මොකක්ද මේ Lip blushing කියන්නේ ? 

දිනෙන් දින වැඩි දියුණු වන ලෝකයත් සමඟ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පැතිකඩයන් ද සීග්‍රයෙන් දියුණු වනවා. ඒ අතරින් Lip blushing කියන්නෙත් මේ වන විට ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය , බොහෝ දෙනා කැමැත්තක් දක්වන කලාවක්. නමුත් මේ Lip blushing කරන්නට පෙර ඔබ ඒ පිළිබඳව දැනගත යුතු බොහෝ දේවල් තිබෙනවා. 

සෑම කෙනෙකුගේම තොල් වල හැඩය සහ පැහැය එකිනෙකට වෙනස් වෙනවා. තොල් වල අලංකාරය පිළිබඳව නිශ්චිත සම්මතයක් නොමැති අතර එසේ වර්ණය සහ හැඩය වෙනස් කර ගැනීමට ඔබ කැමති නම් Lip blushing කිරීම ගැන ඔබට සලකා බැලිය හැකියි.

Lip blushing කියන්නේ ඉඳි කටු සහිත කුඩා උපකරණයක් මගින් ඔබේ තෙල්වල වර්ණක තැන්පත් කිරීමෙන් ලබා ගන්නා අර්ධ කාලීන රූපලාවණ්‍ය ටැටූ කිරීමේ කලාවක්. මෙය Lip tattooing ලෙසද සමහර අය හඳුන්වනවා . මෙය සාම්ප්‍රදායික tattoo කිරීමේ කලාවට වඩා තරමක් වෙනස් ඔබේ තොල් වල පැහැය සහ හැඩය වෙනස් කිරීම සඳහා සිදු කරන ක්‍රියාවලියකි.

Lip blushing කරන්නේ කොහොමද ? 

මෙය ඔබේ තොල් මත ටැටූ එකක් කිරීම හා සමාන ක්‍රියාවලියක්. 

මුලින්ම හිරි වැට්ටවීමේ ඖෂධයක් ගැල්වීම මගින් ඔබේ තොල් හිරි වැට්ටවීම සිදු කරනවා.

ඔබේ තොල් සම්පූර්ණයෙන්ම හිරි වැටෙන තෙක් Lip blushing ක්‍රියාවලිය ආරම්භ කිරීම සිදු නොකරන අතර ඔබේ තොල් සම්පූර්ණයෙන්ම හිරි වැටී ඇති බව තහවුරු වූ පසු Lip blushing කිරීම ආරම්භ කරනවා.

ඉන්පසුව ටැටූ කිරීමට භාවිතා කරන උපකරණයක් හෝ ඊට සමාන සියුම් ඉඳිකටු සහිත උපකරණයක් මගින් ඔබට අවශ්‍ය වර්ණකය ( ලා රෝස පැහැයේ සිට රතු වර්ණයන් දක්වා ) ඔබේ තොල් වලට ඔබට අවශ්‍ය පරිදි ඇතුළු කරනවා. මෙය ඒකාකාරී ආකාරයෙන් සිදු කිරීමට වර්ණකයන් ඇතුළු කිරීම ස්තර කිහිපයක් ඔස්සේ ද සිදු කරනවා 

සමස්ත ක්‍රියාවලිය සඳහා පැය එකක සිට පැය තුනක දක්වා කාලයක් ගත වෙනවා.

පසු රැකවරණය

Lip blushing කිරීමෙන් පසුව රූපලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් මත පසු රැකවරණය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා සාමාන්‍යයෙන් ගුණාත්මක භාවයකින් යුතු petroleum jelly ඔබේ තොල් මත ආලේප කිරිමට රූපලාවන්‍ය ශිල්පියා විසින් උපදෙස් දෙනවා. ඒ වගේම සති කිහිපයක් යනතුරු දැඩි ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීමද ඔබ සිදුකල යුතුයි.

මෙය වේදනාකාරීද ?

වේදනාව අවම කර ගැනීම සඳහා මෙය සිදු කරන රූපලාවන්‍ය ශිල්පියා මගින් ඔබේ තොල් මත හිරි වැට්ටවිමේ ආලේපයක් ගල් වනු ලබනවා. නමුත් ඔබේ වේදනාව දරා ගැනීමේ තමාගේ අඩුවන තරමට ඔබට දැනෙන අපහසු තාවයන් වැඩි වෙනවා.මෙම ක්‍රියාවලියෙන් පසුව (හිරී වැටීමේ ආලේපයේ ක්‍රියාකාරී කාලය ඉක්මවා ගිය පසුව ) සමහර අයට වේදනාවක් දැනීම අඩු වන අතර සමහර අයට මෙය ඉතා වේදනාකාරී වනවා. එය අවම කර ගැනීම සඳහා ඔබට ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන වේදනා නාශක ලබා ගත හැකියි.

මෙය ස්ථීර ද ? 

Lip blushing කිරීම Semi permanent ක්‍රියා පටිපාටියක් ලෙස සැලකෙනවා. මෙයින් අදහස් කරන්නේ පළමු ක්‍රියාවලියෙන් පසුව ඔබට ලැබෙන ප්‍රතිඵලය පවත්වාගෙන යාම සඳහා අදාල කාල සීමාවෙන් පසු ව නැවත නැවත ඔබ එය අලුත් කරගත යුතු බවයි.

ඒ වගේම දුම්පානය කිරීම , නිතර හිරු එළියට නිරාවරණය වීම , ගුණාත්මක භාවයකින් තොර තොල් ආලේපන භාවිතා කිරීම මගින් ඔබේ තොල් නැවත දුර්වර්ණ වීම ද සිදු විය හැකියි.

මෙමඟින් ඇතිවන අතුරු ආබාධ මොනවාද ?

Lip blushing කිරීමේ දී ඇතිවන අතුරු ආබාධ ඔබේ තොල් සුව වන විට අඩු වෙනවා නමුත් මෙම ක්‍රියාවලියෙන් පසුව සුලු අතුරු ආබාධ කිහිපයක් දැකගන්නට ලැබෙනවා. 

තොල් ඉදිමීම 

රතු වීම

වේදනාව 

රූපලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් අනුව ඔබ ඔබේ තොල් වල පසු රැකවරණය පිළිබඳව සැලකිලිමත් නොවුණහොත් තත්වය නරක අතට හැරීමේ අවදානම පවතිනවා 

අධික ලෙස ඉදිමීම

වේදනාව උත්සන්න වීම

තොල් වලින් සැරව හෝ ලේ ගලා යාම

දරුණු ලෙස ආසාදනය වී ඇත්නම් උණ තත්ත්වයක් පවා වුවත් ඇති විය හැකියි.

මේ වන විට තරුණ තරුණියන් අතර ජනප්‍රිය මෙම කලාව අත්හදා බලන්න ඔබටත් පුළුවන්.නමුත් ඒ සඳහා සුදුසුකම් ලත් පළපුරුද්ද සහිත ශිල්පියකු තෝරා ගැනීමේ වගකීම ඔබ සතුයි. 

Related Articles

Don't Miss


Latest Articles