හිසට නිවසේදීම තෙල් සත්කාරයක් කරමු.

ඔබගේ කෙස් කලඹ දිග වුවත් කෙටි වුවත් එය නිරෝගී වන තරමට ඔබට අලංකාර පෙනුමක් එකතු කරනවා.එ නිසාම නිසි සත්කාරය මගින් එය නිරෝගීව පිරිසුදුව පවත්වා ගැනීම අපගේ වගකීමක්.ඒ නිසාම අප නිවසේ සිටම තෙල් සත්කාරයක් කරන ආකාරය පිලිබඳ පොඩ්ඩක් හොයලා බලමු.
මේ වෙනුවෙන් අපට මෙන්න මේ දේවල් ඕන කරනවා.
  • සකසාගත් තෙල් වර්ගයක්
  • පුලුන්
  • උණුසුම් තුවායක්
කොණ්ඩයට තෙල් ගල්වන්නට කලින් හිසකෙස් ගැට නොසිටින ලෙස ඉතාමත්ම හොඳින් පීරන්න.එකිනෙක ගැට ගැසී නැතිවන ලෙස නිරවුල්ව තබාගන්න.
කොණ්ඩය හසුරුවාගැනීමට පහසු වන සේ කොටස් කිහිපයකට වෙන් කරගන්න.තෙල් ගැල්වීමේදී එය පහසුවක්.
යාන්තමින් රත්කල පොල්තෙල් වලට රතුලූනු, කලාදුරු එකතු කරන්න.
කෝමාරිකා මදය හොඳින් පොඩිකර මිශ්‍රණයට එකතු කරන්න.
පුලුන් කැබැල්ල පොඟවා වෙන්කරගත් හිස කෙස් අතරින් දාරවල ගල්වන්න .කොටසින් කොටස එලෙස සිදු කරන්න.
මෙලෙස සම්පූර්ණ හිස් කබලේම තෙල් ගල්වාගන්න.
මෘදුව ඇඟිලි තුඩුවලින් පමණක් පිරිමදින්න.
දැන් හිස කෙස් සියල්ලම අවුල් නොවන ලෙස උඩු අතට පීරා ගන්න.(පනාවකින් නොව අතින් )
උණුසුම් තුවායක් ගෙන හිසවට ඔතන්න.
විනාඩි කිහිපයක්  හිසවටා ඔතා තබන්න.
ඉන්පසු ගලවා හිස තරමක් වාතයට නිරාවරණය  කරමින් තබා ස්නානය කරන්න.
නෑමේදී 
එකවරක් හොඳින් ිශැම්පූ ගල්වා තෙල් සෝදා දමන්න.නැවත වරක් යාන්තමින් ශැම්පු  ගල්වා හිස සෝදන්න.නැත්නම් තෙල් ගතිය ඉවත් වන්නේ නැහැ.
පලමුවර මඳ උණුසුම් වතුරින් සෝදාහරින්න.
දෙවන වර සාමාන්‍ය ජලයෙන් සෝදන්න.
අවසානයේ හිසකෙස් වලට කන්ඩිශනර් ගල්වා සෝදා හරින්න.
නෑමෙන් පසු හිස කෙස් යටි අතට් හරවා හිස පිසදමන්න.පොලව දෙසට් මෙහිදී හිසකෙස් කඩා හැලෙන ලෙසට හිස පිසදමා ගන්න.
ඔබ ස්ට්‍රේට් හෙයා මේන්ටේන් කරන කෙනෙක් නම් වියලාගෙන අයන් කරගන්න.
කර්ලි හෙයා ප්‍රිය කරන්නෙකු නම් පනාවෙන් නොපීරා හිස කෙස අතින් පමණක් සකසා ගන්න.
ගැලපෙන සීරම් වර්ගයක් ගල්වන්න.
-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles