හවස තේ බොන්න වෙනස් විදියේ Snack එකක් හදන්න කැමති ඔබට තමයි මේ රෙසිපිය. අද අපි ස්ප්‍රින්ග් රෝල්ස් හදලා බලමු.
අවශ්‍ය දේවල් මේවා..
- පාන් පිටි කෝප්ප 1
- කෝන්ෆ්ලවර් මේස හැදි 3 (ඉරිඟු පිටි)
- ලුණු කුඩු තේ හැදි 1/2
- තෙල් මේස හැදි 2
- මඳ උණුසුම් ජලය
- තෙල් සහ පිටි
සාදාගන්නේ මෙහෙමයි..
- මුලින්ම පිටි ටිකට කෝන්ෆ්ලවර් සහ ලුනු කුඩු දමා එක පාරක් පෙනේරයකින් හලාගන්න.
- එයට තෙල් මේස හැදි දෙකක් එක් කර අනාගන්න ගමන් උණු වතුර ටික ටික දාගෙන අතේ නොඇලෙන තරමට පිටි මෝලිය (පිටි ගුලියක්) අනාගෙන විනාඩි 30-40 වගේ වහල තියන්න.
- පිටි මෝලියෙන් ටික ටික වෙන් කරගෙන පොඩි පොඩි ගුලි හදාගන්න.
- දෙහි ගෙඩියක ප්‍රමාණයේ ගුලි හදාගන්න.
- රෝලින් පින් එකක් ආධාරයෙන් ඒවා තුනී කරගන්න.
- තුනී කරගත් රොටී උඩ පැත්තේ තෙල් ටිකක් ගාලා ඊට උඩින් ඇගිලි තුඩු වලට පිටි ඉහගන්න.
- ඊට පස්සෙ රොටී දෙක දෙක එකට තබා ගන්න
- ඉටිකොලයක් ගෙන දෙකට නමා ඒ අතරට එකට එක තියා හදාගත් රොටී දෙකක් තබා රෝලින් පින් එකකින් ආයෙමත් රොටී දෙකම තනි රොටියක් වගේ වෙන්න තුනී කරගන්න.
- මෙහෙම තුනී කරගනිද්දි නම් මේ එකට ඇලුණු මේ රොටී දෙක තුනී වෙලා විශාල වෙනවා.
- ඉන්පසු ඉටිකොලය අතරේ ඉතුරු රොටී ටිකත් තියලා තුනී කරගන්න.
- පෑන් එකක් අඩු ගින්දරේ ලිප තබා එය රත් වන්නට තබන්න.
- පෑන් එක ගොඩාක්ම අඩු ගින්දරේ තියාගන්න. රොටියේ එක පැත්තක් තත්පර 10ක් වගේ පුළුස්සා ගන්න.
- ඉන්පසු නිමෙන්න හරින්න.
- ඉන්පසු එකට අලවා ගත් රොටී වෙන වෙනම ගලවා ගන්න.
- “ස්ප්‍රින් රෝල් ශීට්” කියලා හඳුන්වන්නේ මේවා.
- මේ ශීට් උඩින් කැමති පිරවුමක් තබා ශීට් එක නමා රෝල්ස් ආකාරයට හදා ගන්න.
දැන් ස්ප්‍රින්ග් රෝල්ස් ගෙදර අයට රස විඳින්න පුලුවන්!