අවශ්‍ය ද්‍රව්‍ය :
- දෙහි ගෙඩි කිහිපයක්
- සීනි මේස හැදි 2
- ලුණු කුඩු
- විනාකිරි කෝප්ප 1/2
- කෑලි මිරිස් මේස හැදි 11/2
- කොච්චි හෝ මිරිස් කරල්
සාදන ක්‍රමය :
- දෙහි ගෙඩි උණු ජලය භාජනයක දමා විනාඩි 5ක් පමණ තම්බන්න
- වතුර බේරා ගන්න.
- ඉන්පසු තීරු වලට කපන්න.
- විනාකිරි වලට , සීනි, කෑලි මිරිස්, රස අනුව ලුණු දමා රත්කර දෙහි එක්කර මද ගින්නේ විනාඩි 10 ක් පමණ තම්බා ගන්න.
- කොච්චි එක්කරන්න.
- රස අනුව සීනි සහ ලුණු දමා ගන්න.
- ජීවාණුහරණය කළ බෝතලයකට දමන්න.
- සතියක් දෙකක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න.