කුඩා දරුවන්ට පහසුවෙන් වැළඳෙන අවදානම් සහගත රෝගයක් ගැන දැනගන්න

කුඩා දරුවන්ට වැළඳිය හැකි ඉතාමත් අවදානම් කාරී රෝගයක් ලෙස හතියහඳුන්වන්න පුළුවන්එය අවදානම් සහගත වන්නේ ඒ පිලිබඳ අවධානයක් සහ අවබෝධයක් නොමැති වූවොත් පමණයි.ඒ නිසා දරුවන් ගැන බෙහෙවින් සැළකිලිමත් අම්මා කෙනෙකු ලෙස ඔබව හතිය රෝගය පිළිබඳව දැනුවත් කරන්නට අප හිතුවා.

හතිය කියන්නේ මොකද්ද?

සාමාන්‍ය හුස්ම ගැනීමකට පටහැනිව වේගයෙන් හෝ අපහසුවෙන් හුස්ම ඇදීම හෙවත් අසාමාන්‍ය හුස්ම ගැනීමක්.

හතිය හඳුනා ගන්නේ කොහොමද ?

හුස්ම ගන්නා විට බෙල්ලේ මස් පිඬු වේගයෙන් ක්‍රියාත්මක වීම.හුස්ම ඉහළ පහළ හෙලන වාර ගණන වැඩි වීම.ඉල ඇට දෙකක් අතර මැද වල ගැසීම.පපුව සහ උදරය අතර ඇතිවන ගැස්සීම.සුව නොවන කැස්ස නිතර ඇතිවීම.කැස්ස සමඟ වමනය ඇති වීම.

හතිය වැළඳෙන්නේ ඇයි?

දූවිල්ල,වාහන වලින් නික්මෙන දුම,වෛරස් වැනි තත්වයන් ,පරම්පරාගතව ,අසාත්මිකතාවන්

හතිය අවදානමක් වන්නේ කෙසේද ?

මෙය සිදුවන්නේ දෙමාපිය අපරික්ශාව නිසාවෙන්.තමන්ගේ වැඩ කටයුතු ඉවර වී දරුවාට ප්‍රතිකාර ලබා දීමට යාම නිසාවෙන්.හතිය අසාධ්‍ය තත්ත්වයට පත්වූ විට පෙනහැල්ලේ හට ගන්නා ආසාදිත තත්වය හේතු කොටගෙන එහි වායු බුබුළු පිපිරෙන්නට ගන්නවා .එය දරුවාගේ ජිවිතයට අනතුරු දායක තත්වයක් ඇතිකළ හැකි දෙයක්.නිසි ප්‍රතිකාර නොලැබුණහොත් නෙබියුලයිස් කිරීමෙන් පසුවද සුව නොවන අවස්ථා තිබෙනවා.

අසාත්මිකතාවන් ඇතිකරන ආහාර හතියට නුසුදුසුද?

සමහර අම්මලා හතිය තිබෙන දරුවන්ට යෝගට්,අයිස් ක්‍රීම්,චොක්ලට් වැනි ආහාර ලබා දෙන්නේ නැහැ.නමුත් අසාත්මිකතාවන් අවම කර වනසා දමන තත්වයක් මේ ආහාර වල තිබෙනවා .දරුවෙකුට අතපය කසා රත් පැහැගැන්වී ,බිබිළි මතුවීමෙන් පැමිණෙන ආසාදිත තත්වයක් වැළඳේනම්එයට ප්‍රතිකාර කර සුව වූ පසු හතිය වැළඳීමට පුළුවන්.පසුව හතිය සුව කල පසු නැවත ආසාදිත තත්වය හට ගැනීමට පුළුවන්.මෙයඑක්සීමා නමින් හඳුන්වනවා.

ක්‍රීඩා කිරීම සුදුසුද?

ඉන්හේලර් කිරීමෙන් පසු එවැන්නකට යොමු වීම ගැටළුවක් නැහැ.සමහර අය වතුර අගුණයි කියා පිහිනුම් ක්‍රීඩාවට දරුවා යොමු නොකලත් එහි ගැටළුවක් ඇති වන්නේ නැහැ.

වැඩිහිටි වියේදීත් රෝග ලක්ෂණ පෙන්වනවාද ?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා.සමහර දරුවන්ට අවුරුදු දහය පහලව වයස් වන තෙක් රෝගය පැවතුනත් බොහෝ අයට අවුරුදු නවය,,දහය වැනි වයස් වලදී සම්පුර්ණ සුවය ලබනවා.බොහෝ විට රෝගය දිගු කලක් පවතින්නේ එක්සීමා සහ මාපිය ආරයට හතිය වැළඳුනු දරුවන්ට පමණයි.

ඉතින් වලක්වා ගත හැකි අවස්තාවන් ගැන මනා අවබෝධයකින් සිටියහොත් ඕනෑම බියකරු අවදානම් අවස්තාවන් ජය ගත හැකි බව අප දන්නවා.ආදරය යනු එයම නේද ?

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles