ඝනකම් සහ නීරෝගී කෙස් වැටියකට හීන දකිනවා වගේම හැම යුවතියක්ම කැමතියි දිලිසෙන සුළු දීප්තිමත් කොණ්ඩයකටත්. අපි නිතරම ඔබව දිරි ගන්වන්නේ ස්වභාවික සත්කාර සඳහා.මේ ලිපියත් ෂයින් හෙයා එකකට කළ හැකි ස්වභාවික සත්කාර ගැනයි.
බිත්තර සහ මයෝනීස් සත්කාරය

- මයෝනීස් මේස හැඳි 5
- බිත්තර 2
- විනාකිරි මේස හැදි 2
කරන්නේ මෙහෙමයි.
- මයෝනීස් සහ බිත්තර හොඳින් මිශ්‍ර කර ගන්න.
- කැමති නම් විනාකිරි ද එකතු කරන්න.
- කොණ්ඩයේ හොඳින් ආලේප කරන්න
- කොණ්ඩය ෂවර් කැප් එකකින් වසා තබන්න.
- උණුසුම් තුවායක් ෂවර් කැප් එක වටා ඔතන්න.
- මිනිත්තු විස්සකට පසු උණුසුම් වතුරින් සෝදා හරින්න.
යෝගට් සහ මීපැණි සත්කාරය

- යෝගට් මේස හැඳි 2
- මී පැණි තේ හැන්දක්.
සත්කාරය කරන්නේ මෙහෙමයි.
- මී පැණි සහ යෝගට් එකට මිශ්‍ර කරන්න.
- කොණ්ඩයේ හොඳින් ආලේප කරන්න.
- හිස් කබල හොඳින් මසාජ් කරන්න.
- ආලේපය කොණ්ඩයේ මිනිත්තු විස්සක් පමණ තිබෙන්නට හැර ඉන්පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.
දුඹුරු සීනි සහ ඔලිව් ඔයිල් සත්කාරය

දුඹුරු සීනි මේස හැඳි 2
ඔලිව් ඔයිල් මේස හැන්දක්
- සීනි සහ ඔලිව් ඔයිල් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
- මුළු කොණ්ඩයේම හොඳින් ආලේප කරන්න
- හිස් කබල හොඳින් මසාජ් කරන්න
- හිසේ මිනිත්තු විස්සක් පමණ ආලේපනය තිබෙන්නට හරින්න.
- මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.
කරපිංචා සහ පොල් තෙල් සත්කාරය

කරපිංචා ඉත්තක්
පොල් තෙල් මේස හැදි 2
සත්කාරය කරන්නේ මෙහෙමයි.
- පොල් තෙල් භාජනයකට දමා ලිප තබා එයට කරපිංචා ද එකතු කරන්න.
- මඳක් රත් කර ලිපෙන් බා නිවෙන්නට හරින්න.
- කොණ්ඩයේ හොඳින් ආලේප කර හිස් කබලටද දමා ගන්න.
- මිනිත්තු පහළොවක් තිබෙන්නට හරින්න.
- ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෂැම්පු යොදා සෝදා ගන්න.
ඇපල් සයිඩර් විනාකිරි සහ මී පැණි සත්කාරය

- ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක්
- මී පැණි තේ හැන්දක්
- බිත්තරයක්
- ඉහත සියලුම දේ හොඳින් මිශ්‍ර කරන්න.
- කොණ්ඩයේ සහ හිස් කබලේ ආලේප කර මිනිත්තු හතලිහක් තබන්න.
- ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා සෝදා ගන්න.
මේ හෙයා මාස්ක් සතියකට පාරක් යෙදීම නිසා ඔබට ෂයින් හෙයා එකක් ඉක්මනින්ම ලබා ගන්න පුලුවන්.ඉතින් ඔබේ සිහිනයට අපේ සුබ පැතුම්.