මුහුණේ ඇති Wrinkles වලට නිවසේ දීම ප්‍රතිකාර

සමේ රැළි ඇති වීම Wrinkles ලෙස හඳුන්වන්න පුලුවන්.සමේ තෙතමනය අහිමි වී යාමත් සමඟ ඇතිවෙන වියලි බව ඔබේ මුහුණේ Wrinkles ඇති වීමට ප්‍රධානම හේතුවක්. ඉතින් සම තෙතමනය සහිතව තබා ගැනීම මේ තත්වය පාලනයට හොඳ හේතුවක් වනවා.
අපි වයස් ගත වන විට මේ කොලජන් නිෂ්පාදනය අඩු වී සමේ රැලි ඇතිවීමක් සිදුවෙනවා.
හිරු එළියට නිරාවරණය වීම, පරිසර දූෂණය වැනි දේවල්ද Wrinkles වලට හේතු වෙන්න පුළුවන්.

මේ සඳහා අපිට ගෙදරදීම සත්කාර කරන්න පුලුවන්. මේ කියන්නේ ඒ සත්කාර ගැනයි.

ලෙමන් treatment

  • යෝගට් තේ හැන්දක්, මී පැණි තේ හැන්දක්, විටමින් E සහ ලෙමන් යුෂ තේ හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න.
  • එම ආලේපය මුහුණේ ගල්වා විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
  • සතියකට දෙවතාවක්වත් මේ treatment එක කරන්න.

ආමන්ඩ් Treatment

  • රැව රුක ගැනීමට ආමන්ඩ් වලට තියෙන්නේ සුවිශේෂ හැකියාවක්.
  • ආමන්ඩ් ඇට කිහිපයක් කිරි ටිකක පොඟවා රුයක් තබන්න. පසුදා උදෑසනට එම ආමන්ඩ් ඇට ග්‍රයින්ඩරයකට දමා හොඳින් කුඩු කරගන්න.
  • එයින් ඝනකම ඇති පේස්ට් එකක් සකස් කරගන්න.
  • ඒ පේස්ට් එක මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මුහුණ පිරිසුදු වතුරින් සෝදා හරින්න.
  • මේ treatment එක දිනපතා සිදු කරන්න.

ජලය පානය

සම රැළි වැටීමට හොඳම ප්‍රතිකාරය ජලය. හොඳින් ජලය පානය කිරීමෙන් රැළි වැටීම අවම කරගන්න පුළුවන්. හැබැයි දවසට ජලය ලීටර් දෙකක් වත් පානය කිරීමෙන් සම ලස්සන කරගන්න පුළුවන්.

කෝමාරිකා සත්කාරය

  • කෝමාරිකා කියන්නේ පිරිසුදු කාරකයක්.
  • කෝමාරිකා පත්‍ර ජෙලි සූරා ගෙන සමේ ආලේප කරන්න.
  • විනාඩි 20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

ඔලිව් තෙල්

  • ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන මුහුණ හොඳින් සම්බාහනය කරන්න.
  • ඒ treatment එකෙන් සමට තෙතමනය ලැබෙනවා.මේ ඔලිව් තෙල් සත්කාරය දිනපතා කරන්න.

මේ සත්කාර වලින් Wrinkles වලට හොඳ විසඳුමක් ලබා ගන්න ඔබට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles