ලෙමන් හෝ දෙහි
- දෙහි යුෂ භාජනයකට එකතු කරගන්න.
- එයට මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
- මිශ්‍රණය සම මතුපිට හොඳින් ආලේප කර විනාඩි 15ක් තියන්න.
- සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න.
- මෙය දිනකට දෙවතාවක් බැගින් ප්‍රතිපල ලැබෙන තුරු කරන්න.
දෙහි යුෂ සහ කහ කුඩු
- දෙහි යුෂ තේ හැඳි 01
- කහ කුඩු තේ හැඳි 01
- අමුද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරන්න.
- මිශ්‍රණය සමේ ගල්වා විනාඩි 15ක් පමණ වියලෙන්නට හරින්න.
- සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
- මෙය රාත්‍රියේ නින්දට යාමට පෙර දිනපතා සිදුකරන්න
කෝමාරිකා
- කෝමාරිකා යුෂ තේ හැන්දක්
- මී පැණි තේ හැඳි බාගයක්
- ඉහත සියල්ල එකතු කොට හොඳින් මිශ්‍ර කර විනාඩි 10ක් පමණ මිශ්‍රණය තබන්න.
- මිශ්‍රණය සමේ ආලේප කොට විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
- මඳ උණුසුම ජලයෙන් සෝදාහරින්න.
- මෙය දිනකට එක වරක් බැගින් සති දෙකක් පමණ සිදු කරන්න.
පිපිඤ්ඤා
- පිපිඤ්ඤා යුෂ තේ හැඳි 01
- මී පැණි තේ හැඳි 01
- දෙහි යුෂ තේ හැඳි 01
- අමුද්‍රව්‍ය සියල්ලම භාජනයක හොඳින් මිශ්‍ර කරන්න.
- සම මතුපිට ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදාහරින්න.