඟි … අයියේ ගාගෙන එන්නෙපා ..ඔය බඬේ ඉන්න දරුවා නිසා මෙච්චරවත් ඉවසන්නේ මම … එහෙම නොවෙන්න මට උඹව අප්පිරියයි විහඟි ?..”

” අනේ අයියේ .. මට සමාවෙන්න මගේ රත්තරන් අයියේ …මං .. මං … අනේ මට කරන්න දෙයක් තිබුනේ නැහැ… මට චායාට පිටුපාන්න විදියක් තිබුනේ නැහැ…”

” කට වහපං ඕයි … උඹට එතකොට මට පිටුපාන්න පුලුවන්ද ?.. මට පිටුපාන්න පුලුවන්ද ?.. ඒකද කියන්නේ?.. පලයංකෝ එහෙනම් ?…”

චරක යළි කමිසයක් දමා ගත්තේය. ජංගම දුරකතනය අතට ගත්තේය.

” මට පිටුපාන්න පුලුවන් නම් උඹ  පලයං … මට මගේ දරුවා දීලා පලයං … මට මගේ දරුවා දීලා යන දිහාවක පලයං … උඹට මං මෙච්චර ආදරේ කරලා, මෙච්චර උබ හින්දා මගේ ජිවිතේ වෙනස් කරගෙන, .. එහෙව් මට උඹ ඔහොම කරපං …”

චරක නිවසින් පිටත්ව ගියේ වේගයෙනි. චරක පිටව ගියාට පසු විහඟි මේසය අල්ලාගෙනම  නැගිට්ටාය. තමාගේ සහ චරකගේ මංගල සේයාරුව සිපගෙන හැඬුවාය.

” මට පිටුපාන්න පුලුවන් නම් උඹ  පලයං … මට මගේ දරුවා දීලා පලයං … මට මගේ දරුවා දීලා යන දිහාවක පලයං … උඹට මං මෙච්චර ආදරේ කරලා, මෙච්චර උඹ  හින්දා මගේ ජිවිතේ වෙනස් කරගෙන, .. එහෙව් මට උඹ ඔහොම කරපං …”

චරකගේ හඬ ඇසුනේය.

විහඟි, අල්මාරිය විවෘත කළාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here