ඇපෙන්ඩිසයිටිස් මාරාන්තික ද?

කුඩා දරුවන් නියපොතු ආදිය හපන විට දෙමාපියන් බොහෝ දෙනෙක් ඔවුන්ව බය කරන්නේ බඩ රිදී කපන්නට වේයැයි කියමින් හෝ ඇපෙන්ඩිසයිටිස් හදාගත්තොත් ඔන්න අපි නෑ කියමින්. ඉතින් ඇත්තටම මොකද්ද මේ ලෙඩේ, මොකද්ද එතකොට වෙන්නෙ කියල අපි පොඩ්ඩක් හොයලා බලමුද ?

මේ රෝගයට සිoහලෙන් නම් කියන්නෙ උණ්ඩුකපුච්ච ප්‍රදාහය කියලයි.ඒත් ඇපෙන්ඩික්ස් හෝ ඇපෙන්ඩිසයිටිස් යන වචනය තමා මිනිසුන් අතර වැඩිපුර භාවිතා වෙන්නේ.

උණ්ඩුකපුච්ඡය කියලා හඳුන්වන්නේ මහා අන්ත්‍රයේ මුල් කොටසෙහි පවතින මෙන්ම එයට සම්බන්ධ වූ කුඩා නාලයක් වැනි ව්‍යුහයක්.මෙය උදර කුහරයේ දකුණු පස පහලට වන්නට පිහිටා තිබෙනවා.

මේ තත්වය ඕනෑම වයසක අයෙකුට ඇතිවෙන්නට පුලුවනි.විශේෂයෙන්ම වයස අවුරුදු 15 ත් 30 ත් අතර අයට තිබෙන අවදානම වැඩියි.

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය වර්ග දෙකක් තිබෙනවා.තීව්‍ර අවස්ථාව සහ කාලීන ප්‍රදාහය යනුවෙන්.තීව්‍ර අවස්ථාවේදී රෝගලක්ෂණ එක්වරම ඇති වෙනවා.කාලීන අවස්ථාවේ වරින් වර ඇතිවනවා.සමහර විට අවුරුදු කීපයක් රෝග ලක්ෂණ වරින් වර ඇතිවෙන්න පුලුවනි.

මෙහි රෝගලක්ෂණ වන්නේ උදරයේ දකුණු පැත්තේ පහල පෙදෙසේ තදබල වේදනාවක් ඇතිවීම, නාභිය වටා වේදනාවක් ඇතිවීම, එසේම එය වටා වේදනාවක් ඇතිවී එය උදරයේ දකුණු දෙසට සහ පහලට විහිදී යාම වගේම රෝගය උත්සන්න වන විට වේදනාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවීම.

ගර්භනී අවස්ථාවේ මෙම තත්වය ඇතිවුවහොත් වේදනාව ඇතිවන්නේ උදරයේ ඉහල ප්‍රදේශයේයි.

වමනය, ආහාර අරුචිය, මළ බද්ධය හෝ නිතරම මළ පිටවීම, බඩ පුරවා දැමීම, ඉදිමුම, මඳ උණ තත්වයක් පැවතීම වැනි දෑ උණ්ඩුකපුච්ඡය අවහිරවීම නිසා ඇතිවෙනවා. මෙහිදී එය තුළ සැරව සෛල රාශියක් එක් රැස් වීමක් සිදුවෙනවා.

රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපානවා. දීර්ඝකාලීනව ඇති මළ බද්ධය, අන්ත්‍රවල සිටින පණුවන් නිසා, පහර වැදීමක් නිසා,අන්ත්‍ර ආශ්‍රිතව ඇතිවන ගෙඩි නිසා වෙන්න පුලුවන්.

මෙහි තීව්‍ර අවස්ථාවට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. නැතහොත් පුපුරා යන්නට පුලුවනි. පුපුරා ගියහොත් එය ඉතාමත්ම සංකීර්ණ තත්වයක් ඇති කිරීමක් වනවා.

කෘත්‍රිම ආහාර, පිටි බහුල ආහාර වලින් වැලකී සිටීම වැදගත්.

මෙම රෝගයෙන් මිදීමට තන්තු බහුල ආහාර, අලුත් එළවලු, පළතුරු, මෑ, කොල්ලු, කඩල, රතු සහල් වැනි ආහාර මේ සඳහා ඉතාමත්ම ගුණදායක වනවා.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles