මැදි වයසින් පසුත් ඔබේ සමේ තරුණ බව රැක දෙන ස්කින් කෙයාර් රූටින් එකක්

අහලා තියෙනවාද කතාවක් ජීවිතේ හරියටම පටන් ගන්නේ අවුරුදු හතලිහෙන් පස්සේ, එතකල් අපි කරන්නේ අත් හදා බැලීම් විතරයි කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුනත් හතලිහ පැන්නා කියලා ඔයාගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන එක අඩු කරන්න නම් ඕනි නැහැ. ඔයාගේ ආර්ථිකය මොන තත්වයේ තියෙනවා වුනත්, ඔයා ඔයාගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන්නම ඕනි. 

අද අපි කියන්නේ අවුරුදු හතලිහ පැනලා ඉන්න ඔයාලට අනුගමනය කරන්න පුළුවන් ස්කින් කෙයාර් රූටින් එකක් ගැන. එහෙම නැත්නම් සුන්දර සමක් පවත්වා ගන්න   එදිනෙදා කරන්න පුළුවන් දේවල් පිළිවෙළක් ගැන. 

මුහුණ සෝදන්න 

උදේට විනාඩි කිහිපයක් වැයකරල මුහුණ සෝදන්න කාලය වෙන් කරගන්න එක වැදගත්. මුහුණට ගැලපෙන ෆේස් වොශ් එකක් භාවිතා කරලා ගෙවුණ රැයේදී මුහුණේ එකතුවෙලා තියෙන දහඩිය ඇතුළු කොටස් ඉවත් කරගන්න ඕනි. ඒ වෙලාවෙදීම මුහුණට ඇඟිලිවලින් පොඩි සම්බාහනයක් දෙන්නත් අමතක කරන්න එපා. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනි සම්බාහනය නිවැරැදි විදියට සිදු කරගන්න. ඒ සඳහා ඔබට යූ ටියුබ් වීඩියෝවක සහය ගන්න පුළුවන්. 

ෆේශල් එකක් වෙනුවෙන් කල් හදාගන්න 

මාසෙකට වතාවක් හරි සැලූන් එකකින් මුහුණට සත්කාරයක් කරගන්න පුළුවන් නම් වටිනවා. ඒකෙන් ඔයාගෙර් මුහුණට, සමට නැවුම් බවක් ලැබෙනවා. හැබැයි සැලෝන් එකකට ගිහිල්ලම ඒ සත්කාර කරගන්න ඕනි කියලාම නෙවෙයි මේ කියන්නේ.  කාලය කලමණාකරණය කරගන්න හැකියාව තියෙනවා නම් සහ අවශ්‍ය දේවල් සපයාගන්න පුළුවන් නම්, ඔබට හැකියාව තියෙනවා නිවසේදීම මේ සත්කාර කරගන්න.

මුහුණට ගැලපෙන සීරම් එකක් තෝරගන්න 

සම විඩාවට පත් වෙනකොට සමට පෝෂණය සපයන එක වැදගත්. සීරම් එකකින් සමට ඒ පෝෂණය ලැබෙනවා. 

ටෝනර් එකක් සහ මොයිසරයිශර් එකක් භාවිතා කරන්න 

ෆේස්වොශ් වලින් මුහුණ සේදුවට පස්සේ ඔයාගේ සමේ වැහිලා තියෙන විවර විවෘත වෙනවනේ.  ඒ විවර ආයෙම වැහෙන්න නම් ටෝනර් එකක් වැදගත්. ඒ වගේමයි ඒ විවර සීල් වෙන්න නම් මොයිසරයිශර් එකකුත් වැදගත්. අඩුම තරමේ ටෝනර් එකක් හරි භාවිතා කරන්න් සැලකිලිමත් වෙන්න.

හිරු එළියට නිරාවරණය වෙනකොට සැලකිලිමත් වෙන්න.

ඔබේ රැකියාව හෝ දෛනික දින චරියාව නිසා ඔබට දැඩි හිරු එලියට නිරාවරණය වෙන්න සිදු වෙනවා නම් නියමිත එස් පී එෆ් අගය සහිත හිරු එලියෙන් ආරක්ශාව සපයන ආලේපනයම් තෝරාගන්න. ඒ වගේම සම හිරු එලියට නිරාවරණය නොවෙන විදියට ඇඳුම් පැළඳුම් සකස් කරගන්න. 

සවසට මුහුණ පිරිසිදු කරන්න 

උදේට මේ මොන සත්කාරය් කරත් වැඩක් නැහැ සවසට සමට් කිසිම සත්කාරයක් කරන්නේ නැත්නම්. ඔබ දවල් දවස තිස්සේම දුහුවිල්ලට නිරාවරණය වෙන කෙනෙක් නම්, අනිවාර්යයෙන් අර උඩ කියපු පිලිවෙලට මුහුණ පිරිසිදු කරගන්න ඕනි. ඒ වගේම මුලු ශරීරයම මෘදු සබන් වර්ගයක් ගල්වලා පිරිසිදු කරගන්න එක වැදගත්.

පෝෂණය සපිරුනු ආහාර වේලක් ගන්න

විශේෂයෙන් විටමින් වර්ග ආහාර වේලට එකතු කරගන්න. එළවලු සහ පළතුරු වර්ග වලට ඔබේ ආහාර වේල ඇතුලේ ඉඩ හදාගන්න. ඒ වගේම ප්‍රෝටීන සහ යහපත් ලිපිඩ වර්ග වලටත් වැඩි ඉඩක් හදාගන්න. 

හැකි  තරම් ජලය පානය කරන්න

පිටතින් කරන සත්කාර වගේම අභ්‍යන්තර සත්කාරත් නීරෝගීමත් සමකට ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ දෛනික කාල සටහන ඇතුලේ ජලය පානය කිරීම වෙනුවෙන් පැහැදිලි ඉඩක් වෙන් කරන්න.   සම වියලෙන්නේ නැතුව තියාගන්න ප්‍රධානම මෙහෙයක් කරන්නේ ජලය මඟින් කියලා අනිවාර්යයෙන් අමතක නොකර ඉන්න.

ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

නින්ද නිසා තමයි ශරීරයට ඉඩ ලැබෙන්නේ අලුත් වෙන්න. ශරීරය ඇතුලේ සිදුවෙන අලුත්වීම්, පරිවෘත්තීය ක්‍රියාවලි වල බලපෑම සමට අනිවාර්යයෙන් ලැබෙනවා.

ඉතින් මෙන්න මේ වගේ බොහොම සරළ කාරණා ඔබේ දින චරියාවට එකතුකරගත්තාම ඔබට පුළුවන් හතලිහ පැන්නම නාකි වෙලා කියලා ඔබට දැනෙන හැඟීම විසිකරලා දාලා ජීවිතේ සන්තෝසෙන් හඹා යන්න.

එහෙනම්, හතලිහෙන් පස්සේ ජීවිතේ නැවූම් පාටකින් පටන් ගනිමු…!!!

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles