හැමෝම කන්න කැමති ත්‍රිපෝෂ ගෙදරදී ම හදමු..

ත්‍රිපෝෂ පෝෂණ ගූණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයක්. එක් ප්‍රතිලාභියෙක් උදෙසා මසකට ග්‍රෑම් 750 පැකට් 02 බැගින් රජයෙන් නොමිලේ බෙදා හරිනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් මූලික කරුණු දෙකක් ඉටුකර ගන්න රජය බලාපොරොත්තු වෙනවා.

  1. මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරීම/වළක්වා ගැනිම.
  2. දේශීය ගොවියාගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම

කාටද ත්‍රිපෝෂ ලැබෙන්නේ?

  • සියලු ම ගර්භනි මව්වරුන්
  • සියලු ම කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06 ගතවන තුරු)
  • මන්ද පෝෂණයෙන් පෙළෙන මාස 06 වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්
  • බර අනුව ළමා කාඩ්පතේ -2a රේඛාවට පහළින් සිටින ළමුන්
  • ළමා වර්ධක සටහනට අනුව මාස 03ක කාලයක් තුළ සීඝ්‍ර බර අඩු වීමක් පෙන්නුමි කරන ළමුන් 

ත්‍රිපෝෂ කියන්නේ කියන්නේ බාල වැඩිහිටි කා අතරත් ජනප්‍රිය ආහාරයක් වුණත් මේ දවස් වල ත්‍රිපෝෂ හිඟයක් පවතින බව අප දුටුවා.ඉතින් ත්‍රිපෝෂ ලෝලී ඔබටයි මේ වට්ටෝරව.

ගෙදරදීම ත්‍රිපෝෂ හදන්න අවශ්‍ය දේවල්

  • හාල් 100g
  • තිරිගු ඇට 100 g
  • මුං ඇට 100 g
  • සෝයා 100 g


මෙහෙම  හදාගමු

  • සියලුම දේ මුලින් සෝදා වේලා ගන්න.
  • ඊට පසු සියල්ලම කබලේ බැදගන්න .
  • අනවශ්‍ය විදිහට කර කරගන්නට එපා .
  • බ්ලේන්ඩර් ආධාරයෙන් හොදට පිටි වෙන්න  කුඩු කරගෙන පෙනේරයකින් හලා ගන්න.
  • දැන් සියල්ලම එකට මිශ්‍ර කර ගෙන වියළි බෝතලයක අසුරා ගන්න .

මතක තබාගන්න .ස්වයං රැකියාවක් ලෙසත් සිදුකරන්න ට පුලුවන් .

Related Articles

Don't Miss


Latest Articles