නිරෝගී ස්ථිර දතට පාර පෙන්වන කිරි දත් ….

ජීවිත කාලය පුරා අපට දත් වර්ග දෙවර්ගයක් ලැබෙනවා එනම් කිරි දත් සහ ස්ථිර දත් .බොහෝ දෙනාගේ අදහස වන්නේ කිරි දත්  ඉක්මනින් හැලෙන නිසා එය එතරම් පරිස්සම් කර ගත යුතු නැති බවයි .නමුත් බොහෝ දෙනා නො දන්නා කාරණය වන්නේ නිරෝගී ස්ථිර දත්  සඳහා ඍජු බලපෑමක් කිරීමේ හැකියාව කිරි දත්ත සතු වන බවයි .

කිරි දත් එපාද?

සාමාන්‍යයෙන් දරුවාට වයස මාස පහක් හයක් ගිය පසු කිරි දත් එන්නට පටන් ගන්නවා .එහි අරමුණ වන්නේ ස්ථීර දත් පිළිවෙළකට ඒම සඳහා ඉඩකඩ සලසා දීමයි .එය නිකන් පෙර හෝ පරීක්ෂණයක් වගේ කියලත් කියන්න පුළුවන් .දරුවාගේ මුඛයේ තිබෙන්නේ කිරි දත් විස්සක් පමණ යි.
එම නිසා නිරෝගී ස්ථිර දත් පෙළක් අපේක්ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම  කිරි දත්  රැකගැනීම කළ යුතුමයි .

ස්ථිර දත් එන්නේ කොහොමද?

දරුවාගේ මුඛයේ කිරි දත් ඒමට පටන් ගත් පසු ඊට යටින් ස්ථිර දත් ද වැඩීමට පටන් ගන්නවා .නමුත් අපට එය පෙනෙන්නේ නැහැ .අප සිතන්නේ ස්ථිර දක්ෂයින්ගේ බොහෝ කලකට පසු බවයි .ඉතින් කිරි දත්  කිසියම් ආකාරයකින් නරක්  වුවහොත් ඊට යටින්  වැඩෙන ස්ථිර දතටත් එහි බලපෑම ඉතාමත් වැඩියි .ඒ වගේම දරුවාට වයස 6 දී පමණ හක්කේ කිරි දත් වලට අමතරව ස්ථීර දත් හතරක් ද මතුවෙනවා .

දතක් ගැලවීමට සිදු වන්නේ ඇයි?

කිරි දතක් හෝ ස්ථිර දතක් කල්ක කුහරය තෙක් දිරා ගොස් කුහරයක් සෑදී ආසාදනය වුනොත් හෝ විදුරුමස් දියවී ආසාදනය වුවහොත්  හෝ වඩාත් ගෙවී කල්ක කුහරය තෙක් ම ගෙවී ආසාදනය වී තිබේ නම් එම දත් වේදනා ඇතිවීම නිසා ගැලවීමට සිදු වෙනවා .එහෙත් රෝගය ආරම්භයේදීම ප්‍රතිකාර වලට යොමු කළොත්  දත ගලවන්නෙ නැතුව වෙනත් ප්‍රතිකාර මගින් ආරක්ෂා කරගන්න පුළුවන් වේවි.

ඒ නිසා දරුවාගේ කිරි දත් ගැන අම්මලා සැලකිලිමත් වීම අනිවාර්ය බව ඔබට දැන් වැටහෙනවා ඇති .

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles