Bubble Wrap වලින් කොන්ඩෙ curl කරමු

ලස්සන කැරලි කොණ්ඩයකට ඕනම ගෑණු ළමයෙක් කැමතියි. සාමාන්‍ය ගමනට බිමනට වගේම උත්සව අවස්ථාවන්ටත් curl කරපු කොණ්ඩයක් අගේට ගැලපෙනවා. බොහෝදෙනා කොණ්ඩෙ curl කරන්නෙ curling ironවලින්. නිතර කොණ්ඩෙ curl කරනවා නම් එය එතරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. අධික රස්නයට නිතරම කොණ්ඩෙ නිරාවරණය වුණොත් කොණ්ඩය ඉක්මනින්ම නාස්තිවෙන්න පුළුවන්.

මෙන්න කොණ්ඩෙ පුච්චගන්නෙ නැතිව ලස්සන curl කොණ්ඩයක් ලබාගන්න ලේසි විදිහක්. අවශ්‍යවන්නේ Bubble Wrap, හෙයා ක්‍රීම් ටිකක් සහ රබර් බෑන්ඩ් පමණයි.

  1. පළමුවෙන්ම styling cream ටිකක් හෝ leave-in conditioner එකක් යොදා කොණ්ඩය සූදානම් කරගන්න.
  2. අඟලක පමණ මහතින් යුතුවන ලෙස Bubble Wrap තීරු කපාගන්න.
  3. කෙස් කළඹ කොටස්වලට වෙන්කරගන්න.
  4. වෙන්කල කෙස් කොටස මුල සිට අගට Bubble Wrap තීරුවක ඔතන්න.
  5. එය රබර් බෑන්ඩ්එකක් යොදා රඳවාගන්න.
  6. මේ ආකාරයෙන් සියළුම හිසකෙස් තීරු ඔතාගන්න.
  7. අවම වශයෙන් පැය දෙකකක්වත් ඔතා තබන්න. කැමති නම් රාත්‍රී නින්දට පෙරත් මෙලෙස කොණ්ඩය සකසා නිදාගන්න පුළුවන්.
  8. පසුව Bubble Wrap තීරු ඉවත්කර ඇඟිලිතුඩුවලින් පීරාගන්න. වැඩි වේලාවක් රඳවා ගැනීමට අවශ්‍ය නම් hair spray යොදා කොණන්ඩය set කරගන්න.

හරිම පසුවෙන් කොණ්ඩෙටත් වදයක් නැතිව ලස්සන curl කොණ්ඩයක් මේ විදියට ඔබටත් සකසගන්න පුළුවන්. ළඟ එන උත්සව සමයේදී සැලූන් යන්නෙ නැතිව ගෙදරදිම මේ ලස්සන විලාසිතාව කරල බලන්න පුළුවන්.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles