රසවත් දෙල් මැල්ලුමක් හදමු..

කොස් මැල්ලුම වගේම දෙල් මැල්ලුම කියන්නෙත් කරවල හොද්දක් එක්ක දවල් බතට කැපෙන ව්‍යාංජනයක්. මේ කියන්නේ රසවත් දෙල් මැල්ලුමක් හදා ගන්න ආකාරයයි.

මේවා තමයි හදා ගන්න අවශ්‍ය දේවල්..

  •  
  • බාගෙට පැසුණු දෙල් ගෙඩි 1
  • ගා ගත් පොල් 100 g
  • සුදුළූණු
  • අමු මිරිස් කරල්
  • රතුළූණු ගෙඩි
  • ගම්මිරිස් කුඩු
  • කුරුඳු කැබැල්ලක් 
  • කහ තේ හැඳි 1
  • සිහින්ව කපා ගත් කරපිංචා
  • ලුණු අවශ්‍ය

 
මේ විදියට හදා ගනිමු..

  • ප​ළමුව දෙල් ගෙඩිය සුද්ද කර සිහින්ව ලියා ගන්න. ඉන්පසුව කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා ගන්න. සෝදාගත් දෙල් භාජනයක දමා ලුණු ස්වල්පයක් සහ වතුර එක්කර මද ගින්නේ තැම්බෙන්නට තබන්න. 
  • දැන් සුදුළූණු, අමු මිරිස්, ලියාගත් කරපිංචා, කුරුඳු සහ ළූණු දමා කොටන්න. එයට ගා ගත් පොල් ටික ද එකතු කර කොටා ගන්න. 
  • එයට ගම්මිරිස් කුඩු එක්කර හොඳින් අනාගන්න. 
  • ලිප තබා ගත් දෙල් තැම්බී වතුර සිදීගෙන එනවිට සාදා ගත් පොල් මැල්ලුම දමා කූරු ගා ගන්න. 
  • ටික වේලාවක් ලිපේ තබා ඉවතට ගෙන දෙහි යු​ෂ එක්කර කළවම් කරගන්න

ඔන්න ඔහොමයි රසවත් දෙල් මැල්ලුමක් හදා ගන්නේ..

Related Articles

Don't Miss


Latest Articles