නිවසේදීම,කෘත්‍රිම රසායනික ද්‍රවයන්ගෙන් තොරව සාදාගන්නා මේ තෙල් වර්ගය ඔබේ පසුම්බියට බරක් නොවෙනවා සේම වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්නත් හේතුවේවි.
අවශ්‍ය දේවල් මේවායි
- කොහොඹ කොළ හා කරපිංචා කොළ කිහිපයක්
- ️පිරිසිදු පොල් තෙල් 25ml
- එඬරු තෙල් 25ml
- ඔලිව් තෙල් 25ml
- ️කෝමාරිකා පිත්තක්
- ️විටමින් E කරල් 3-4
සාදා ගන්නා ආකාරය
- කොළ දෙවර්ගයම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
- තෙල් වර්ග තුනම මිශ්‍ර කර පිරිසිදු ඇලුමිනියම් භාජනයකට දමා ඩබල් බොයිල් කරගන්න.
- නැතිනම් මද ගින්දරේ ලිපේ තියන්න.
- එම මිශ්‍රණයට අඹරාගත් කොල මිශ්‍රණය හා කෝමාරිකා කෑල්ල එකතු කරගන්න.
- විනාඩි විස්සක් පමණ කෝමාරිකා කෑල්ල තෙල් භාජනයේ තෙල් තුළ තැම්බෙන්නට දෙන්න.
- එය තැලීම හෝ පොඩි කිරීම ක් කරන්න ට එපා.
- තෙල් පෙරා ගැනීමට පෙර කෝමාරිකා කෑල්ල පොඩි නොකර ඉවත් කරගන්න.
- පසුව මෙම මිශ්‍රණය පෙරනයකින් පෙරා ගන්න.
- ලිපෙන් ඉවතට ගත් පසු විටමින් E කරල් එකතු කරගන්න.
- සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම තෙල් හිස ගල්වා මෘදු ලෙස ඇඟිලි තුඩුවලින් විනාඩි 5-10 ක් සම්බාහනය කරන්න.
- පැය දෙකක් පමණ තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න.