පරණ වෙන තරමට රහ වැටෙන Dil To Pagal Hai

පාසල් නිමවී විත් රූපවාහිනියෙන් නැරඹූ සමහර හින්දි චිත්‍රපටවලට මොනතරම් කාලයක් ගියත් ‍රසය මැකී නොයන බව අප දන්නවා 

Dil To Pagal Hai ආදරයේ අර්ථය හෝ  හරිහැටි නොවැටහී මේ චිත්‍රපටිය බැලූ ඔබ අදට,ඔක්තෝම්බර් 30 වැනිදාට චිත්‍රපටියට විසිපස් වසරක් පිරෙන බව දැන සිටියද?

යශ් චොප්‍රා අධ්‍යක්ෂණය කළ Dil To Pagal Hai ප්‍රධාන චරිත නිරූපණය කළේ ෂාරුක් ඛාන්,මධුරි ඩික්සිත් සහ කරිෂ්මා කපූර් බව යුතු වන්නේත් නැහැ

නර්තන කණ්ඩායමක් මෙහෙයවන රාහුල් සහ එහි ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක් වන නිශා කුඩා කල පටන්ම යහළුවෝ.මේ මිත්‍රත්වය නිශාට රාහුල් කෙරෙහි ආදරයක් ඇති වීමට හේතුවක් වුණත් ඔහු එය සලකන්නේ හොඳ මිතුරියක් ලෙසයි.මේ අතර රාහුල්ගේ සිහිනවල දැවටෙන මායා නම් කීයකට ඔහු ප්‍රේම කරනවා.

දෙමාපියන් අහිමි පූජා හැදී වැඩෙන්නේ ශාන්ති ජී ළඟ.ඔහුගේ පුතු අජේ පූජා කෙරෙහි අනික පාර්ශවික ආදරයකින් බැඳී සිටිනවා.පූජා අවුරුදු නර්තන කණ්ඩායමට සම්බන්ධ වන්නේ මේ අතරයි.රාහුල් සහ පූජා ආදරය කරන්නට පටන් ගත් නමුත් ඒ ආදරේ එකිනෙකාට පවසා ගන්නට ඔවුන්ට ශක්තියක් නැහැ.රාහුල් සහ පූජාත් ඔවුන්ට ආදරය කරන අජේ සහ නිශාත් අතර මේ ආදර කතාව අදටද සිනමා ප්‍රේක්ෂකයන් උමතු කරවන්නක්.

නිශාගේ චරිතය වෙනුවෙන් මුලින් කාජල්,රවීමා තන්ඩන්,ජුහි චව්ලා,මනීෂා කොයිරාල ආදී  යෝජනා වුණත් ඔවුන් එය චරිත ප්‍රතික්ෂේප කර තිබුණා.ඒ චරිතයේ වාසනාව හිමි වන්නේ කරිෂ්මා කපූර් හට.අජේගේ චරිතය මුලින්ම අමීර් ඛාන්,සල්මන් ඛාන් සහ සායිෆ් අලි ඛාන්ට යෝජනා වුණත් එය අවසානයේ දී ලැබුණේ ආක්ෂේ කුමාර්ටයි. 

මෙය ජර්මනියේ බේඩන්හි සහ ජර්මනියේ යුරෝපා උද්‍යානයේ රූගත රූගත කළ පළමු බොලිවුඩ් චිත්‍රපටය වූවා.එයද මේ රටේ විශේෂත්වයක් ලෙස සැලකෙනවා.

මේ චිත්‍රපටයට පෙර විචාරකයින් මධුරි ඩික්සිත්ට පවසා තිබුණේ “ඔබේ කාලය අවසන්.ගෙදර යන්නට ඇඳුම් බෑග් එක හදා ගන්න” ලෙසයි.නමුත් ඇය තමන් කවුදැයි යන වග ඒ වසරේ හොඳම නිළියට හිමි සම්මානය Dil To Pagal Hai සර් ලබා ගනිමින් ඔප්පු කර තිබුණා.මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවා,හොඳම අධ්‍යක්ෂණය ආදී සම්මාන ද හිමි වූවා.

සුප්‍රකට Dil To Pagal Hai ගීතයත් තවත් ගීත නමයක් ද මෙහි අඩංගුයි.ලතා මංගේෂ්කාර් සහ උදිත් නාරායන් ප්‍රමුඛ ප්‍රකට ගායක ගායිකාවන් මෙහි ගී  ගයන්නට එක්ව සිටියා.මිලියන 598 ආදායම් තැබූ Dil To Pagal Hai තවමත් බොලිවුඩයේ විශිෂ්ට සිනමා නිර්මාණ අතරට ගණන් ගැනෙනවා.ඒ වගේම ඒ ආදායම් වාර්තා ද ඉතා ඉහළ ඒවා වෙනවා

ෂාරුක් ඛාන් ආසියාවේ උන්මාදයක් වීම ඇරඹෙන්නට  Dil To Pagal Hai පුමුඛ එකල චිත්‍රපටි හේතු වූ බව නොරහසක්.අද වන විට බොලිවුඩයේ සිහින කුමරෙකු වන ශාහිඩ් කපූර් මෙහි නර්තන කණ්ඩායමක නර්තන ශිල්පියෙකු ලෙස එක් වී ඇති බවද කියවෙනවා.

ආත්මීය සහකරුවන්,මිතුරන් සහ ආදරවන්තයන් මේ සංකල්ප මේ සිනමා සිත්තම පුරා කතාබහට කතා බහට ලක් වන්නේ ඉතාමත් සුන්දර ලෙස බව තවමත් විචාරකයන් පවසනවා.ෂාරුක් යාෂ් සංයෝගය ඇරඹෙන්නේ ද මේ චිත්‍රපටයේ පටන්.Veer Zara,Jab Tak hai Jaan වැනි යෂ් චොප්‍රාගේ තවත් විශිෂ්ට නිර්මාණ හරහා ෂාරුක් ඛාන් ප්‍රේක්ෂකයන් වැළඳ ගන්නේ රාහුල් චරිතය හරහා ඔහු යෂ්ගේ විශ්වාසය සුරක්ෂිත කළ නිසා වන්නටත් ඇති.

මොනතරම් කාලයක් ගෙවී ගියත් සමහර ප්‍රේම කතා වල ඇති සුන්දරත්වය වැඩි වනවා මිස අඩු වන්නේ නැහැ.Dil To Pagal Hai ද එවැනි සුන්දර ප්‍රේම වෘතාන්තයක්.

Dil To Pagal Hai සුන්දර සිනමා සිත්තමට සුබ විසි පස් වසරක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles