කල් තබා ගත හැකි “ඉස්සෝ අච්චාරු” හදමු..

ඉස්සෝ කන්න කැමති ඔබට ඉස්සෝ කරිය වගේම රසවත් කෑමක් තමයි ඉස්සෝ අච්චාරු. කල්තබා ගන්න පුලුවන් ඉස්සෝ අච්චාරු හදලා රස බලන්න අපූරු රෙසිපි එකක් තමයි මේ..

අවශ්‍ය දේවල් මේ..

  • ඉස්සෝ 1kg
  • චොප් කර ගත් සුදුලූණු
  • චොප් කර ගත් ඉඟුරු
  • අමු මිරිස්
  • කහ කුඩු
  • මිරිස් කුඩු මේස හැදි 4
  • වතුර
  • විනාකිරි කප් 1
  • ලුණු
  • තල තෙල්
  • අබ ඇට මේස හැදි
  • වියළි උළුහාල් තේ හැදි
  • කරපිංචා

හදා ගන්නේ මෙහෙමයි..

  • ඉස්සෝ පොතු ඇර සුද්ද කර කහ කුඩු ,මිරිස් කුඩු මේස හැදි 1, විනාකිරි මේස හැදි 2, ලුණු එක් කර විනාඩි 30ක් පමණ තබන්න.
  • තල තෙල් ලිප තබා රත් කරන්න.
  • ඉස්සෝ රන්වන් පාට වෙනතුරු බදින්න.
  • ඒ භාජනයේම සුදු ළූණු බැද ගන්න.
  • එයටම ඉඟුරු, අමු මිරිස්, කරපිංචා එකතු කර රන්වන් පාට වනතුරු බදින්න.
  • කහ කුඩු, මිරිස් කුඩු සහ ලුණු දමා කලවම් කරන්න.
  • වතුර එක් කර පිස ගන්න.
  • විනාකිරි සහ බැදගත් ඉස්සන් මේ මිශ්‍රණයට එකතු කරන්න.
  • උළුහාල් සහ අබ ඇට බැදගෙන බ්ලෙන්ඩර් කර මේ මිශ්‍රණයට එකතු කරන්න.
  • අච්චාරුව හොඳින් කලවම් කර ජීවාණුහරණය කල බෝතලයක ගබඩා කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles