“Working from home” අම්මලාට..

කොරෝනා වෛරසය සමග ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා .ඉතින් බොහෝ කාර්යාල වලින් අවසර ලැබුණා නිවසේ සිටම වැඩ කරන්න .ඒක හිතන තරම් පහසු නොවන්නේ එය ඔබට අලුත් අත්දැකීමක් වගේම නිවසේ සෙසු රාජකාරි සමග සමබර කර ගන්නට වීම නිසයි .ඉතින් මේ ලිපිය  ඔබට සාර්ථක සේවාවක් සැපයීමට  වගේම ගෙදර දොර කටයුතුත් සාර්ථක කර ගැනීමට වැදගත් වේවි .

  • වැඩ කිරීමේ කාල සටහනක් සාදා ගන්න .
  • ඔබ නිවසේ සිට රාජකාරි කටයුතු කරන බව ද දරුවන්ට වටහා දෙන්න .
  • ඔවුන් ගේ සහය ද අවශ්‍ය බව පවසන්න.
  • ඔබ සහ සැමියා දෙදෙනාම නිවසේ සිට රාජකාරී කටයුතු කරන්නේ නම් වේලාවන් බෙදා වෙන් කර ගන්න
  • ඔබ රාජකාරි කටයුතු කරන අතරතුර කුඩා දරුවන් සිටී  නම් ඔවුන් බලා ගන්නේ කෙසේද ඔවුන් කරන්නේ මොනවාද කියා කළින් ම තීරණය කර තබන්න .
  • රැකියාවට යනවා සේම පෙර දිනයේ ආහාර පාන සියල්ල ම සූදානම් කර තබන්න.
  • ඔබ සාදා ගන්නා කාල සටහනට අනුව වැඩ කිරීමට මුලින් අපහසු වුවත් දිගින් දිගට ම එය අනුගමනය කිරීමට වෙහෙසෙන්න.
  • ඔබට සහ දරුවන්ට විවේක  කාලයක් ලබා ගන්න .එය පැයෙන් පැයට ඔව් පැය දෙකෙන් දෙකට හෝ දරුවන්ගේ වයස් මට්ටම් අනුව තීරණය කරන්න.
  • දවසේ කළ කළ යුතු නිශ්චිත රාජකාරි ලිස්ට් එකක් සාදාගන්න.
  • හෙට දවස අද සැලසුම් කරන්න .

Related Articles

Don't Miss


Latest Articles