ඔස්ට්‍රේලියාවේ වැඩිම මාසික වේතනයක් ලබන ශ්‍රී ලාංකික කාන්තාව – ශෙමාරා වික්‍රමනායක

ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම වේතනයක් ලද ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය පත්වෙනවා. මෙතෙක් ඉතිහාසයේ ඉහළම වේතනලාභීන් අතර සිටිනා ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 18ක් බවයි සඳහන් වන්නේ.

ශෙමාරාගේ පියා වෛද්‍යවරයෙක්. ඔහු සිය බිරිඳ හා එංගලන්තයට පැමිණෙන්නේ 1958දී වැඩි දුර වෛද්‍ය පුහුණුව සඳහා. 1960දී ශෙමාරාගේ වැඩිමල් සොහොයුරිය රොෂානාගේ උපත සිදු වෙනවා. ශෙමාරා උපදින්නේ 1961 දීයි.

1962 දී ඔවුන් නැවත ලංකාවට පැමිණෙනවා. ඉන්පසු ශෙමාරාගේ පියා වෛද්‍යවරයෙක් ලෙස සිය සේවාව අරඹනවා. ඔහුගේ සිහිනය වන්නේ දිනක ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමයි. ශෙමාරාගේ බාල සොහොයුරු ප්‍රියාන් ඉපදෙන්නේ මේ කාලයේදීයි. ඉන්පසු ඔවුන් නැවත එංගලන්තය බලා පිටත් වෙනවා.

එහෙත් ආපසු එංගලන්තයට පැමිණි පසු ශෙමාරාගේ පියාට ස්ථිර රැකියාවක් සොයා ගැනීම පහසු වූයේ නැහැ. ඔහු වෙනත් වෛද්‍යවරින්ට අනුයුක්ත වෙමින් Birmingham හි රෝහලක සේවය කළා. ඔහු සිය පවුලේ අනාගතයේ හැරවුම් ලක්ෂය ලෙස 1975 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ ඒ අතරයි. ඔහුට ලැබෙන්නේ Royal Prince Alfred රෝහලේ අර්ධ කාලීන රැකියාවක්.

ඔවුන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ දරුණු ආර්ථික පරිහානියක් ද සමඟයි. එහෙත් ඔවුන් ඉතා සාර්ථකව දුෂ්කරතා මග හැරගන්නවා. ශෙමාරාගේ වැඩිමහල් සොහොයුරිය නීතිඥවරියක ලෙසත්, බාල සොහොයුරා වෛද්‍යවරයෙකු ලෙසත් සේවය අරඹනවා.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් නීතිය සහ වානිජ විෂයන් ශෙනාරාගේ තෝරාගැනීම වුණා. ඇය Macquarie ආයතනයට සම්බන්ධ වන්නේ 1987දී. වසර විසි එකකට පසු 2018 දී ඇය එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස උසස් වීම ලබනවා. එම ආයතනයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් වූ ප්‍රථම අවස්ථාව එයයි.

2018/2019 ව්‍යාපාරික වසරේ ඕස්ට්‍රේලියාවේ
වැඩිම වේතනයක් ලද ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වාර්තා තබන්නේ එසේ අසීරු ව ආ ගමනේ ප්‍රතිඵලයක් ලෙසයි. ඇයට පෙර වැඩිම වේතනයක් ලද ප්‍රධාන විධායක නිලධාරියාගේ වාර්ෂික ආදායම වූයේ ඩොලර් මිලියන 12.5ක්. ශෙමාරා ඔහුට වඩා ඩොලර් මිලියන 5.5ක් ඉදිරියෙන්.

මේ වන විට ඇය ආදරණීය බිරිඳක් මෙන් ම දරු දෙදෙනෙකුගේ මවක්. සිය පෞද්ගලික ජීවිතය ඉතා රහසිගතව ගෙන යන ඇය ශ්‍රී ලංකාවේ කාන්තා ඉතිහාසයේ නොමැකෙන ලකුණක් සටහන් කර හමාරයි.

Related Articles

Don't Miss


Latest Articles