බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි …..
කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
කුසගින්නේ සිටි ළමයා
මේ අන්දරේ ගැන තවත් රසවත් කතාවක් අන්දරේගේ අම්මා කැවුම් පිඟානක් මේසය උඩ තබා ගමනක් ගියා.ගෙදර කිසිවෙකු නැති වෙලාවක් බලලා අන්දරේ පිඟානේ තිබුන කැවුම් වලින් බාගයක් ම කෑවා .හවස තේ වෙලා වේදී අම්මා කැවුම් පිඟාන දැක ‘කෝඅන්දරේ පිඟානේ තිබුන අනික් කැවුම් ? ” කියා අන්දරේ ගෙන් ඇසුවා . ඒවා මම බඩගින්නේ සිටි ළමයෙකුට දුන්නා ” ! අන්දරේ පිලිතුරු දුන්නා.” මගේ හොඳ දරුවා ! කවුද ඒ බඩගින්නේ හිටිය ළමයා ? අම්මා ආදරයෙන් ඇසුවා. ඇයි අම්මේ දන්නේ නැති ද ?
ඒ මම තමයි .අන්දරේ සිනාසෙමින් කිව්වා. .