චොකලට් අතහරින්නේ නැතුව සෞඛ්‍යසම්පන්න ආහාර වේලකට හුරු වෙන්නේ කෙසේද?

සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැන කතා කරද්දි අපිට නිතරම ඇහෙන කතාවක් තමයි හැකි තරම් පැණිරස කෑම බීම වලින් ඈත්වී සිටීම අනිවාර්යයි කියන දේ. 

බොහොමයක් චොකලට්, රස කැවිලි හා අතුරුපස වගේම පැණි බීම වර්ග වලත් සීනි සහ කැලරි විශාල ප්‍රමාණයක් අඩංගුයි.

ඒ නිසා ඇත්තෙන්ම මේවා පමණ ඉක්මවා ගැනීම නම් ශරීරය සෞඛ්‍යයට අහිතකර බව හා ඔබේ සිරුරේ  බර අනවශ්‍ය ලෙස වැඩිවීමටත් හේතුවන බව සත්‍යයක්.

නමුත් ඔබ චොකලට් රසට අතිශයින්ම ප්‍රිය කරන කෙනෙක් නම් මේ කරුණු නිසා චොකල්ට් ඔබේ ආහාර වේලෙන් ඉවත් කිරීමට සිදුවීම ඔබට අසීරු වෙන්න පුළුවන්.

එහෙනම් එසේ කල යුතු නැහැ.

අද අපි ඔබත් එක්ක මේ බෙදාගන්නේ චොකලට් අත හරින්නේ නැතුව සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගන්න විදිහ ගැනයි.

මුලින්ම, ඔබ හොඳ වර්ගයේ චොකලට් තෝරාගත යුතුයි.

ඔබ මුලින්ම ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු dark chocolate (ඩාර්ක් චොකලට්) තෝරාගත යුතුයි. 

Dark chocolate (ඩාර්ක් චොකලට්) කියන්නෙ ඔබ නොදන්නවා වුනත්, ඔබ නොසිතන තරම් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙලා තියන අහාරයක්. 

විශේෂයෙන්ම ඉතා ඉහළ කැලරි ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙන නිසා,ඉතාම පොඩි චොකලට් ප්‍රමාණයකින් වුනත් ඔබට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. 

මීට අමතරව ෆයිබර් (fiber) හා මැග්නීසියම් (magnesium) වැනි සංඝටකත් අඩංගු වෙනවා.

ඒ නිසා වෙනදා මෙන් milk chocolate (මිල්ක් චොකලට්) හෝ විවිධ රසකල චොකලට් තෝරා ගැනීම වෙනුවට හොඳ තත්වයේ dark chocolate (ඩාර්ක් චොකලට්) තෝරාගන්න ඊලඟ වතාවේදී ඔබට පුළුවන්. 

සෞඛ්‍ය සම්පන්න ලෙස ඔබේ ආහාර වේලට චොකලට් එකතු කරගන්න ආකාරය ගැන අපි ඊලඟට සලකා බලමු. 

ඔබට කුඩා dark chocolate (ඩාර්ක් චොකලට්) කැබැල්ලක් කෙටි ආහාරයක් (snack) ලෙස ආහාර වේලට එකතු කරගන්න පුළුවන්.

කුඩා චොකල්ට් කැබැල්ලක අඩංගු කැලරි ප්‍රතිශතය සහ සීනි ප්‍රමාණය පරීක්ෂා කර බැලීමත් ඉතා වැදගත්. 

මෙහිදී, සීනි 10g ට අඩුවීම සහ 100 ආසන්න කැලරි ප්‍රමාණයක් තිබීම ඔබේ සෞඛ්‍යට හිතකර වෙනවා. 

කැලරි අඩු ප්‍රමාණයක් අඩංගු චොකලට් මූස් (low-calorie chocolate mousse), අඩු කැලරි ප්‍රතිශතයක් අඩංගු චොකලට් පුඩිං (low calorie chocolate pudding) හෝ කැලරි අඩු ප්‍රමාණයක් සහ ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු ග්‍රීක් යෝගට් (low-calorie chocolate greek yogurt) අතුරුපස ලෙස ඔබේ ආහාර වේලට එකතු කරගන්නත් ඔබට පුළුවන්. 

ඔබ පිළියෙල කරගන්න ස්මූති (smoothie) වර්ග සඳහා dark chocolate chips (ඩාර්ක් චොකලට් චිප්ස්) කීපයක් එකතු කර මිශ්‍ර කරගන්න වගේම කොකෝවා කුඩු (cocoa powder)ස්වල්පයක් හෝ චොකලට් කුඩු (chocolate powder) ස්පල්පයක් එකතු කර ගැනීමත් ඉතාම රසවත් වගේම හොඳ ක්‍රමයක්. 

මීට අමතරව දියකරගත් dark chocolate (ඩාර්ක් චොකලට්) ස්ට්‍රෝබෙරි,ඇපල්,අන්නාසි වැනි පලතුරු සහ කජු සහ රටකජු වර්ග, ඕට්ස් වැනි කෙටි ආහාර (snack) වර්ග ආහාරයට ගැනීමේදී සෝස් වර්ගයක් ලෙසත් භාවිතයට ගන්න පුළුවන්.  

චොකලට් ආහාරයට ගන්නා අතරෙම මේ යහපත් පුරුදුත් ඔබේ ජීවන රටාවට එකතු කරගමු.

ඔබේ ආහාර වේලට වැඩිපුර නැවුම් එලවළු සහ පළතුරු, ධාන්‍ය වර්ග කොළ වර්ග සහ රතු පැහැ මස්, මාළු, කිරි හා බිත්තර වැනි ආහාර එකතු කරගන්න ඔබ සැළකිලිමත් විය යුතුයි. 

බත් ආහාරයට ගන්නවානම් හැකි තරම් නිව්ඩ්ඩ සහිත සහල් වගේම රතු හාල් වලින් පිළියෙල කරගත් බත් ආහාරයට ගැනීම වඩා යෝග්‍ය වෙනවා. 

කොහොම වුනත් බත් වැනි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ප්‍රමාණය හැකිතරම් අඩුකර එළවළු, මස් මාළු හෝ බිත්තර සහ කොළ වර්ග වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම ඉතා වැදගත්. 

හැකි නම් දවසකට අවම වශයෙන් පැය භාගයක් බැගින් සතියකට දින පහක් හෝ ව්‍යායාමයක නිරත වීම වගේම වේගයෙන් ඇවිදීම, පිහිනීම, නර්තනයේ යෙදීම හෝ කිසියම් ක්‍රීඩාවක යෙදීම මඟින් ඔබේ ශරීරය වෙහෙසවීම චොක්ලට් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට එකතු වූ අනවශ්‍ය කැලරි දහනයට උපකාරී වෙනවා. 

දිනකට අවම වශයෙන් වතුර 2L ක් වත් බීමට ගැනීමත් අනිවාර්යයි.

මේ යහපත් පුරුදු සමඟ ඔබේ ඉතා හොඳ තෝරා ගැනීම් චොකලට් ඈත් නොකර සෞඛ්‍යමත් ආහාර වේලක් ගන්න ඔබට උපකාරී වෙනව. 

ඉතිං, තවදුරටත් ඔබ චොකලට් වලට බිය විය යුතු නැහැ නේද ? 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles