වියළි, ගැට ගැසුණ කොණ්ඩය ගෙදරදිම ෂයින් කරන ස්වභාවික කන්ඩිෂනර් සත්කාර

සාමාන්‍යයෙන් බොහෝ යුවතියන්ට තියන ගැටළුවක් තමයි කොණ්ඩය දිලිසෙන්නෙ නැති කම. “මගේ කොණ්ඩේ පිදුරු ගොඩක් වගේ කියලා” දොස් නඟන්නේ එහෙම වෙලාවට. ඉතින් කොහොමද කොණ්ඩය ෂයින් කරගන්නේ.

අපි ඒ සඳහා ස්වභාවික කන්ඩිෂනර් සත්කාර කිහිපයක් අත්හදා බලමුද?

අලිගැටපේර සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

අලිගැටපේර 
වර්ජින් කොකනට් ඔයිල්
ඔලිව් ඔයිල්

අලිගැටපේර බ්ලෙන්ඩ් කරගෙන එයට වර්ජින් කොකනට් ඔයිල් හෝ ඔලිව් ඔයිල් තේ හැන්දක් පමණ එකතු කරන්න.
හිසේ ගල්වා සම්භාහනය කර ෂවර් කැප් එකකින් හිස ආවරණය කර මිනිත්තු තිහක් පමණ තබන්න.
ෂැම්පු යොදා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

සතියට දෙවතාවක් පමණ සිදු කළ යුතු මේ ප්‍රතිකාරය ඔබේ කොණ්ඩයේ වියළි සහ අවුල් බව නැති කරන්නට හේතුවක් වෙනවා.අලිගැටපේර වල විටමින් E සහ A පැවතීම එයට හේතුවක්.

මයෝනීස් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

මයෝනීස් මේස හැඳි 5
බිත්තර 2
විනාකිරි මේස හැදි 2
කරන්නේ මෙහෙමයි.

සත්කාරය කරන අන්දම

මයෝනීස් සහ බිත්තර හොඳින් මිශ්‍ර කර ගන්න.
කැමති නම් විනාකිරි ද එකතු කරන්න.
කොණ්ඩයේ හොඳින් ආලේප කරන්න
කොණ්ඩය ෂවර් කැප් එකකින් වසා තබන්න.
උණුසුම් තුවායක් ෂවර් කැප් එක වටා ඔතන්න.
මිනිත්තු විස්සකට පසු උණුසුම් වතුරින් සෝදා හරින්න.

මී පැණි සහ යෝගට් සත්කාරය

අවශ්‍ය දේවල්

යෝගට් මේස හැඳි 2
මී පැණි තේ හැන්දක්.
සත්කාරය කරන්නේ මෙහෙමයි.

සත්කාරය කරන ආකාරය

මී පැණි සහ යෝගට් එකට මිශ්‍ර කරන්න.
කොණ්ඩයේ හොඳින් ආලේප කරන්න.
හිස් කබල හොඳින් මසාජ් කරන්න.
ආලේපය කොණ්ඩයේ මිනිත්තු විස්සක් පමණ තිබෙන්නට හැර ඉන්පසු මඳ උණුසුම් වතුරින් සෝදා හරින්න.

Related Articles

Don't Miss


Latest Articles