සති අන්තයේ Dinner එකට Chinese Menu එකක්..

සති අන්තේ රෑට ගෙදර අයට වෙනස් රසට රහ කෑම වේලක් හදලා දෙන්න හැම ස්මාර්ට් ගෘහණියක්ම කැමතියි. අපි අද ඔබට Chinese ක්‍රමයට හදා ගන්න පුලුවන් Menu එකක් අරන් එන්න හිතුවේ ඒ නිසා.

මුලින්ම නූඩ්ල්ස් එක හදමු..

චයිනීස් නූඩ්ලස්

අවශ්‍ය දේවල්:

  • තම්බා සිසිල්වූ නූඩ්ල්ස් 200
  • අඟලක් දිග සිහින් තීරු කපා ගත් චිකන්
  • කුඩාවට කපා ගත් සැල්දිරි කප් 1
  • මධ්‍යම ප්‍රමාණයේ කැබලි වලට කපාගත් ගෝවා
  • කපාගත් ළූණු කොළ කප් 1/2
  • චොප් කරගත් ළූණු
  • චොප් කරගත් සුදු ළූණු මේස හැඳි 2
  • චොප් කරගත් ඉඟුරු මේස හැඳි 2
  • බටර් මේස හැඳි 2 හෝ තෙල් කප් 1/4
  • සෝයා සෝස් මේස හැදි 3 (Soya Sauce)
  • ඔයිස්ටර් සෝස් මේස හැදි 2 (Oyster Sauce)
  • සීනි තේ හැන්දක්
  • කෝන් පිටි මේස හැන්දක්
  • කෑලි මිරිස් තේ හැදි 1/2
  • ගම්මිරිස් තේ හැදි 1/2

සාදාගන්නා ආකාරය:

මුලින්ම සෝස් එක හදාගනිමු

  • බෝල් එකකට සෝයි සෝස්, ඔයිස්ටර් සෝස්, සීනි සහ කෝන් පිටි එකතු කරන්න.
  • හොඳින් මිශ්‍ර වන තෙක් කලවම් කර පසෙකින් තබන්න.

ඊළඟට නූඩ්ල්ස් හදා ගනිමු.

  • ලොකු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.
  • එයට චිකන් එකතු කරන්න.
  • චිකන් වලට උඩින් සාදාගත් සෝස් මේස හැදි දෙකක් දමන්න.
  • සෝස් දැමූ චිකන් දෙපැත්ත පෙරලා රන්වන් පැහැ ගන්නා තෙක් විනාඩි පහක් පමණ බැදගන්න.
  • ඉන්පසු එයට සුදු ළූණු සහ ඉඟුරු එකතු කර පමණ බැදගන්න.
  • එයට ළූණු එකතු කර තවත් මිනිත්තු දෙකක් බැදගන්න.
  • ඉන්පසු සැල්දිරි සහ ගෝවා එකතු කරන්න.
  • කෑලි මිරිස් සහ ගම්මිරිස් උඩින් දමා හොඳින් කලවම් කරමින් විනාඩි දෙකතුනක් තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු නූඩ්ල්ස් එකතු කර කලවම් කරගන්න.
  • නූඩ්ල්ස් වලට උඩින් සාදාගත් සෝස් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • ළූණූ කොළ දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.

නූඩ්ලස් එක හදා ගන්නේ එහෙමයි.

මේ නූඩ්ල්ස් එකට කරි එකක් හදා ගනිමු.

චිලී චිකන් කරි

අවශ්‍ය දේවල්:

මැරිනේඩ් එකට (කුකුල් මස් ටික පදම් කරගන්න) අවශ්‍ය දේවල්

  • කටු රහිත චිකන් 500g
  • බිත්තර 1
  • සෝයා සෝස් තේ හැන්දක්
  • ලුණු තේ හැඳි 1/2
  • විනාකිරි මේස හැඳි 1
  • කෝන් පිටි මේස හැඳි 4

ඉතිරිය සඳහා අවශ්‍ය දේවල්.

  • දිග අතට පලාගත් අමු මිරිස් කරල් 4-5ක්
  • කුඩාවට කපාගත් සුදු ළූණු බික් 4
  • රවුම් ලෙස කැපූ ළූණු ගෙඩියක්
  • කෝන් පිටි මේස හැන්දක්
  • වතුර හෝ චිකන් ස්ටොක් කප් 1/2
  • සෝයා සෝස් තේ හැඳි 1
  • විනාකිරි තේ හැඳි 1
  • ලුණු තේ හැඳි ½

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම චිකන් හැර මැරිනේඩ් එකට තැබූ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර මිශ්‍රණයක් (බැටර් එකක්) සාදාගන්න. එයට කපාගත් චිකන් එක් කර හොඳින් මිශ්‍ර කර පැය භාගයක් වසා තබාගන්න.
  • ඊට පස්සෙ මේ චිකන් ටික පැය භාගයකට පසුව ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.
  • දැන් වෙනම බඳුනක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සුදු ළූණු, අමු මිරිස්, ළූණු එක් කර තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස් සහ විනාකිරි එක් කර කලවම් කර ඒ සමඟම කෝන් පිටි මේස හැන්ද දිය කරගත් වතුර එක් කරගන්න
  • ඒ මිශ්‍රණය ඝණ වීගෙන එන කොට ඒකට ලුණු සහ චිකන් එක් කර මිශ්‍ර කරගෙන ලිප නිවා ගන්න.

මේ ආහාර වේලට ඩ්‍රින්ක් එකකුත් හදා ගනිමු.

රසවත් අයිස් ටී එකක් හදා ගනිමු.

අවශ්‍ය දේවල්:

  • සීනි දමා ගත් තේ 1L
  • මින්චි කොළ
  • දෙහි යුෂ මේස හැදි 1
  • දෙහි පෙති කිහිපයක්
  • දොඩම් යුෂ කෝප්ප ½
  • අයිස් කැට

සාදා ගන්නා ආකාරය:

  • සාමාන්‍ය ආකාරයට තේ සාදා ගෙන නිවෙන්නට කලින් අවශ්‍ය තරමට සීනි දමා ගෙන දිය කර ගන්න.
  • එයටම දෙහි යුෂ හා දොඩම් යුෂ දමා ගෙන නිවුනු පසු ශීතකරණයේ තබා ගන්න.
  • පිළි ගැන්වීමේ දී අයිස් කැට දමා ගෙන මින්චි කොළ ඉත්තක් හා දෙහි පෙත්තක් මඟින් සරසා ගන්න.

ඔන්න එහෙනම් මේ ඉරිදා රාත්‍රියට රසවත් චයිනීස් ආහාර වේලක් හදලා ගෙදර අයව සතුටු කරන්න ඔයාට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles