මහත යුවතියකට ගැළපෙන විදිහට සාරිය සහ Jacket එක තෝරා ගන්නේ මෙහෙමයි.

සාරියක් ඇඳීමෙන් ගැහැණු ළමයෙක්ට ලස්සන පෙනුමක් ලැබෙනවා. විශේෂ අවස්ථාවකට ලස්සන සාරි අඳින හැමදාම ඔෆිස් යන්න සාරි අඳින ඔයාලා හැමෝම සාරි අඳිනකොට මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වීම ඇත්තටම හරි වැදගත්. High Neck සාරී ජැකට් එකක් සාමාන්‍යයෙන් Match වෙන්නේ ශරීරයෙන් කෙට්ටු කෙනෙක්ට විතරයි.මොකද එයාලගේ neck එක ටිකක් දිගු නිසා ඒ වගේ සාරි ජැකට් එකක් ගැළපෙනවා.නමුත් සිරුර මහත සහ මිටි කෙනෙක්ගේ ගෙල එතරම් දිග නැති නිසා High Neck සාරි Jacket ගැළපෙන්නේ නැහැ.ඒ ඇයි දන්නවාද මේ වගේ සාරි Jacket එකකින් ඔයාගේ මහත වැඩි කරලා පෙන්නනවා.ඉතිං ඔයාගේ සිරුර ටිකක් මහතයි නම් බෝට්ටු කර තියෙන සාරී ජැකට් එකක් තමයි ගැලපෙන්නේ.අනිත් කාරණය තමයි neck එක ළඟටම කර තියෙන සාරි Jacket මහන්නත් එපා. සාමාන්‍යයෙන් අත් දිග jacket එකක් ඇන්දොත් ගොඩක් ලස්සන පෙනුමක් ලැබෙනවා.ඒ වුණාට ඔයා ටිකක් short සහ fat කෙනෙක් නම් මේ style එක ඔයාට ගැලපෙන්නේ නැහැ.මොකද ඒකෙන් ඔයාගේ මහත තවත් වැඩියෙන් පේනවා.ඔයාට ඒ වෙනුවට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.saree jacket එකට ටිකක් short අත් තියෙන විදිහට මහගන්න.හැබැයි ඉතින් ඔයාට අත් දිගට අඳින්න ඕනෙම නම් වැලමිටට උඩින් අගලක් දෙකක් දිග තියලා මහන්න.එතකොට ඔයාගේ පෙනුම එතරම් මහතට පේන්නේ නැහැ. මහත කෙනෙක්ගේ උරහිස් සාමාන්‍යයෙන් පළල නිසා සාරී පොටේ රැළි ටික සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙන විදිහට අදින්න.හැබැයි ඔයා පොඩියට රැලි තියලා ඇන්දොත් ඔයාගේ උරහිස් වල පළල තවත් කැපිලා පේනවා.ඒකෙන් ඔයාගේ මහත තවත් වැඩියෙන් පේන්න ගන්නවා. සාරී පොටේ රැළි ටික සාමාන්‍ය ප්‍රමාණයෙන් තියලා අඳින එක තමයි හරියන්නේ . සාමාන්‍යයෙන් සිරුර මහත කෙනෙක් Dark colour එකක් තියෙන සාරියක් ඇන්දොත් ඔයාගේ සිරුරේ මහත අඩු වෙලා පේනවා. black colour එකේ සාරියක් ඇඳලා බලන්න ඔයාගේ මහත අඩුවෙලා පේනවා නේද කියලා.ඒ නිසා ඔයා මතක තියාගන්න සාරි select කරගන්න කොට තද දුඹුරු, තද දම්, තද නිල් වගේ colours වලින් select කර ගන්න. සාරිය වගේම සාරි Jacket එකෙනුත් පුළුවන් ඔයාගේ සිරුර කෙට්ටුවට පෙන්වන්න.තිරස් අතට ඉරි තියෙන රෙදි වර්ගයක් භාවිතා කරලා සාරි Jacket මසන්න එපා.ඒවාගෙන් ඔයාගේ මහත තවත් ඉස්මතු කරලා පෙන්වනවා.ඒ නිසා සාරි Jacket එකට නිතරම සිරස් ඉරි තියෙන රෙදි වර්ගයක් භාවිත කරන්න.ඒ විතරක් නෙමෙයි ඔයා Jacket එක මහනකොට plain colourඑකක් ගන්නවා නම් ටිකක් Dark colour එකක් තියෙන material එකක් ගන්න. ඒ වගේම පිම්බෙන සාරි මෙටිරියල් ගන්න එපා. සැටින් සාරි ගන්න. පිම්බෙන රෙද්දේ සාරිය ඔබේ පෙනුම තවත් මහත් කරන නිසා සැටින් සාරි වලින් සැරසීමත් හරිම වැදගත්. ඔබ මහත කෙනෙක් වීම ලස්සනට ඉන්න බාධාවක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ ඔබේ සිරුරේ හැඩය සුන්දරව මතු කර පෙන්විය හැකි ජැකට් හා සාරි තෝරා ගැනීමයි.  ඉතින් ලස්සනට ඉන්න සුබ පැතුම්…

Related Articles

Don't Miss


Latest Articles