බඩ අඩු වීම සඳහා උදෑසන ඇඳේ සිටම කළ හැකි ව්‍යායාම

කාන්තාවන් හුග දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ජීවිතේ කාර්‍යබහුල තත්ත්වයන් එක්ක තමන්ගෙ සිරුරේ හැඩය ගැන හිතන්න වෙලාවක් නැතිකම.ඉතිං අපි අද ඒකට හොඳම විසදුමක් ගැන මේ ලිපියෙන් අවදානය යොමු කරනවා.කොයිතරම් කාර්‍යබහුල වුණත් ඔබේ බඩ අඩු කරගෙන ලස්සන සිහින් සිරුරක් පවත්වාගෙන යන්න ඇඳේ සිට සිදු කළ හැකි සරල ව්‍යායාම කිහිපයක් ගැනයි මේ.

ඇඳේ සිට ව්‍යායාම කිරීමෙන් ලැබෙන වාසි

1.කාලය ඉතිරි කර ගත හැකියි

2.අමතර වියදම් නැහැ

3.පහසුවෙන් සිදු කළ හැකියි

4.සමබරතාවය වැඩි දියුණු කර ගත හැකියි

Leg Raises

පළමුව ඇඳේ උඩ අතට හොදින් දිගා වී පහත පියවර අනුගමනය කල යුතුයි.

මෙම ව්‍යායාමයේදී ඔබගේ දෙපා නවන්නේ නැතිව අංශක 90ක් ඉහළට එසවිය යුතුයි

මෙම ඉරියව්ව 10 වතාවක් නොකඩවා කළ යුතු අතර එවැනි sets 3ක් කළ යුතු වනවා.

ඒ වගේම මෙය සිදු කිරීමේදී හුස්ම ගැනීම සහ පහළ දැමීම ක්‍රමානුකූලව කළ යුතු වනවා

Flutter kicks

ඔබගේ දෙපා හොදින් දිග හැර අත් ඇදමතට තද කර කකුල් ඉහළට පහළට එසවිය යුතුයි

මෙම චලනය තත්පර 15ක් තබා ගත යුතුයි .එලෙසින් 10 වතාවක් මෙම ව්‍යයාමය සිදු කළ යුතු අතර එවැනි sets ද 3 වතාවක් කර යුතු වනවා.

Bent Knee Hip Raise

හොදින් ඇදේ දිගා වී කකුල් සමග ශරීරයේ පිටුපස කොටස ඉහළට එසවීම රූපයේ පරිදි සිදු කළ යුතුයි

එම ව්‍යායාම හරහා බඩ අඩු කර ගත හැකි අතර මාසයක් පමණ නොකඩවා කිරීම මගින් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකියි.

Glute bridge

මෙයත් ඇදේ සිට පහසුවෙන් සිදු කළ හැකි ව්‍යායාමයක්

පළමුව හොදින් ඇදේ දිගා වී පසුව රූපයේ පරිදි කකුල් සහ කද කොටස තද කරමින් එසවිය යුතුයි

මෙම ව්‍යායාමය ද වරකට 10 වතාව බැගින් වරකට sets තුනක් සිදු කිරීම ප්‍රමාණවත් වනවා

මෙය නිසි ආකාරයෙන් සිදු කිරීමෙන් බර අඩු වීම මෙන්ම විශේෂයෙන් පියයුරු එල්ලා වැටීම නවතිනවා.

Push – up

මුලින්ම ඇදේ යටි අත්ට (මුණින්) දිගා වීම

එලෙස දිගා වී දණහිසෙන් හිට ගෙන පසුව ඉහළට පහළට එසවිය යුතුයි

මෙම සරල ව්‍යායාම කිහිපය නිසි ආකාරයෙන් සිදු කිරීම හරහා ඔබේ බර අඩු කර ගත හැකියි.පළමුව ඉතා සුළු මට්ටමින් මෙය පටන් ගෙන ක්‍රමානුකූලව මෙම ව්‍යායාම සිදු කළ යුතු ප්‍රමාණය වැඩි කළ යුතු වනවා

ඒ අනුව මෙම ව්‍යායාම සිදු කර ඔබේ සිරුරත් ආකර්ෂණීය සිහින් සිරුරක් බවට පත් කර ගැනීමෙ හැකියාව දැන් ඔබටත් තිබෙන්වා.අද සිටම උත්සහ කර බලන්න

Related Articles

Don't Miss


Latest Articles