Fish Mango Curry එකක් හදමු.

වෙනස්ම විදිහටකට මාළු උයමුද ? මං මේවිදිහට මාළු මුලින්ම කෑවේ 2012දී ඒ කාලේ අපි හිටියේ Bur Dubai වල සෙනසුරාදා දවසක ගෙවල් ලග තිබුනු මළයාලම් රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කාපු මාළු කරියක් ….ඒක පුදුම රසක්…මං කවදාවත් ඒ විදිහට උයපු මාළුකරියක් නම් කාලා තිබුනේ නෑ…ඒකේ විශේෂය ඒක අමු අඹ දාලා උයලා තිබුනේ. ඉතිං එදා ඉදන් අද වෙනකන් මට ආස උනාම ඒක කඩෙන්ම ගෙන්නගෙන තමයි කෑවේ. පදිංචිය මාරු කලා කියලා වෙනසක් උනේ නෑ…මොකද හැම මළයාලම් රෙස්ටුරන්ට් එකකම ඒක තියෙනවා. ඒක එයාලගේ විශේෂ ප්‍රසිද්ධ ඩිෂ් එකක් කියලා තමයි එයාලා කිව්වේ. ඉතිං ගිය ඉරිදා අපි පුතාගේ උපන්දිනය සමරලා එනගමන් මං නිකමට වගේ අමු අඹගෙඩි දෙකකුයි තෝරමාළුයි අරන් ආවා ඒ විදිහට හදන්න හිතාගෙන. මොකද ඒ මං කඩෙන් ගෙන්න ගත්ත මාළු කරිය තෝරමාළු කරියක් නිසා. YouTube එකේ ඕන තරම් රෙසපි දාලා තිබුනත් ඒ මාළු එකේ රස මතක්කර කර මං මගේ විදිහට ඊයේ ඒ මාළුකරිය හැදුවේ ඒ මට දැනිච්ච රසටම හදාගන්න ඕන නිසා.ඒක නිසා මේ මගේ විදිහට හදපු රෙසපියක් හොදේ…පුදුම රසකට ආපු නිසා ඔන්න ඒ රෙසපි එක ඔයාලා එක්ක බෙදාගන්න හිතුණා. මං තෝරමාළු පාවිච්චි කලාට හුරුල්ලෝ වගේ පොඩි මාළු උනත් පාවිච්චි කරන්න පුලුවන්.

මාළු අඹ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තෝර මාළු 800 g
  • පොඩි අඹ ගෙඩි 2
  • සුදුලූණු බික් 2
  • පොඩි ඉගුරු කැබැල්ලක්
  • බොම්බයිලූණු ගෙඩි 1
  • අමුමිරිස් කරල් 3
  • අඹ තේහැදි 1/4
  • පොඩි කුරුදු පොතු කැබැල්ලක්
  • කරදමුංගු 2
  • කරාබුනැට් 2
  • උලුහාල් තේහැදි 1/4
  • සූදුරු ඇට තේහැදි 1/4
  • මිරිස්කුඩු තේහැදි 1 1/2
  • අමුතුනපහ කුඩු තේහැදි 1
  • කහ කුඩු තේහැදි 1/2
  • වතුර කප් 2 1/2
  • පොල්කිරි කප් 3
  • පොල්තෙල් තේහැදි 2
  • කරපිංචා
  • රම්ප
  • ලුනු රස අනුව

සාදන ආකාරය :

මුලින්ම මාළුටික පෙති කපා හොඳින් පිරිසිදු කර පසෙකින් තබාගන්න. දැන් මැටි වළදක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු එයට කුරුදු , කරදමුංගු , කරාඹු නැටි ,අඹ , උලුහාල් හා සූදුරු ටික එකතුකරන්න. ආඹ ඇට පුපුරන විට එයට කරපිංචා හා රම්ප දමා බැදෙන්නට හරින්න. පසුව එයට තලාගත් ඉගුරු සුදුලූණු එක්කර හොඳින් කළවම් කර යන්තම් ‍රන්වන් පැහැ ගැන්වීගෙන එන විට කපාගත් බොම්බයිලූණු හා අමුමිරිස් දමා ලූණු ටික හොඳින් බැදෙන තෙක් හැදිගාමින් පිසගන්න. පසුව එයට මිරිස්කුඩු , අමුතුනපහ කුඩු , කහකුඩු , ලුනු හා කපාගත් අඹ දමා හොඳින් කළවම් කරන්න. දැන් වතුර එකතුකර පියනකින් වසා පිසගන්න. වතුර තරමක් හිදුනු පසු පියන ඉවත්කර තික් කරි එකක් වෙනතෙක් පිසින්න. පසුව එයට පොල්කිරි ටික එක්කර හොඳින් කළවම් කර හොඳින් රත්වෙන්නට දෙන්න. දැන් මාළුටික එක්කර හොඳින් කළවම් කර ලිපේ ගින්දර මධ්‍යම අඩුකර විටින් විට හැදිගාමින් තික් කරියක් වනතෙක් පිසගන්න. ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න .

Fish Mango Curry

Ingredients:

  • 800g of king fish (seer fish)
  • 2 small unripe mangoes
  • 2 cloves of garlic
  • Small piece of ginger
  • 1 big onion
  • 3 green chilies
  • 1/4 tsp of mustard seeds
  • 1 small piece of cinnamon
  • 2 cardamoms
  • 2 cloves
  • 1/4 tsp of fenugreek seeds
  • 1/4 tsp of cumin seeds
  • 1 1/2 tsps of chili powder
  • 1 tsp of non-roasted curry powder
  • 1/4 tsp of turmeric powder
  • 2 1/2 cups of water
  • 3 cups of coconut milk
  • 2 tbsps of coconut oil
  • Curry leaves
  • Pandan Leaves
  • Salt according to taste

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

Preparation:
Start by cutting the fish into slices, clean well and leave it aside. Now place a clay pot on the stove and add oil. When the oil heats up, add cinnamon, cardamom, cloves, mustard seeds, fenugreek seeds and cumin seeds. Once the mustard seeds start to pop add curry leaves, pandan leaves and let it fry. After that add crushed ginger and garlic, mix well and fry till light golden brown. Once it starts to turn light golden brown add chopped onions and green chilies and stir fry till the onions are well cooked. Then add chili powder, non-roasted curry powder, turmeric powder, salt and chopped mangoes and mix well. Next add water, close the pot with its lid and cook it. After a lot of water has evaporated, remove the lid and cook till a thick curry forms. Then add coconut milk, mix well and bring it to a boil. Now add the fish, mix well, lower the heat on the stove and stir time and time again till a thick curry forms. Finally serve as you wish.

ප්‍රියාශා ඩයස්
Craft of spice and sweet

Related Articles

Don't Miss


Latest Articles