ගෑස් සිලින්ඩර් එකක් නැති ගෙයක් අද හොයාගන්න වත් නැහැ .ඒ මගින් අපේ කාලේ ශ්‍රමය ශ්‍රමය බොහොමයක් ඉතුරු වෙනවා. එහෙත් ගෑස් භාවිතයේදී අප ආරක්ෂාව ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි .
ගෑස් සිලින්ඩර් භාවිතයේදී නිතර විවිධ අනතුරු සිදු වෙනවා. ඒවා ගෙන් ආරක්ෂා වෙන්න අප දැනගෙන සිටිය යුතුමයි.
ගෑස් කාන්දු වීම් හඳුනාගත් අවස්ථාවකදී …
- සිලින්ඩරයේ හෝ මීටරයේ ගෑස් සවි කරන කරාමය වසා තබන්න .
- මුළුතැන්ගෙයි දොරටු සහ ජනේල හොඳින් විවෘත කරන්න .
- ගින්දර දල්වන්න එපා.
- විශේෂයෙන් ම විදුලි බල්බ දැල්වීමෙන් වළකින්න.
- ප්‍රධාන විදුලි පරිපථය විසන්ධි කර තබන්න.
ගෑස් භාවිතා කිරීමේ දී ….
- ඔබ කහ පැහැති හෝ තැඹිලි පැහැති ගිනිදැල් ගැන අවධානය යොමු කරන්න .
- කිසියම් දුර්ගන්ධයක් ඇත් නම් ඒ ගැන සැලකිලිමත් වන්න.
- හඳුනාගත නොහැකි කරකැවිල්ලක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් ගෑස් කාන්දුවක් ඇත්දැයි පරික්ෂා කර බලන්න.
- කුඩා දරුවන් ගෑස් උදුනෙන් ඈත් කර තබන්න.
- මසකට වරක් උපාංග පරීක්ෂා කර බලන්න .
- සැම විටම සිලින්ඩරය උඩු අතට පමණක් සිටුවා තබන්න.
- හදිසි ගිනි ගැනීමකදී කළ යුතු දේ පිළිබඳ පෙර සූදානමකින් සිටින්න.
-චම්මි-