ඔබ වාඩිවන ඉරියව්ව අනුව ඔබේ පෞරුෂය ගැන පැවසෙන දේවල්

ශරීර භාෂාවෙන්, එනම් ඔබගේ හැසිරීම් රටාවෙන් ඔබ වචනවලින් කියන දේවල් වලට වඩා  බොහෝ දේ ඔබ ගැන පවසනවා.සම්බන්ධකම් ඇති කර ගැනීමේදී එය ඇදහිය නොහැකි තරම් වැදගත් මෙවලමක්.

අපි අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා පවත්වන විට, අපි අපේ වචනවලින් කියනවට වඩා බොහෝ දේ ශරීර භාෂාවෙන් කියනවා. අපේ මුහුණේ ස්වරූපය,අතපය හැසරවීම් ,හඬ උස පහත් කිරීම් වැනි  දේවල් හරහා අපි අපේ හැඟීම් අනිත් අයත් සමග බෙදා ගන්නවා.අපි වචනවලින්  කියන දෙයට යටින් යම් අර්ථයක් තිබේද යන්න සහ අපි ඔවුන්ට සම්බන්ධ වන්නේ කෙසේද යන්න අනෙක් පුද්ගලයින්ට මෙයින් පැහැදිලි කර ගන්න පුළුවන් . සියලු වර්ගවල පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී ශරීර භාෂාව වැදගත් වන්නේ අන්න ඒ නිසයි . ශරීර භාෂාවට ඔබ ගැන බොහෝ දේ කියන්න පුළුවන් . ඔබේ සාමාන්‍ය වාඩි වීමේ ඉරියව්ව මොකක්ද?   එයින් ඔබේ පෞරුෂය ගැන බොහෝ දේ හෙළි කරන බව ඔබ දන්නවාද ?ඉතිං ඒ නිසාම අද අපි හිතුවා ඒ ගැන ඔබව දැනුවත් කරන්න. ඔබ වාඩිවෙන ඉරියව්ව අනුව ඔබ ගැන කියවෙන දේවල් ගැනයි අපි මේ කියන්න යන්නේ.

A
මෙසේ හිඳින මිනිසුන් ඉතාමත් නිර්‍මාණාත්මක හා චරිතවත් අය වනවා.  ඔවුන් තීරණ ගන්නේ එච්චර හිතා මතා නම් නෙවෙයි. මේ නිසාම වරින් වර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වනවා. මෙවැනි ය නව අත්දැකීම් සඳහා ඉතා කැමතියි .  බොහෝ විට මේ අය ජනප්‍රිය වන අතර පහසුවෙන් නව මිතුරන් ඇති කර ගන්නවා.

B
මේ ආකාරයට හිඳින මිනිසුන් සැබෑම  සිහින දකින්නන්.. ඔවුන්ට පොහොසත් පරිකල්පනයක් ඇති අතර ඔවුන් ඉතා සංවේදී අය වනවා.  අනෙක් පුද්ගලයින් සමඟ පහසුවෙන් සමබන්ධතා ඇති කර ගන්නා  නිසා සමහර විට ප්‍රශ්න ඇති වනවා . මේ අය  ඉතා හොඳ සවන්දෙන්නන් වන අතර අනෙක් අයගේ හැඟීම්  හොඳින් තේරුම් ගන්නවා.

C
 මොවුන්  අවධානය යොමු කිරීමට සහ නිශ්චලව වාඩිවීමට බොහෝ අපහසුතා ඇති අවුල් සහගත පුද්ගලයින්. ඔවුන්ගේ මනස නිතරම චලනය වන අතර ඔවුන් බොහෝ විට නිතරම කියවන ස්වභාවයෙන් යුක්තයි.ඒ වගේම  ඔවුන් කම්මැලි වන අතර දුර දිග හිතා මතා කටයුතු කරන්නේ නැහැ.  සබඳතාවලදී ඔවුන් ඉක්මනින් උනන්දුවක් නොදක්වන අතර, සෑම විටම තවත් අයෙක්ගේ සහයෝගයක් බලපොරොත්තු වේ.

 D
මොවුන් බොහෝ විට හොඳ තර්කාන්විත චින්තනයක් ඇති ඉතා බුද්ධිමත් පුද්ගලයන්. ඔවුන් වෙලාවට, පිළිවෙලට වැඩ .කරන අයයි . ඔවුන්ගේ නිවාස බොහෝ විට පිරිසිදු හා පිළිවෙලට තබා ගන්න උනන්දු වනවා.  ඔවුන් ඉතා අවංක වන අතර ඕපාදූප කීමට කැමති නැහැ . සෑම තත්වයකදීම ඔවුන් සන්සුන්ව සිටිනවා .

E  
මෙම පුද්ගලයින් ඉලක්ක හඹා යන අය වන අතර  ඔවුන්ගේ වෘත්තීන්ට බෙහෙවින් ආදරය කරන අයයි . ඔවුන් තමන්ගේ   ඉලක්ක උදෙසා වැඩ කරන අතර  අඩුවෙන් සෑහීමකට පත් වන වේ . මේ අය සෑම විටම වැඩි වැඩියෙන් බලාපොරොත්තු වන නිසා සමහර විට ඔවුන් සතුව ඇති දේ නැති වී යාමට මෙය හේතුවක්  හැකියි

ඒ අනුව ඔබ වාඩිවන ඉරියව්ව හරහා ඔබේ පෞරුෂය ගැන බොහෝ දේ පිටතට සන්නිවේදනය වන නිසා ඒ ගැන අවදානය යොමු කිරීම වැදගත් වනවා.

Related Articles

Don't Miss


Latest Articles