ඉක්මනින් බර අඩු කර ගන්න කැමති බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය Keto diet ගැන දැන ගනිමු.

Keto Diet වර්තමානයේ බොහෝ දෙනෙකු අතර අතිශය ජනප්‍රියයි. එය සැකසෙන්නේ අධික මේදය (75%) තරමක ප්‍රෝටීන් (20%)සහ අඩු කාබෝහයිඩ්‍රේට් (5%) අඩංගු ආහාරවලින්.
අඩු කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කරන විට ශරීරය කීටෝන නිපදවනවා.කීටෝන යනු අක්මාව තුළ නිපදවන කුඩා අණු විශේෂයක්.මේ kito diet නිශ්චිත කාලයක් තුළ වරින් වර නිරාහාරව සිටීම (Intermittent fasting) සමඟ කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

කීටෝ ඩයට් එකක් ආරම්භ කිරීමට පෙර එය ඔබේ සිරුරේ බර මට්ටම ගැළපෙන ලෙස සකසා ගැනීම, ඔබේ දියවැඩියා මට්ටම පරීක්ෂා කර ඩයට් කිරීම සුදුසුද නැද්ද යන්න තීරණය කිරීම, ඔබ දවසකට කොපමණ කීටෝ ඩයට් ප්‍රමාණයක් ලබා ගත යුතු ද යන්න තීරණය කිරීම ඔබ පෝෂණවේදියෙකු සමඟ සැලසුම් කර ගැනීම අනිවාර්යය වෙනවා. ඒ නිසා එවැන්නෙකු අනිවාර්යයෙන් මුණ ගැසෙන්න. අන්තර්ජාලයේ රෙසිපි තිබූ පමණින් මෙය වහා අත්හදා බැලීමකට යොමු විය යුතු ඩයට් එකක් නොවේ. අපේ මේ ලිපියේ අරමුණ කීටෝ ඩයට් යන්න ගැන මූලික අදහස ඔබට ලබා දීමයි.

කීටෝ ඩයට් එකක තියෙන්න ඕනෑ මොනවාද?

දිනකට ග්‍රෑම් 50 ට අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ලබා ගැනීම සුදුසුයි. අඩංගු කැලරි ප්‍රමාණය ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි විය යුතුයි.ඔබේ ආහාර වේලට ඇතුළත් කළ යුතු ආහාර වන්නේ බටර්, ඔලිව් තෙල්, ඇට වර්ග සහ අලිගැට පේර වැනි ස්වාභාවික මේද වර්ග ඇති ආහාරයි. මාළු වැනි ඔමේගා -3 මේද අම්ල බහුල ආහාර ද ගැටලුවක් නැහැ. කුකුළු මස්, හරක් මස්, වැනි ප්‍රෝටීන ද එළවළු තරමක ප්‍රමාණයක් ද තිබීම සුදුසුයි.

Keto diet එකක් ගන්න කලින් ඔබ සැලකිලිමත් විය යුතු දේවල්

මෙහි මූලික වාසිය බර අඩු කර ගැනීමයි. ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරනවා.නමුත් ඔබේ දියවැඩියා මට්ටම මේ ඩයට් එකට කලින් පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.

ඩයට් එක කරගෙන යනකොට

  • මලබද්ධය
  • හිසරදය
  • වමනය
  • නින්ද නොයාම වගේ ගැටළු ඇති වෙනවා නම් ඔබට අනිවාර්යයෙන් රතු එළියක් දැල්වෙමින් තිබෙනවා.එය පෝෂණවේදියාට දැන්වීම අනිවාර්ය දෙයක්.

ඔබ නියමිත බර ඇති කෙනෙක් නම් kito Diet සඳහා යොමු වීම ඇත්තටම අවශ්‍ය නැහැ.

කිටෝ ඩයට් නොගැළපෙන අය.

  • දරුවන් සහ යෞවනයන්
  • හෘද රෝග ඇති අය
  • ගැබිණියන්
  • මව්කිරි දෙන මව්වරු
  • වයෝවෘද්ධ අය

Keto diet රෙසිපීස්.

ඔබට මෙය උදෑසන ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය යන ඕනෑම වෙලාවක කළ හැකි ඩයට් එකක්.

කිටෝ පෑන් කේක්

අඩංගු පෝෂක ප්‍රමාණය

කැලරි (g) 200
Fats (g) – 15.0
ප්‍රෝටීන්(g) 9.0
කාබෝහයිඩ්‍රේට් (g)2.0

අවශ්‍ය දේ

  • ක්‍රීම් චීස්
  • බිත්තර 4
  • පොල් පිටි හෝ ගාගත් පොල් මේස හැඳි 4
  • බේකින් පවුඩර් තේ හැදි 2
  • කුරුඳු තේ හැදි බාගයක්
  • අවශ්‍ය තරමේ හෙවි ක්‍රීම්
  • වැනිලා ටිකක්

සකසන ආකාරය

  • ක්‍රීම්චීස්, බිත්තර, වැනිලා සහ කුරුඳු කුඩු බ්ලෙන්ඩ් කර ගන්න.
  • එයට පොල් සහ බේකින් පවුඩර් එක් කර හෙවික්‍රීම් ද එකතු කරන්න.
  • මිශ්‍රණය පෑන් එකකට වත් කරමින් ඇමරිකන් පෑන් කේක් සකසන ආකාරයටම සකසා ගන්න.

Chicken Avacado Salad

ඇති පෝෂක ප්‍රමාණය

කැලරි ග්‍රෑම් 549
Fats (g) 40.0
ප්‍රෝටීන් ග්‍රෑම් 39.0
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6.0

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 6
  • අලිපේර 4
  • ළූණු ගෙඩි 1
  • බෙල් පෙපර් 1
  • චෙඩර් චීස්
  • ලුණු
  • ගම්මිරිස්
  • ආමන්ඩ් කිරි කෝප්පයක්

සාදා ගන්නා ආකාරය

  • චිකන් බේක් කරගන්න. (350F)
  • එය පසෙකින් තබා ගන්න.
  • අනෙක් දේවල් ද කුඩා කැබලි වලට කපා ගන්න
  • සලාදයක් ලෙස සකසා ගන්න.
  • අවශ්‍ය නම් ළූණු සහ බෙල් පෙපර් පෑන් එකක ෆ්‍රයි කර ගන්නත් පුලුවන්.

ආමන්ඩ් කිරි වීදුරුවක් සමඟ මේ සලාදය හොඳ කීටෝ ඩයට් එකක්.

ඔබ කීටෝ ඩයට් ලබා ගැනීමට සහ එය ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන් පෝෂණවේදියෙකු මුණ ගැසෙන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles