Black Heads වලට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර.

Black Heads කියන්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන කාරණයක්.සැලෝන් එකකට ගිහින් අවශ්‍ය Treatments කරන්නත් වෙලාවක් නැති ඔබට නිවසේදීම කර ගත හැකි සත්කාර කීපයක් තමයි මේ අපි කියලා දෙන්නේ. ගෙදරින් හොයා ගන්න පුලුවන් අමුද්‍රව්‍ය වලින් මේ සියලු Treatments කෙරෙන නිසා ඔබට විශාල අමතර මුදලක් යන්නෙත් නෑ…

අපි බලමු Black Heads සඳහා කළ හැකි සත්කාර කීපයක්.

ලෙමන්, මී පැණි සහ සීනි වලින් කළ හැකි ට්‍රීට්මන්ට් එකක්

  • ලෙමන් ගෙඩියක් අරගෙන දෙකට කපන්න.
  • ඒ මතට මී පැණි අවශ්‍ය ප්‍රමාණයෙන් අතුරන්න.
  • එයට සුදු සීනි ස්වල්පයක් දමා මෙම ස්වාභාවික ස්පොන්ච් එක ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් ඇති ස්ථාන වල රවුම් ආකාරයට සම්බාහනය කරන්න.

වැස්ලින් සහ සෙලෝපේන් වලින් ට්‍රීට්මන්ට් එකක්

  • උණු වතුර ස්වල්පයකින් ඔබේ මුහුණ හොඳින් සෝදන්න.
  • ඉන්පසුව ඔබේ මුහුණේ කළු ලප සහ සුදු ලප ඇති ස්ථාන වල හොඳින් වැස්ලින් ආලේප කරන්න. ඉන්පසු එය මතින් සෙලෝපෙන් කැබැල්ලක් තබන්න.
  • තුවායක් උණු වතුරේ පොගවා එය තරමක් සිසිල් වන තුරු තබා සෙලෝපෙන් කැබැල්ල උඩින් ඔබේ කළු ලප සහ සුදු ලප ඇති ස්ථාන පිරිමදින්න.
  • මෙය විනාඩි 05ක් පමණ සිදු කොට සෙලෝපෙන් කොලය ඉවත් කරන්න.
  • වැස්ලින් ටික පිසදා හෙමින් කලු ලප සහ සුදු ලප මිරිකා හරින්න.

පොල් තෙල් සහ ලැවැන්ඩර් ඔයිල් ට්‍රීට්මන්ට්

  • බඳුනකට පොල් තෙල් මේස හැඳි දෙකක් දමා එයට දෙහි බින්දු ටිකක් සහ ලැවැන්ඩර් ඔයිල් දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසුව පුළුන් කැබැල්ලක් ගෙන එය ඔබේ මුහුණේ ආලේප කරන්න.

කුරුඳු කුඩු සහ ඕට්ස් ට්‍රීට්මන්ට්

  • ඕට්ස් තේ හැන්දකට කුරුඳු කුඩු තේ හැඳි එකක් මිශ්‍ර කොට මඳ උණුසුම් වතුරෙන් තලපයක් ලෙස සකසා ගන්න.
  • මෙම මිශ්‍රණය ඇඟිලි තුඩු වලට ගෙන මුහුණේ බ්ලැක්හෙඩ්ස් ඇති තැන්වල ආලේප කරන්න.
  • එය විනාඩියක් පමණ හොඳින් රවුම් ආකරයට ස්ක්‍රබ් කරන්න.
  • ඉන්පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

පොල් තෙල් කෝපි කුඩු ට්‍රීට්මන්ට්

  • පොල් තෙල් ටිකකට කෝපි කුඩු භාගයක් එකතු කොට හොඳින් මිශ්‍ර කොට තලපයක් සාදා ගන්න.
  • මෙම තලපය ඔබේ මුහුණේ Black Heads සහ White Heads තිබෙන ස්ථාන වල ආලේප කොට විනාඩි 5ක් පමණ හොඳින් ස්ක්‍රබ් කරන්න.
  • ඉන්පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

Related Articles

Don't Miss


Latest Articles