අවශ්‍ය දේවල්:
- මිරිස් වර්ගයක්
- මුදවපු කිරි හෝ යෝගට්
- ලුණු
සාදා ගන්නා ආකාරය:
- මිරිස් සෝදා වතුර බේරෙන්නට තබන්න.
- නැටි ඉවත් නොකර දෙකට පලා ගන්න.
- මුදවපු කිරි හෝ ප්ලේන් යෝගට් සමඟ ලුණු දමාගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
- බඳුනකට ඒ කිරි මිශ්‍රණය සහ මිරිස් කරල් දමා ගන්න
- මිරිස් කිරි මිශ්‍රණයේ ගිලෙන්නට හරින්න.
- මෙය වසන්නේ නැතුව හොඳට හිරු එළිය වැටෙන්නට තබන්න.
- රාත්‍රියේ ආවරණය කර තබා ගන්න.
- මේ ආකාරයට කිරි මිශ්‍රණය වියළී යන තුරු සතියක් අව්වේ තබා ගන්න.
- සතිය අවසන් වන විට මිරිස් සුදු පැහැයට හැරෙනු ඇත.
- මුදවපු කිරි මිශ්‍රණයේ වතුර සම්පූර්ණයෙන්ම හිඳුනු පසුව මිරිස් කරල් එකින් එක ගෙන තැටියක දමා ගෙන තද අවුවේ හොඳින් දවස් 3-5ක් පමණ වේලා ගන්න.
- ඉන් පසු ජීවාණුහරණය කර ගත් භාජනයක අහුරා ගන්න.
- අවශ්‍ය වූ ගැඹුරු තෙල් වල බැදගෙන ආහාරයට ගන්න.
ඔබට කැමති මිරිස් වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුලුවන්.