පාර්ටි එකකට නිවසේදීම සකස් කළ හැකි Cocktail රෙසිපි.

කොක්ටේල් කියන්නේ අපූරු කලාවකට. කොක්ටේල් හදන්නේ ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් ආදිය මිශ්‍ර කිරීමෙන්.උත්සව අවස්ථාවකට හෝ රිලැක්ස් හැන්දෑවකට ඔබට ගෙදරදීම සාදා ගන්න පුලුවන් කොක්ටේල් කිහිපයක් තමයි මේ

Jammy Dodger Shot recipe

අවශ්‍ය දේවල්.

  • බ්ලැක්බෙරි ලිකර් එකක්
  • ඩබල් ක්‍රීම්
  • සීනි

බ්ලැක්බෙරි අඩංගු ලිකර් එක වීදුරුවකින් තුන් කාලක් දමා ගන්න.
ඊට උඩින් ඩබල් ක්‍රීම් දමා ගන්න.
ක්‍රීම් තට්ටුවට උඩින් සීනි ඉස ගන්න.

Sex On The Beach

අවශ්‍ය දේවල්

  • බෙරි වර්ගයක ජූස් 200ml
  • ඔරේන්ජ් ජූස් 100ml
  • වොඩ්කා 75ml
  • peach schnapps 75ml

සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න.
වීදුරුවකට දමා උඩින් අයිස් දමා ගන්න.

Piña Colada

අවශ්‍ය දේවල්

  • වයිට් රම් 50ml
  • කොකනට් ක්‍රීම් 25ml
  • සින්ගල් ක්‍රීම් 25ml
  • අන්නාසි යුෂ 200ml

සියල්ල එකට මිශ්‍ර කර උඩින් අයිස් දමා ගන්න.

Lemon Drop

අවශ්‍ය දේවල්

  • වොඩ්කා 50ml
  • ලෙමන් යුෂ 50ml
  • සීනි තේ හැඳි 
  • ලෙමනේඩ්

වීදුරුවක සීනි දමා ගන්න.
වොඩ්කා සහ ලෙමන් ජූස් එකතු කරගන්න.
උඩින් ලෙමනේඩ් දමා ගන්න.

Martini

අවශ්‍ය දේවල්

  • ජින් හෝ වොඩ්කා අවුන්ස 2
  • වයින් අවුන්ස 0.5
  • ලෙමන් පෙත්තක් හෝ ඔලිව්

ජින් හෝ වොඩ්කා සමඟ වයින් එකට මිශ්‍ර කරන්න.අයිස් එකතු කර ගන්න.
එයට ලෙමන් පෙති හෝ ඔලිව් එකතු කරගන්න.

Related Articles

Don't Miss


Latest Articles