අවශ්‍ය දේවල්:
- Fresh Milk මිලි ලීටර් 350
- පළතුරු යුෂ කෝප්ප 1 1/4
- මී පැණි මේස හැදි 2
සාදාගන්නා ආකාරය:
- ෆ්‍රෙෂ් මිල්ක් බ්ලෙන්ඩර් එකට දාගන්න.
- පළතුරු යුෂ, මී පැණි ද එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
- මේ මිශ්‍රණය පොප්සිකල් අච්චුවකට දමා ගන්න.
- පැය හතරක් පමණ ශීත කරන්න.
ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි ද භාවිතා කළ හැකියි. දොඩම් යුෂ, කොමඩු යුෂ හෝ අඹ යුෂ ඉතා හොඳින් මෙයට ගැලපෙනවා. අවශ්‍ය නම් කසකසා ඇට කිහිපයක් ද එකතු කරන්න.