නත්තල් මේසෙට පොඩිත්තන් කැමතිම ක්‍රිස්මස් කුකීස් රස තුනකින් හදමු.

මේ එන්නේ නත්තල් . සමයයි. ලොව පුරා නත්තල සමරමින් හදන ක්‍රිස්මස් කුකීස් වර්ග රාශියක් තිබෙනවා. අද ස්මාට්ලේඩි තුළින් ඔබට ගෙන එන්නේ පහසුවෙන් සහ රසට හදාගන්නට පුලුවන් ක්‍රිස්මස් කුකීස් රෙසිපි කිහිපයක්.

සාම්ප්‍රදායික ක්‍රිස්මස් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප තුනක්
  • සීනි කෝප්ප එක හමාරක්
  • බටර් කෝප්ප එක හමාරක්
  • බිත්තර දෙකක්
  • ලුණු තේ හැඳි කාලක්
  • බේකින් පවුඩර් තේ හැඳි බාගයක්
  • වැනිලා තේ හැන්දක්

හදන්නේ මෙහෙමයි

පාන්පිටි, ලුණු, බේකින් පවුඩර් එකට මිශ්‍ර කරගන්න. බටර් සහ සීනි හොඳින් බීට් කරන්න. එයට බිත්තර එකතු කර නැවත බීට් කරන්න. දැන් එයට පිටි මිශ්‍රණය එකතු කර හොඳින් අනාගන්න. පැයබාගයක් ශීතකරණයක තබන්න. අඟල් කාලක ඝනකමක් සහිතව තුනී කරන්න. නත්තල් ගසක හැඩයට, හිම කැටිත්තක හැඩයට වැනි තේමාවට ගැළපෙන කුකී කටර් එකකින් කපා ගන්න. 200° C ක් රත් කරන ලද උදුනක විනාඩි අටක් බේක් කරගන්න.

ජින්ජර්බ්‍රෙඩ් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප තුනක්
  • සීනි කෝප්ප එක හමාරක්
  • බටර් කෝප්ප එක හමාරක්
  • බිත්තර දෙකක්
  • සිහින්ව අඹරා ගත් ඉඟුරු මේස හැඳි දෙකක්
  • ලුණු තේ හැඳි කාලක්
  • බේකින් පවුඩර් තේ හැඳි බාගයක්
  • වැනිලා තේ හැන්දක්
  • සරසන්නට අයිසින් සීනි ටිකක් සහ ස්ප්‍රින්කල්ස් ටිකක්

හදන්නේ මෙහෙමයි

සියල්ල එක බෝලයක් වන සේ අනාගන්න. පැය බාගයක් ශීතකරණයක තබා ජින්ජර්බ්‍රෙඩ් මෑන් හැඩයට කපාගන්න. 200°C ක් රත් වූ උදුනක හොඳින් රන්වන් පැහැ වන තුරු විනාඩි 10ක් පමණ බේක් කරන්න. අයිසින් සීනි සහ ස්ප්‍රින්කල්ස්වලින් සරසා ගන්න.

රොසෙට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප එකක්
  • කිරි කෝප්ප එකක්
  • බිත්තර දෙකක්
  • සීනි තේ හැන්දක්
  • වැනිලා ටිකක්
  • සරසන්නට අයිසින් සීනි ටිකක්

හදන්නේ මෙහෙමයි.

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට අනා රැයක් ශීතකරණයක තබන්න. මල් හැඩයේ කොකිස් අච්චුවක් ගන්න. තාච්චියකට තෙල් දමා ගන්න. රත්වන විට කොකිස් හදන අයුරින් බැටරයේ දවටමින් තෙලෙහි බැද රොසෙට් සකසා ගන්න. අයිසින් සීනිවල දවටාගන්න.

නත්තල් කියන්නෙ ආගමික උත්සවයක් වුවත් වර්තමානයේ අන්‍යාගමික බොහෝ දෙනාත් නත්තල් සමරනවා. ඔබේ උත්සව සමය පහසුවෙන් රසවත් කරගන්න මේ රෙසිපි උපකාරී වේවි.

Related Articles

Don't Miss


Latest Articles