හැමදාම කෙසෙල්, ගස්ලබු කාලා එපා වෙලාද? මෙන්න හොඳ විසඳුමක්. Cantaloupe melon (rock melons/Persian melons) කියන්නෙ ලංකාවේ බොහෝ දෙනා අතර තවමත් එතරම් ප්‍රචලිත පලතුරක් නොවේ. නමුත් ලෝකයේ අන් රටවල බෙහෙවින් ප්‍රචලිත මේ පලතුරු වර්ගය මෙන්න මේ දේවල් ඔබට තිළිණ කරනවා.
- පෙනහළු ශක්තිමත් කරයි. ඇදුම රෝගීන්ට ඉතාගණවත්.
- Potassium, Vitamin C සහ Choline ඇති නිසා රුධිර පීඩනය ක්‍රමවත් කර හදවත් රෝග වළකයි.
- Fiber වලින් අනූන නිසා මළබද්ධය වළක්වයි.
- Electrolyte සහ වැඩි වශයෙන් ජලය අඩංගු නිසා විජලනය නැති කරයි.
- Vitamin A ඇති නිසා පැහැපත් සමක් සහ නිරෝගිමත් වරලසක් ලබාදෙයි.
Juice/smoothie එකක් විදියට පමණක් ගතහැකි ලෙස බොහෝ දෙනා සිතුවත් මෙය පලතුරු සලාද සඳහාද කදිමයි. රසගුණ පිරි මේ පලතුර ඉක්මනින්ම ඔබේ ආහාරවේලට එකතු කරගන්න.
– කල්හාරී –