අවශ්‍ය දේවල්:
- කොළ පාට ගෝවා ගෙඩි 1
- ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් මේස හැදි 2
- සුදු ළුණු පව්ඩර්
- දෙහි ගෙඩියක්
- කෑලි මිරිස් තේ හැදි 1 1/2
- ලුණු ස්වල්පයක්
- ගම්මිරිස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
- අවන් එක 230°C උෂ්ණත්වයට රත් කරන්න.
ගෝවා ගෙඩිය අරගෙන කෑලි හතරකට කපා ගන්න.
- ගෝවා කැබලිවල දෙපැත්තේ ඔලිව් ඔයිල් ගාගන්න.මේ සඳහා කුකින් බ්‍රෂ් එකක් යොදා ගන්න.
- ඉන්පසු ගාර්ලික් පවුඩර් මේ ගෝවා කෑලි වල දෙපැත්තෙම තවරගන්න.
- ගම්මිරිස් කුඩු ටිකක් ගෝවා කෑලි වලට ඉහගන්න.
- කෑලි මිරිස් ඉන්පසු ඉස ගන්න.
- අවන් එකට දමා දෙපැත්ත හරවමින් පිස ගන්න.
- අවන් එකෙන් ගත් ගෝවා කෑලි වලට දෙහි යුෂ මිරිකා ගන්න.