නව වසරේ ජනවාරි මාසයේ ඔබේ සිඟිත්තාත් හා හා පුරා කියාපාසැල් යනවා ඇති. ඉතින් මෙන්න මේ කරුණු ඔබට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි .
- දරුවා ට අලුත් පරිසරය ගැන කලින් ම කියා දෙන්න .
- ඔබගේ පාසල් කාලයේ සුන්දර අත්දැකීම් හැකි නම් දරුවාට කියා දෙන්න .
- නිවසේ සන්සුන් සාමකාමී පරිසරයක් සාදා ගන්න.
- නිදා ගැනීමට මෙන්ම උදැසන අවදි විමට නියමිත වේලාවක් පුරුදු කරවන්න.
- නිවසින් වෙන් වීමේ සංකාව හඳුනාගෙන ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න .මෙහිදී පාසැල් යාමට අකමැත්තක් දැක්වීම,ඇඬීම,යම් අසනීප ගති පෙන්වීම ,ආහාර වර්ජනය ,අකීකරු බව ආදී පිළිබඳ සංවේදී වන්න .මෙහිදී දරුවාට දඬුවම් නොකර ඔහුගේ තත්වය තේරුම් ගන්න.
- උදේට දරුවාව සූදානම් කරවීමේ දී නිවසේ අනවශ්‍ය කලබලයක් ඇති කරන්නට එපා .
- ආරම්භයේ සිටම විවිධ ටියුෂන් පන්ති ආදී කෙරෙහි දරුවා රැගෙන යන්නට එපා.
- ඔහුට නිදහසේ අලුත් ජීවිතයට පාසල සමඟ හුරු වීමට කාලය ලබා දෙන්න .
- දරුවා නිවසින් පිටවන විට ඔබගේ දුක්මුසු හැඟීම් පාලනය කර ගන්න .ඔබ සතුටින් සිටින බව ඔහුට පෙන්වන්න .
- නිවසේ තවත් සහෝදර සහෝදරියන් සිටිනවා නම් ඔවුන්ටද ද දරුවාගේ අලුත් තත්ත්වය තේරුම් කරවන්න.
- ළමා මනස මෙන්ම ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සහිත ලිපි,පොත් අනිවාර්යයෙන්ම කියවන්න .
- ළමයා ළමයෙකු බව තේරුම් ගන්න.
-චම්මි-