දරුවන් සතුටින් තියන්න සෑම දෙමාව්පියෙක් ම වද වෙනවා . ඇත්තටම ඔවුන් සතුටට පත් වෙන්නේ කොහොමද ?
එඩ්වඩ් හැලොවෙල් කියන මානසික රෝග වෛද්‍යවරයා මෙන් ම කතුවරයා පවසන්නේ දරුවන් සතුටින් සිටින්නේ සතුටින් සිටින හැටි ඔවුන්ට කියා දෙන ක්‍රමවේද නිසා කියලයි .
ඔබ දෙන යමක් නිසා නො වේ .නමුත් දෙමාපියන් නිතරම හිතන්නේ දරුවන්ව සතුටින් තැබීමට රසවත් කෑම බීම, මිලාධික සෙල්ලම් බඩු මේ හැම දෙයක්ම වැය කළ යුතුයි කියලා . එහෙම නේද ?
අපේ කතා නායකයා පවසන්නේ සැබෑම සතුට එන්නේ බාහිර දේවල් වලින් නෙවෙයි අභ්‍යන්තරයෙන් කියලා .ඔහු නිකම්ම නෙවෙයි මේ දේවල් කියන්නේ .බොහොම සාංකාවෙන් , කලකිරීමෙන් ඉන්න තරුණ දරුවන් රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුව යි.
- පළමුව ඔබේ දරුවාගේ හැඟීම් හොඳින් තේරුම් ගන්න
- ඔහු සමග විනෝද වන්න
- ඔහුගේ අලුත් හැකියාවන් සොයා ගැනීමට ඔහුට උපකාර වන්න.
- නිරෝගී ක්‍රියාකාරකම් වලට දරුවා ව හුරු කරන්න.
- සතුටු වීමට , දුක්වීමට පිස්සු නැටීමට අවස්ථාව ලබාදෙන්න. එම අවස්ථාවන් වල වගකීම ඔබ භාරගත යුතු නැහැ .
- ඒවා හසුරුවා ගැනීමට ඔවුන් ඉගෙන ගන්නේ එයින් .
- අසතුටු වූ අපහසු අවස්ථා කරදරකාරි අවස්ථා උන්ගේම ක්‍රඔවුන්ගේම ක්‍රමවේදයකට විසඳා ගැනීමට ඔවුනට අවස්ථාව ලබා දෙන්න .ඔබේ ක්‍රමවලට වඩා ඒ ක්‍රම සාර්ථක වෙන්න පුළුවන් .
- තමන් හැඟීම් සමඟ ගනුදෙනු කළ ආකාරය වගේම තමන් විඳින හැඟීම් මොනවාද යයි හඳුනා ගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන්න .
- කොළයක් පෑනක් රැගෙන ඒවා සටහන් කිරීමට දෙන්න .ඒ ඒ එක් එක් හැගීම් සමග ඔවුන් ක්‍රියා කළ ආකාරය සටහන් තැබීමට දෙන්න .
- නිතර ම ළමයාට සවන් දෙන්න.
- බෙදා ගැනීමට මෙන්ම අන් අයට කාරුණිකවන්නට ඔවුන්ට කියා දෙන්න.
- ඔබේ දරුවා දකින මූලික ආදර්ශය ඔබ වන්න .
-චම්මි-