ඔබේ ඉන සිහින් කර සිරුරේ හැඩය ඉස්මතු කර පෙන්වන විලාසිතා.

හැඩ ඉනකට ඔබේ රූපය බොහෝ ඔප් නංවන්න පුලුවන්.හැඩ ඉනක් ලබා ගන්න නිසි ව්‍යායාම තරමට ම අපි අඳින ඇඳුම් පැළඳුම් ද ඉවහල් වෙන බව ඔබ දැන හිටියා ද?

මෙන්න මේ විලාසිතාවන් අනුව ඇඳුම් තෝරා ගත්තොත් ඔබට පුලුවන් ඔබේ ඉන සිහින්ව සහ හැඩට පවත්වා ගන්න.

1.Flat-front pants

මේ පෑන්ට් එක බොහොම සරල විලාසිතාවක්. ඔබේ සිරුරේ හැඩය සහ ප්‍රමාණය කොහොම වුණත් මෙය ඔබට ගැළපෙනවා. එහෙත් මෙය ඔබේ ඉන සිහින් කරමින් ඔබට ලස්සන පෙනුමක් අරන් එනවා. ඔබේ ඔෆිස් විලාසිතාවන් අතර මෙය තිබීම ඇත්තටම කදිමයි.

2.A-line skirts and dresses

තරමක් චබී ගැහැනු ළමයින්ට අපූරු විලාසිතාවක් තමයි මේ. ඔබේ සිරුරේ හැඩය ඉස්මතු කරවා පෙන්වන්න ඒ ලයින් විලාසිතාවන් සමත් නිසා ඔබේ ඉනේ හැඩය පටු කරවමින් ඔබට ලස්සන පෙනුමක් ලබා දෙනවා.

Waist-cinching belt

ඉනෙහි පටියක් බඳින විලාසිතාව ඔබේ ඉන පටු පෙනුමකට රැගෙන එනවා.ඇත්තටම මෙය ඇස් රවටන පොඩි මැජික් එකක් කියන එක තමා නිවැරදි ම දේ. ස්ටයිලිෂ් බෙල්ට් එකක් ඉනෙහි බැඳීම ඔබේ පෙනුම ලස්සන කරමින් ඔබේ ඉනේ හැඩය මතු කර පෙන්වන විලාසිතාවක්

කළු පැහැ ගවුම්.

විලාසිතා ගැන උනන්දු අප හැමෝම දන්න කාරණාවක් තමයි කලු පාට අපේ චබී ගතිය අඩු කර පෙන්වන අපූරු ස්මාර්ට් ට්‍රික් එකක්.කලු පැහැ A Line ගවුමක් ඔබේ ඉනෙහි හැඩය සිහින්ව පෙන්වමින් ඔබව හැඩ කරවන්න සමත් විලාසිතාවක් වේවි.

තද පැහැ පෑන්‍ට්ස් සහ ලා පැහැ බ්ලවුසස්

charcoal gray, chocolate brown, and midnight-navy blue වැනි වර්ණ වලින් යුතු කලිසම් වර්ග සහ ලා පැහැති ටොප්ස් සහ බ්ලවුස් වර්ග ඔබේ ඉනේ හැඩය ඉස්මතු කර පෙන්වන අපූරු සුසංයෝගයක්.

V හැඩයේ කර සහිත බ්ලවුස්

V හැඩයේ කර සහිත බ්ලවුස් ඔබේ ඉනේ ප්‍රමාණය අවම කර පෙන්වනවා. ක්‍රොප් ටොප් විලාසිතා වලට වඩා දිගු බ්ලවුස් එකක් පෑන්ට් එකට හෝ ට්‍රවුසර් එකට යට කර ඇඳීම තමයි ගැළපෙන්නේ.

මේ ඉහත විස්තර සහ ඡායාරූප වලින් ඔබට පැහැදිලි වෙන්නේ ඔබේ ඉනේ ප්‍රමාණය හැඩ කර පෙන්වන ආකාරයයි.

ඒ වගේම ඔබ දැන ගත යුතු තව කාරණා කිහිපයක් ම තිබෙනවා.

සිහින් ඉනක් තිබෙන යුවතියක් ඇඳුම් තෝරා ගන්න ආකාරය.

ඔබ කිසිම වෙලාවක tunic tops සහ හැඩයක් නැති ඇඳුම් තෝරා ගන්න එපා.

ඒ වෙනුවට මෙන්න මේවා ඔබට ගැළපෙනවා.

  • Princess line frocks
  • Belt frocks
  • ඉන ඉහළට මැසූ ටොප්ස්

ඔබේ ඉන පළල් නම් තෝරා ගත යුතු විලාසිතා

  • ෂෝල්ඩර් පෑඩ්ස් යෙදූ blouse එක සහ Flat-front pants
  • A-line සාය
  • ඉනට කුඩා රැළි දැමූ ස්කර්ට්
  • ෆ්ලෙයාඩ් සාය

ඔබට හොඳින් ගැළපෙනවා.

එහෙත් වඩා හිර ඇඳුම් අඳින්න එපා. එය ඔබේ පෙනුමට හානිකර වෙන්න පුලුවන්.

ඔබ චබී වුවත් ස්ලිම් වුවත් කෙට්ටු වුවත් ඔබ ඔබේ ආකාරයට ලස්සනට හිඳීම තමයි වැදගත්. ලස්සනට වගේම සිරුරට ගැළපෙන්න ඇඳුම් තෝරා ගන්නවා නම් ඔබ ඔබේ පෙනුම ගැන විශ්වාස කරනවා නම් ඇත්තටම ඔබට ලස්සනට ඉන්න පුලුවන්.

ඉතින් විශ්වාසයෙන් ලස්සනට ඉන්න!

Related Articles

Don't Miss


Latest Articles