බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ගෙදරදි ම පහසුවෙන් ඉවත් කරමු

මුහුණේ සුන්දරත්වයට හානි කරන පිම්පල්ස් ගැන අපි කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්නේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ගැන. මේවා නිසා ද ඔබේ සුන්දරත්වයට බලපෑම් ඇති වෙනවා. නමුත් ස්වභාවික ප්‍රතිකාර වලින් මේ තත්ත්වය පාලනය කරගන්න පුලුවන්.

මුහුණේ තෙල් වැඩියෙන්ම තිබෙනවා නම් වයිට් හෙඩ්ස් හට ගන්නවා. මුහුණේ සුදු පැහැ බිබිලි වශයෙන් වයිට් හෙඩ්ස් දකින්න පුලුවන්. Black heads පිම්පල්ස් වල ඇක්නි තත්වය බොහෝ කල් මුහුණේ පැවතීමෙන් පසු මුහුණේ කිඳා බැසඇති කුණු බ්ලැක් හෙඩ්ස් කියලා හඳුන්වන්න පුලුවන්.

බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට සැලෝන් වල නම් බහුලව භාවිතා වෙන්නේ charcoal peel off mask එකයි.  නිවසේදී නම් ඔබට Extractor එකකින් මේවා ඉවත් කර ගන්නත් පුලුවන්.

බ්ලැක් හෙඩ්ස් අයින් කිරීමට නම් අනිවාර්යයෙන් 5 IN ONE මැෂින් එක, Vaccum machine  සැලෝන් වල භාවිතා වෙනවා. Vaccum mashine හෝ Charcoal peel off mask ඔබට අන්තර්ජාලය හරහා ඇනවුම් කරන්නත් පුලුවන්.

Charcoal peel off mask

මොනවද කළ හැකි සත්කාර

මේවාට සත්කාර කරන්නට පෙර දෙහි යුෂ දැමූ වතුරෙන් මුහුණ සෝදා මුහුණ ස්ටීම් කර ගන්න. රස්නය සහිත ෆේස් ටවල් එකක් ගෙන වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල තබා හොඳින් තවා ගන්න.

ගෙදරදී peel of mask එකක් සාදා ගනිමු

බිත්තර සුදු මදයට දෙහි යුෂ එක් කර එයට කස්තුරි කහ හෝ සුදු හඳුන් ටිකක් දමා ගන්න. මුහුණේ එය ආලේප කරන්න. ඉවත් කරද්දී උඩු අතට ඇද ගන්න.

වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් වලට ගෙදරදීම ප්‍රතිකාරයක්.

මුහුණ හොඳින් ක්ලෙන්සර් කර ගන්න. මඳ උණුසුම් ටවල් එකක් භාවිතා කර මුහුණ තවා ගන්න.විනාඩි දහයකට පසු බේකින් සෝඩා තේ හැන්දක්, ටූත් පේස්ට් තේ හැන්දක්, දෙහි යුෂ ටිකක් ගෙන මිශ්‍ර කර වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල ආලේප කර ගන්න. ඉන්පසු ඇඟිලි තුඩු වලින් කවාකාරව සම්බාහනය කරන්න. බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න.

මේ සත්කාරයට පසු මී කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක්,කස්තුරි කහ , කුරුඳු කුඩු ස්වල්පයක්,දෙහි බිංදු සහ මීකිරි යොදා පැක් එකක් සකසා ගන්න. එය මුහුණේ ආලේප කර ගන්න.

මෙන්න මේ විදියට ඔබට මේ කරදරකාරයන්ට එරෙහිව සටන් කරන්න පුලුවන්.

හැබැයි මතක තියා ගන්න. පෝෂ්‍යදායක ආහාර සහ ජලය මේ බොහොමයක් ගැටලු ස්වභාවිකම පාලනය කරනවා.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනි මධු ජයවීර මහත්මිය

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...