උදෑසනට පිටිකිරි වීදුරුවක් වෙනුවට කොළ කැඳ වීදුරුවක් බීමෙන් ලැබෙන වාසි.

උදෑසනට කිරි පිටි වීදුරුවක් බොන එක වර්තමානයේ ලොකු පොඩි හැමෝගෙම පුරුද්දක් වෙලා. විශාල වියදමක් දරල මාස් පතා කිරි පිටිවලට අපි වැය කරන මුදලට සාපේක්ෂව පෝශණයක් අපිට ලැබෙනවද? කියල බුද්දිමත්ව අපි කල්පනා කල යුතු කාලය ඇවිත්. බෝ නොවන ලෙඩ රෝග වලින් පීඩාවට පත් නොවුන අපේ මුතුන් මිත්තන්ගෙ නීරෝගීමත් බවට ඔවුන්ගේ ආහාර රටාව තදින් බලපෑව. ඒ ආහර රටාව තුල උදෑසනට බොන කොළ කැද වීදුරුවට ඉහල වැදගත්කමක් ලැබුණා. ඉතින් අඩු වයසින්ම බෝනොවන රෝග වල ගොදුරක් වන අපේ දරුපරපුර මේ රෝග වලින් ආරක්ෂා කර ගන්න නම් නැවත වරක් උදෑසනට කොළ කැද වීදුරුවක් බීමේ පුරුද්ද මුලු පවුලටම හුරු කිරීමේ වගකීම මව්වරුන් වන අපිට තියනවා. ඉතින් මේ ලිපිය ඔබ දන්නා කොළ වර්ග රැසකින් පිලියෙල කරන ඖෂධීය කොළ කැද වීදුරුවක් බීමෙන් ඔබට ලැබෙන වාසි ගැනයි. මේ කොළ කැද වීදුරුවකින් වලකා ගන්න හැකි බෝ නොවන රෝග ප්‍රමාණය ගැන ඔබ දැනුවත් වුනොත් ඔබ මවිත වේවි.

ඇයි ඔබ උදෑසනට කොල කැද වීදුරුවක් පානය කල යුතු?

දේශීය කොළ සහ පලා වර්ග වල ඇති අසීමිත ගුණ ශරීරයට ලබා ගන්න පුලුවන් හොඳම ක්‍රමයක් තමයි කැඳ වර්ග කියන්නේ.උදෑසන කැඳ කෝප්පයකින් ආරම්භ කරන දවස බොහොම ප්‍රාණවත් සහ කාර්‍යක්ශම එකක් වෙන බවට කිසිම සැකයක් නෑ.කිරිපිටි පානය කරනවට වඩා කැඳ කෝප්පයක් පානය කරන එකෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙනවා කියල අපි ඉහත කියුවනෙ. ඉතින් කොළ කැද පිලියෙල කරන කොල වර්ග අනුව සකස් කරන කොළ කැද වීදුරුවක් බීමෙන ඔබට ලැබෙන වාසි ගැන අපි දැන් බලමු.

කරපිංචා කැඳ

බොහෝ දෙනෙකුට තමන්ගෙ ගෙවත්තෙන්ම හොයාගන්න පුලුවන් ,පහසුවෙන් සකස් කරගන්න පුලුවන් කැඳ වර්ගය තමයි මේක.සෙම හා වාතය නසන ගුණය කරපිංචා කොළ කැඳවල පවතින අතරම ,කෑම අරුචිය, අජීර්ණය හා නොයෙකුත් උදරාබාධවලටත් කරපිංචා කැඳ කියන්නේ ඉතා ගුණදායක පානයක්.රුධිරගත දෝෂ වළක්වන මෙම කැඳ වර්ගය වර්තමානයේ බොහෝ දෙනෙකුට ගැටලුවක්ව ඇති අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි

මුකුණුවැන්න කැඳ

විටමින් A බහුල මුකුණුවැන්න කැඳ පානය මගින් ඇස් පෙනීම වර්ධනය කරන අතරම ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි.ශරීරයේ විෂ නසන ගුණයෙන් යුතු මෙම කැඳ වර්ගය වයසට යාමද පමා කරයි. එමෙන්ම මල බද්ධය , හිසරදය , පීනස සහ අක්මා රෝග සහිත අයටද මෙය ඉතාම ගුණ කැඳ වර්ගයක්.

ගොටුකොළ කැඳ

බොහො දෙනා ඉතාම ප්‍රිය කරන මෙම කැඳ වර්ගය පානය කිරීම මගින් මතක ශක්තිය වර්ධනය කරන අතර සමේ රෝග ඇතිවීම පාලනය කර සම පැහැපත් කරයි.ඒ වගේම මෙය පීනස රෝගීන්ට සහ කිරි දෙන මව්වරුන්ටත් ඉතාම ගුණදායක කැඳ වර්ගයක් ලෙස මෙය සැලකෙනවා.ගොටුකොල කැඳ පිළිකා රෝගීන්ට , අධි රුදිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ටත් සුදුසුයි

මොනරකුඩුම්බිය කැඳ

අක්මා රෝග දුරු කරන පෝෂණ ගුණයෙන් යුතු මෙම කැඳ වර්ගය ශරීරයේ දැවිල්ල සමනය කරනවා.

ඉරමුසු කැඳ

චර්ම රෝග වලට ඉතාම ගුණදායක පානයක් වන මෙය මුත්‍රා දැවිල්ල අඩු කරයි.පණු රෝග ,කක්කල් කැස්ස සෙම් රෝග සඳහාද ගුණ දෙන ඉරමුසු කැඳ ශක්තිජනක පානයක් ලෙසද සැලකෙනවා

පොල්පලා කැඳ

මුත්‍රා මාර්ගයේ හට ගන්නා ගල් දිය කරන පොල්පලා කැඳ ශරීරයේ විශ බැහැර කරනවා.

හාතවාරිය කැඳ

ශරීරයේ විශ නැති කරමින් ප්‍රතිශක්තිකරණය ඉහල දමන හාතවාරිය කැඳ පෝෂණ ගුණයෙන් ඉතා ඉහලය

වැල් පෙනෙල කැඳ

වැල් පෙනෙල කැඳ පානය කිරීමෙන් සරු භාවය ඇති කරන අතර අධික රුධිර පීඩනය අවම කරයි.ඒ වගේම ශරීරයේ වෙව්ලන බවද නැති කරයි. පිළිකා වළක්වන ගුණය පවතින වැල්පෙනෙල කැඳ මගින් ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයකින් පවත්වා ගනී. ලේ පිරිසිදු කිරීමද මෙමගින් සිදු කෙරේ

කුප්පමේනියා කැඳ

සෙම් රෝග දුරු කර පීනස රෝගයද සමනය කරන කුප්පමේනියා කැඳ පානය කිරීම මගින් කැස්ස රෝගයද සමනය කරන අතර ශරීරයේ විස නසන ගුණද අඩංගු වේ

මෙවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඔබට ලැබෙන පෝශණ ගුණයෙන් ඉතාම ඉහල කැඳ කෝප්පයකින් ඔබේ දවස ආරම්භ කිරීමෙන්, ලෙඩ රෝග වලින් තොර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යන්න ඔබට හැකියාව තියනවා.

Related Articles

Don't Miss


Latest Articles