සති අන්තයට ඔබ හදන රස කෑම කන්න ගෙදර හැමෝම හරිම කැමති ඇති. ඉතින් අද රෑට සරල මෙනු එකක් තමයි අපි අරන් ආවේ.
මුලින්ම හදා ගමු අල පූරි..
අවශ්‍ය දේවල්:
- තම්බපු අල ගෙඩි 2 (150g)
- පාන් පිටි 150g
- හීනියට කපා ගත් කරපිංචා
- කහ කුඩු
- මිරිස් කුඩු තේ
- වතුර 50ml
- රස අනුව ලුණු
- තෙල්
සාදාගන්නා ආකාරය
- මුලින්ම භාජනයක් ගෙන එයට අල දමා අතින් හොදට පොඩි කරගන්න.
- ඉන්පසු පාන් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, කරපිංචා සහ ලුනු කුඩු එක් කර කවලම් කරගන්න.
- ඉන්පසු වතුර දමමින් පිටි ගුලියක් හදාගන්න.
- ඉන්පසු එයට තෙල් ටිකක් අත ගා පැය භාගයක් පමණ වසා තබන්න.
- ඉන්පසු කුඩා පිටි ගුලි හදමින් ගැඹුරු තෙලේ බැද ගන්න.
ඊට පස්සේ පූරි වලට ගැළපෙන සම්බෝලයක් හදා ගනිමු.
තෝසේ සම්බෝලේ..
අවශ්‍ය දේවල්:
- පොල් ග්‍රෑම් 100 යි
- අමු මිරිස් කරල් 2යි
- තක්කාලි ගෙඩි 1යි
- උළුහාල් ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- බී ලූණු ගෙඩි 1 ක්
- සූදුරු ස්වල්පයක්
- දෙහි
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදන ආකාරය:
- පොල්, අමු මිරිස්, තක්කාලි බ්ලෙන්ඩර් කරගන්න.
- එම මිශ්‍රණයට දෙහි, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව එකතුකරගන්න.
- භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතුකරන්න. එය හොඳින් රත්වූ පසු, අබ, උළුහාල් සහ සූදුරු දමන්න. එයටම බී ලූණු එකතුකර රන්වන් පැහැවන තෙක් බදින්න.
- එයට ඉහත සාදාගත් මිශ්‍රණය දමා කළවම් කරගන්න.
ඩ්‍රින්ක් එකකුත් තිබුණා නම් අපූරුයි කියලා හිතෙනවා නේද?
ටින් කිරි.
අවශ්‍ය දේවල්:
- මිල්ක්මේඩ් තේ හැදි 3
- තේ කොළ
- වතුර
සාදා ගන්නේ මෙහෙමයි..
- වතුර උණු කර ගන්න
- එයට තේ කොළ දමා තැම්බෙන්න තබන්න.
- විනාඩි පහකට පමණ පසු ඒ තේ කොළ පෙරා ඉවත් කර ටින් කිරි එකතු කරන්න.
අද සැහැල්ලු ආහාර වේලක් නිසා ඩෙසර්ට් එකකුත් හදා ගනිමු.
Chocolate Avacado Pudding
අවශ්‍ය දේවල්:
- අලිගැටපේර ගෙඩි 2ක මද
- කොකෝවා පව්ඩර් කප් 1/2
- වැනිලා තේ හැඳි 2
- දුඹුරු සීනි කප් 1/2
- කුරුඳු කුඩු ටිකක්
- පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක්
සාදාගන්නා ආකාරය:
- මේ සියළුම දේවල් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
- කප් වලට දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.
අද ආහාර වේලටත් ගෙදර අය ගොඩක් කැමති වේවි. ලබන සතියෙත් වෙනස්ම රසකට ඩිනර් එකක් හදලා බලමු.