ඔබේ පවුල පිලිබඳ විස්තර සමාජයට ගෙනයන පුංචි තානාපති නිලධාරින්

ඔබේ දරුවා පුංචි තානාපති නිලධාරියෙකු බව කවදාවත් ඔබ නිකමටවත් හිතලා තතියෙනවද?දරුවෙකුගේ සමාජානුයෝජනයට ඍජුවම බලපාන්නේ පවුල කියන සාධකය. සමාජානුයෝජනය කියන්නේ ළදරුවා තමන් පවුල හා සමාජය විසින් පිළිගත් නීති රීති,පරමාර්ථ,සාරධර්ම,චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූල වෙමින්,එම සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට හුරුවීමේ ක්‍රියාවලියයි. මේ සඳහා පවුල ඉටු කරන මෙහෙය ඉතාමත් වැදගත්.

පවුල් ඒකක වර්ග දෙකක් තියෙනවා කියලා ඔබ දන්නවා. එකක් න්‍යෂ්ටික පවුල-දෙමාපියන් සහ දරුවන් අනෙක විස්තීර්ණ පවුල- මව ,පියා ,දරුවන් ,ආච්චි,සීයා,නැන්දලා ,මාමලා,ඇතුළු නෑදැයින් ඇතුලත් පවුල. වර්තමානයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ න්‍යෂ්ටික පවුල් ඒකකයි. ඉතින් පවුල තුලින් දරුවාට මොනවද ලැබෙන්නේ කියලා අපි බලමු.

භාෂාව භාවිතා කිරීමේ ආචාරශීලී බව සංවර්ධනය වීම

පවුලේ සාමාජිකයන් උස් හඬින් කතා කරනවානම් දරුවාත් එයට පෙළඹෙනවා.ඒ නිසා නිතරම ස්තුතියි, කරුණාකර , සමාවන්න වැනි වචන භාවිතා කරමින් ආචාරශිලිව හැසිරෙන පවුලක දරුවනුත් ඉක්මනින්ම දෙමාපියන් අනුගමනය කරනවා.

අන් අය පිලිබඳ සැලකිලිමත් වීමට සහ උපකාර වීමට හුරුවීම

නිදහසේ සෙල්ලම් කිරීමට හැකි කාරුණික පරිසරයක් දරුවාට ලබා දීම. නිවැසී හෝ හිතවත් පවුලක අසනීප නෑ හිතමිතුරන් ගැන සොයා බැලීම. ඔවුන්ට සත්කාර කිරීම, නිවාස , ගෙවත්ත මහපාර ආදී ස්ථාන වල පිරිසිඳු කම ගැන සැලකිලිමත් වීම. එම තැන්වල කුණු කසල නොදැමීම.

යම් යම් දෑ එකමුතුව භුක්ති විඳීමට ඉගෙන ගැනීම

වයස අවුරුදු තුනේ පමණ ළමයි තුළ ආත්ම කේන්ද්‍රීය බවක් පෙන්වනවා. මේ නිසා නිතරම අවට ද්‍රව්‍ය සහ පුද්ගලයන් තමා සතු කරගැනීමට පෙළඹෙනවා. මේ නිසා රසවත් කෑම ආදිය අන් ඇය සමඟ බෙදා හදාගෙන කෑම, අන් අයගේ විවිධ කාර්යන් සඳහා සහයෝගය දැක්වීම ආදිය කරන්න පුළුවන් . මෙයින් තමා දරුවා ඉගෙන ගන්නේ.

උත්තේජනය

ආත්ම ප්‍රකාශනය සඳහා විවිධ අන්දමින් ඉඩ සලසා දෙමින් පවුලේ සාමාජිකයන් විසින් දරුවාට උත්තේජනයක්, දිරි ගැන්වීමක් කල යුතු වීම.

භාෂාමය සංවර්ධනය

නිවැරදි වචන වලට සවන්දීම,නිවැරදි උච්චාරණය,ආදිය දරුවා ඉගෙන ගන්නේ පවුලෙන් . එනිසා නිතරම දෙමාපියන් මේ පිලිබඳ අවධානයෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම නිතරම ඔහුගේ වයසට ගැලපෙන කතාන්දර කියා දීම මඟින් සවන්දීම මෙන්ම භාෂාමය කුසලතා වර්ධනය වනවා.

දරුවාගේ මුල් අවධියේ සංවර්ධන ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම පවුල සමඟ බැඳී තිබෙන බව ඔබට පෙනෙනවා නේද ?ඉතින් ඔහුගේ සමාජීය සංවර්ධනය සඳහා පවුල ඉතාමත් වැදගත්. දරුවා තුළ යහපත් ආකල්ප සහ හිතකර චිත්ත වේග හා සාමාජිය කුසලතා වර්ධනය කිරීමේ මුලික පදනම සැකසෙන්නේ පවුලෙන්. ඉතින් ඔහු හෝ ඇය ඔබේ පවුල ගැන ලොවට පවසන පුංචි තානාපති නිලධාරියෙක් කියලා අමතක කරන්න එපා.

– චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles