බෙඩ් ටයිම් ස්ටෝරි -23

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

ඔන්න දවසක්  මහා හයියෙන් වැස්ස .ඒ විතරක් නෙමෙයි ඉක්මනින්ම අඳුර  වැඩි වුණා . ක්වැක්,ක්වැක්.පුංචි තාරා පැටියට අම්මව හොයාගන්න බැරි උනා . වෙලේ ඉදලා ගෙදර යන්න ආවා ගොවිරාළ මාමා තාරා පැටියාව දැක්කා. අනේ පුංචි තාරා පැටියෙක් අතරමං වෙලා වගේ , ගොවිරාල මාමා හිතුවා. ගොවිරාළ මාමා තාරා පැටියා ව ගෙදර අරගෙන ගියා .

ගොවිරාල මාම ගේ පුතාට හරිම සතුටුයි. “අනේ අප්පච්චි හරිම ලස්සන තාරා පැටියෙක්. අපි මෙයාව හදා ගමු” .පුතා තාරා පැටියා ආදරයෙන් තුරුළු කර ගත්තා. කතා කරන සද්දෙ ඇහිලා අම්මත් එතැනට ආවා. තාරා පැටියව දැකලා අම්මා සතුටු වුණා. තාමත් තාරා පැටියගෙ ඇඟෙන් වතුර   බිංදු බිංදු බේරෙනවා. අම්මා පරණ රෙදි කෑල්ලක් අරගෙන තාරා පැටියා හොඳට පිස දැමුවා.පුංචි පිගානකට බත් ටිකක් තාරා පැටියට දුන්නත් එයා කෑවේ නම් නැහැ

.”පුතා මේ අර ගල උඩ පොකුණේ ඉන්න තාරා පවුලේ පැටියා . මෙයාලට  ජීවත් වෙන්න වතුර ඕනා.ඒ විතරක් නෙමෙයි නෙවෙයි එයා ට  අම්මයි තාත්තයි ඉන්නවනේ .අපි එයාව ඉක්මනින් ම ගෙදර යවමු .”

ඒත් පුතා නම් ඒකට කැමැති වුණේ නැහැ .අම්මා එයාට පැහැදිලි කරලා දුන්නා .එයාව අයිති ස්වභාවික පරිසරයට කියලා .

පහුවදා උදෙන්ම ගොවිරාල මාමා තාරා පැටියා ව අරගෙන පොකුණට ගියා .පුතා තාත්තා සමඟ ගියා .පොකුණේ කට ළඟටම වතුර පිරිලා තිබුණා . නිල්මානෙල් මල්, සුදු පාට ඕලු මල් පොකුණ පුරා ම පිපිලා හරිම ලස්සනයි .තාරා අම්මා අඬමින්  පොකුනේ පිහිණමින් සිටියා. අම්මගේ කට හඬ ඇසුණු ගමන් තාර පැටියත් කෑ ගහන්න පටන් ගත්තා .ගොවිරාල මාමා ඉක්මනින්ම එයාව වතුරෙන් තිබ්බා .පැටියා හරිම සතුටින් එයාගේ  අම්ම ගාවට පීනගෙන ගියා .පුතාටත් හරිම සතුටුයි .

එයාටත් මතක් උනා .එය ගොඩක් ගොඩක් සතුටින් ඉන්නේ අම්මයි තාත්තයි ළඟ ඉන්නකොට කියලා . 

චම්මි.

Related Articles

Don't Miss


Latest Articles