නාන්න අකමැති පොඩිත්තන්ව නාන්න කැමති කරගන්නේ මෙහෙමයි

සමහර ගෙවල්වල නාන වෙලාව කියන්නේ පොඩිත්තො අකමැතිම වෙලාවක්. නාන කාමරයට පොඩ්ඩන්ව එක්කන් යන්න යුද්ධ කරන අම්මා කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.

නෑම සතුටුදායක අත්දැකීමක් බවට පත් කරන්න.

1. නාන වේලාවට විසිතුරු සෙල්ලම් බඩු සමග විනෝද වෙන්න පොඩ්ඩා අකැමති වෙන එකක් නැහැ. දරුවාගේ නාන බඳුනට සබන් දිය කර පෙ​ණ ඇති කරන්න. සෙල්ලම් බඩු ටිකක් දමන්න. පෙ​ණ සහ සෙල්ලම් බඩු දැකීමෙන් දරුවා ඉබේටම නාන්න පෙළඹෙනවා.

2. ටබ් එකක් ඇත්නම් දෙදෙනාම එකට ස්නානය කරන්න. පළමුව ඔබ ටබ් එකට බැස සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන්න. දරුවා දෙස නොබලා විනෝද වන්න. අම්මාගේ විනෝදය දුටු පසු දරුවාටත් ඔයා සමග එක්වීමට අවශ්‍ය වෙනවා.

3. මුලදී දරුවාව සෝදනවා වෙනුවට දරුවා සමඟ සෙල්ලම් කිරීමට උත්සාහ කරන්න. නාන එක විනෝදජනක බව බබා වටහා ගත්තට පස්සේ එයා නාන්න කැමති වේවි.

4. දරුවට කුඩා නාන තටාකයක් හෝ ලොකු බේසමක් හෝ සෙල්ලම් බඩු අරන් දෙන්න.
දරුවාගේ නාන සෙල්ලම් බඩු සහ නෑම සම්බන්ධයෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කරන්න.

නාන මොහොත බය නැති කරන්න

පොඩ්ඩා තමන්ගේ ස්නානය සූදානම් කරන ආකාරය දුටුවහොත් එයට තවත් බය වෙන්න එකක් නැහැ. ටැප් එක විවෘත කර ටැප් එකෙන් ජලය නාන තටාකය හෝ බේසම පුරවන ආකාරය දරුවට පෙන්වන්න.

1.ෂැම්පූ සහ සබන් වතුර දරුවාගේ ඇස්වලට ඇතුළු වීමට ඉඩ දෙන්න එපා.
2.පොඩ්ඩට ෂවර් කැප් එකක් පළඳවන්න.
3. දරුවා වතුරට බය නම් බාල්දියකින් ස්නානය කරවන්න.
4. බබාට නාන තටාකයට හෝ බේසමට බහින්න කියලා බල කරන්න එපා.
බය වෙන්න එපා, මම ඔයා ළග ඉන්නවා’, ‘මම ඔයාට රිදෙන්න දෙන්නේ නැහැ හෝ ලිස්සා යාමට ඉඩ දෙන්නේ නැහැ’ වැනි සැනසිලිදායක වචන වලින් දරුවාව ධෛර්යමත් කරන්න.

දරුවාට නෑම අමිහිරි අත්දැකීමක් බවට පත් නොකර එය දවසේ විනෝදාංශයක් බවට හරවන්න මේ ක්‍රම ඔයාට උදව් වේවි. ඒ වගේම මේ ක්‍රම අත්හදා බැලීමෙන් ඔයාට බබා එක්ක හොඳ සම්බන්ධයක් ගොඩ නඟා ගන්න පුලුවන්.

-තිළිණි-

Related Articles

Don't Miss


Latest Articles